ජන්ම පත්‍රයක 5වැනි භාවය මඟින් පහත සඳහන් කරුණු ගැන පෙන්වයි. මෙය දාරක ස්ථානයයි. දරුවන් ගැන කියයි. ජන්ම පත්‍රයේ 5 වැනි භාවයට සම්බන්ධ වන විට ජන්මියා විනෝද කටයුතු, උත්සව සංවිධානය, කලාව, නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් මඟින් ප්‍රතිඵල ලබයි. 5 වැනි භාවය විනෝද කටයුතු මඟින් ලබන සතුට, ක්‍රීඩාවන්වලට යොමු වීම, අනුමානයෙන් කරනු ලබන දේවල්, ව්‍යාපාරවල නිරත වීම, ආලය, ආදරය සහ දරුවන් සම්බන්ධ වෙයි. ආගම කෙරෙහි යොමුවී සහ යහපත් මනසක් ඇති වෙයි. ජන්ම පත්‍රයක 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 2 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් සංගීත, විනෝද කටයුතු, ක්‍රීඩා වැනි දේවල් මඟින් ආදායම ලබයි.
5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 3 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් නියෝජිත තනතුරු, කළමනාකරණ කටයුතු ආදිය මඟින් ආදායම ලබයි. 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 4 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් දරුපල අහිමි වෙයි. පෙම් බැඳුම් බිඳී යයි. 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 5 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් උත්සව සංවිධානය, කලාව නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් මඟින් වර්ධනය වෙයි.
5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 6 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් කලාව නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් මඟින් මුදල් තත්ත්වය වර්ධනය වෙයි.
5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 7 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් සහකරුවන් සමඟ යහපත් සම්බන්ධතා පවත්වයි. 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 8 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් බාධක, සිත් තැවුල්, කරදර ආදිය ඇති වෙයි. 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 9 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් ඥානවන්තය. උසස් අධ්‍යාපනයක් ලබයි. 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 10 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් කලාව නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් සම්බන්ධ රැකියාවක් කරයි.
5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 11 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් කලාව නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් සම්බන්ධ දේවල් මඟින් ආදායම් ලබයි. 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් කලාව නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් සම්බන්ධ දේවල් මඟින් මුදල් විනාශ කරයි.
මෙම ජන්ම පත්‍රය හිමි තැනැත්තා ක්‍රිස්තු වර්ෂ 1993 අප්‍රේල් මාසයේ 07 වැනි බුධ දින පස්වරු 02.10ට ජන්ම ලාභය ලබා ඇත. අප මෙම ජන්ම පත්‍රයේ 5 වැනි භාවය පරීක්ෂා කරමු.
මෙම ජන්ම පත්‍රයේ 5 වැනි භාව ස්ඵූටය වෘශ්චික රාශියේ 240 22’ 29“හි යෙදී ඇත. මෙම භාව ස්ඵූටය කුජ ග්‍රහයා හිමි වෘශ්චික රාශියේ බුධ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ රාහු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත.
ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 5වැනි භාවය වෘශ්චික රාශියේ 240 22’ 29“හි සිට ධනු රාශියේ 220 54’ 26“ දක්වා යෙදී ඇත. මෙම භාවය තුළ ග්‍රහයන් තැන්පත්ව නැත.
මෙම ජන්ම පත්‍රයේ 5 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයා වෙයි. මෙම රාහු ග්‍රහයා 5වැනි හෝ 2වැනි හෝ 11වැනි භාවයක නිවේදක ග්රහයෙකු වන්නේ නම් ජන්මියා දරුපල ලැබීමේ වාසනාව ඇත්තෙකු වෙයි. මෙම භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී සහ අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට දරුපල ලබයි.