සාමාන්‍ය පෙළ විභාගය සමත්වී වසර දෙකක පමණ කාලයක් අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට පෙනී සිටීම යනු ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබීම හෝ උසස් වෘත්තීය සුදුසුකමක් ලැබීමට සුදුසු අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් උදා වනුයේ උසස් පෙළ විභාගය සමත් වීමෙනි. වසර කීපයක් පුරාවට අධ්‍යාපනය හැදෑරුවද දරුවාගේ කේන්දරයේ සඳහන් පරිදි හෝ කර්ම දෝෂයක් එළඹීම හෝ සිදු වුවහොත් අපේක්ෂිත වාසනාව බිඳ වැටේ.
විභාගයට පෙනී සිටින අවස්ථාවේ කායික, මානසික තත්ත්වය ද අනාගතය කෙරෙහි බලපායි. ප්‍රශ්න පත්‍රය අතට ගත් විට ඇතිවන ආතතිය, කුමන ප්‍රශ්න තෝරා ගන්නේ ද යන අවිනිශ්චිතභාවය ද බලපායි. හොඳට පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න තිබියදී යොමුවන ප්‍රශ්න පසුව ඊට වඩා හොඳට පිළිතුරු ලිවීමට තිබුණේ යැයි ඇතැම් සිසුහු පසුතැවිලි වේ. කෙසේ වුව ද විභාග කාලයේ ධාරණය, දැනුම, නුවණ, ප්‍රඥාව පහළ විය යුතුය.
එනිසා දරුවන්ට පිහිට වන ත්‍රිත්වයක් වේ. එනම් ගණ දෙවියන්, සරස්වතී දේවිය සහ ශ්‍රී ලක්ෂ්මී දේවියයි. සරස්වතී දේවිය කලාවට අධිපති ලෙසත් ලක්ෂ්මී දේවිය ධනයට අධිපති ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේ පැවතුණ ද ඇත්ත වශයෙන්ම මේ දෙදෙනාම විද්‍යාවට හෙවත් අධ්‍යාපනයට ද අධිපති වේ.
විභාගාභිමුඛ කාලයේ පුද පූජා තබා අදාළ ස්තෝත්‍ර කියමින් ප්‍රසාදය හා ආශීර්වාදය ලැබීමෙන් ජයග්‍රහණය හා වාසනාව උදාකර ගත හැකිය.
ගණ දෙවියන්ගෙන් මතකය, ධාරණය, බුද්ධිය, ඉගෙනුම ලැබෙන අතර රාහු අපල බිඳේ. සරස්වතී දේවියගෙන් ඥානය, බුද්ධිය, කලාව, ජයග්‍රහණය ලැබේ. එසේම කේතු ග්‍රහ අපල බිඳේ. ලක්ෂ්මී දේවිය ද උගත්කම, දැනුම, ධෛර්ය, ජයග්‍රහණය ලබා දේ.
තවද විද්‍යා ගනේෂ, විද්‍යා ලක්ෂ්මී, විද්‍යා සරස්වතී යනුවෙන් ද විශේෂයෙන් ස්තෝත්‍ර වේ. විද්‍යා යනු අධ්‍යාපනයයි. අධ්‍යාපනය යනු උපාධි, ඩිප්ලෝමා, උසස් සහතික, විශ්වවිද්‍යාල ආදියේ අධ්‍යාපනය හා උගත්කම ලැබීමට හැකි දැනුමයි.
ලක්ෂ්මී අවස්ථාවන්ගෙන් ධෛර්ය, ලක්ෂ්මී ධෛර්ය, ශක්තිය සහ උනන්දුව ගෙන දේ. විජය ලක්ෂ්මී ජයග්‍රහණ අත්කර දේ. භාග්‍ය ලක්ෂ්මී වාසනාව, භාග්‍යය ගෙන දේ. මහා ලක්ෂ්මී සෙනසුරු අපල දුරු කරයි.
මෙසේ මේ දේව ත්‍රිත්වයට ස්තෝත්‍ර කීම, පුද පූජා තැබීම මඟින් රාහු, කේතු, ශනි ග්‍රහ අපල දුරු වී වාසනාව ලැබේ. ගණ දෙවි රූපයක් මැදිකර දෙපස සරස්වතී සහ ලක්ෂ්මී රූප දෙකක් තබන්න. මේ සඳහා ආසනයක් පිළියෙල කර ඇතිරිල්ලක් එළන්න. එහි ගිතෙල් පහන්, මල්, සුවඳ කපුරු පුදන්න. මේ ස්තෝත්‍ර දවසකට වරක් උදේ හෝ සවස කියන්න. තමන්ගේ අපේක්ෂාව ප්‍රාර්ථනා කරන්න.
ගණදෙවි ස්තෝත්‍ර
1. ඕම් ගණේෂාය නමඃ
2. ඕම් තත්පුරුෂායෝ විද්මහේ
වක්‍ර තුණ්ඩාය ධීමහී
තන්නෝ දන්ති ප්‍රචෝදයාත්
3. වක්‍ර කුණ්ඩ මහා කාය
සූර්ය කෝටි සමප්‍රභාම්
නිර්විග්නම් කුරුමේ දේව
සර්වකාර් සුසර වදාම්
4. ඕම් ගජනාත් ජය ගජනාත්
ඕම් විද්‍යා ගණේෂාය නමඃ
5. ඕම් ගණේ ජයාය නමඃ
ඕම් ජය ජය ගණේෂාය නමං
සරස්වතී දෙවඟනට
1. ඕම් ඓං සරස්වතියේ නමඃ
2. ඕම් වාක් දේවියේච විද්මහේ
විරිඤ් ජි පත්තිනියේ ම ධීමහී
තන්නෝ වානීඃ ප්‍රචෝදයාත්
3. සරස්වතී මහාභාගේ
විද්‍යා කමළා ලෝචනී
විශ්වරූපේ විශා ලාක්ෂි
විද්‍යම් දේහි නමොස්තුතේ
4. සරස්වතී නමස්තුභ්‍යම්
වරදේව කාම රූපිනී
විද්‍යා රම්හම් කරිශ්‍යාමි
සිද්ධිර් භවතු මේ සදා
5. සරස්වතී ක්‍රියම් දිෂ්ට
වීනා පුස්ථක ධාරිනී
හංසවාහත සමායුක්තම්
විද්‍යාදානං කුරු මමඃ
මහා ලක්ෂ්මී දෙවඟනට
1. ඕම් හ්‍රීම් මහා ලක්ෂ්මී නමං
2. ඕම් මහා ලක්ෂ්මිඤ්ච විද්මහේ
විෂ්ණු පත්දයිච ධීමහී
තන්නෝ ලක්ෂ්මී ප්‍රචෝදයාත්
3. නිවිධ විද්‍යාම් සම්භාත්‍රීම් – බුද්ධි සිද්ධි ප්‍රදායිනීම්
අමෘත ද්වඃ ප්‍රදාතිඤ්ච – විද්‍යා ලක්ෂ්මී නමාම්‍යම්
විද්‍යා ලක්ෂ්මී නමොස්තුතේ
4. විද්‍යා ලක්ෂ්මී නමොස්තුතේ
බ්‍රහ්ම විද්‍යා ස්වරූපිනී
විද්‍යම් දේහි කලම් දේහි
සර්ව කාමම්ස්ච දේහිමේ
5. ජය ලක්ෂ්මී නමොස්තුතේ
සර්ව කාර්ය ජය ප්‍රදේ
ජයම් දේහි ශුභම් දේහි
සර්ව කාමම්ස්ච දේහිමේ