දිවයිනේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෙෂ්ත්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී.
ඖෂධ නිෂ්පාදනයේදී රසායනාගාර සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වාම, Hayleys Lifesciences සිය විශ්වාසනීයත්වය තහවුරු කරයි.“අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය මත ශ්‍රී ලංකාව රඳාපවතින අතර එය මෙරට මුදල් රටෙන් පිටතට යාමට මාර්ග විවර කරනවා. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදන කිරීම තුළින් රටට මූල්‍යමය අතින් වාසිදායක වන අතරම මෙරට ජනතාවට මුහුණපෑමට සිදුවන ඖෂධ හිඟයද ඉන් පහව යනවා.”යැයි යනුවෙන් Hayleys Lifesciences නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතුල විජයානන්ද පැවසීය.