මේෂ – අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 2, 3, 4,5 යන භාවයන් හරහාය. ධනස්ථානයේ මිත්රශීලීව සඳු හැසිරෙන බැවින් අතමිට මුදල් ගැවසේ. සහෝදර බැඳීම්, මාපියන්ගේ උපකාර දරුවන්ගේ දක්ෂතා වැඩිදියුණු වේ. කරන කියන රැකී රක්ෂා, ව්‍යාපාරවලින් සුබපල හිමි වේ. සහජ දක්ෂතා මතුවන පුණ්‍ය කටයුතුවලින් චිත්ත පාරිශුද්ධත්වය ලබන යහපත් සතියකි. අපල අවම වීමට අඟහරුවාදා දවස නිර්මාංශව කුසගින්නේ සිටින සතෙකුට ආහාර ටිකක් දෙන්න.
සුබ අංක – 7, 9 , සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස – අඟහරුවාදා
වෘෂභ – අන්‍යයන්ගේ සිත් දිනා ගනී
සඳු ගමන් කරන්නේ ලග්නය 2,3,4 යන භාවයන් හරහාය. පොදු වැඩ කටයුතුවලටද දායකත්වය දෙමින් තමන්ගේ ගෘහ ජීවිතය පලදායි අයුරින් ගත කරයි. අන්‍යයන්ගේ සිත් දිනා ගනිමින් ප්‍රශංසාවට ලක්වෙයි. සහජ දක්ෂතාවයෙන් කරනු ලබන ස්වයං රැකියා සහ වචනයේ ප්‍රබලත්වයෙන් කෙරෙන ව්‍යාපාරික, රැකියා අංශවලින් ලාභ උපයයි. ගෙදර දොර පිළිවෙළ, පිරිසිදුකම රැකීමට වෙහෙසෙන සුබ සතියකි. අපල අවම වීම සඳහා පුණ්‍ය කටයුතුවල නියැළෙන්න.
සුබ අංකය – 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා, බදාදා
මිථුන – විදෙස් හිතවතුන්ගෙන් ලාභ ප්‍රයෝජන
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය ගැටලු සහගත විය හැකිය. විදෙස් ගමන්, විදෙස්වල සිට එන හිතවතුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලද හැකි වේ. පොදු සාමාජයීය සුබසාධන, ප්‍රීති උත්සව ආදියට සහභාගී වේ. පුණ්‍ය කටයුතු සිදු කෙරෙයි. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකි ආර්ථික ශක්තියක් ගොඩනැඟෙන වාසනාවන්ත සතියකි. අපල අවම කරගැනීමට අසරණ අයට පිළිසරණ වන්න.
සුබ අංක – 3, 5 , සුබ වර්ණ – කොළ, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කටක – ඥාති හිතවතුන්ගේ උපකාර
සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2, යන භාවයන් හරහාය. 11 වැන්න වූ අයස්ථානයේ මිත්රශීලීව ගමන් ගන්නා සඳු ඔබට ආර්ථිකය ශක්තිමත් කර දෙයි. ඥාති හිතවත් අයගෙන් උපකාර ලැබ දෙයි. වචනයේ ප්‍රියමනාප බව තුළින් සේවක සහ වෙනත් අයගෙන් ප්‍රසාදය හිමි වෙයි. දරුවන්ගේ දක්ෂතා වැඩිදියුණු වන පුණ්‍ය කටයුතුවලට දායකත්වය ඇත. සුබ සතියකි. අපල අවම වීමට සුදු මල් පූජා කර පත්තිනි දේවියට පින් දෙන්න.
සුබ අංක – 7,9 , සුබ වර්ණය – සුදු, සුබ දවස් – සඳුදා, බ්‍රහස්පතින්දා
සිංහ – රැකියා ව්‍යාපාර දියුණුව
සඳු ගමන් කරන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් හරහාය. රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. රැකියා සඳහා ගමන්බිමන් වැඩි වේ. විදෙස්ගත වීම්, විදෙස්වල සිටින අයගෙන් උපකාර හිමි කර දෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. කීර්තිය ගෞරවය ප්‍රසාදය සහිත යහපත් දිවියක් ගත කරයි. අපල අවම වීමට උදෙන්ම පැන් වීදුරුවක් බුදුන්ට තබන්න.
සුබ අංක – 1, 4 , සුබ වර්ණ – රතු, සුබ දවස් – අඟහරුවාදා
කන්‍යා – පුණ්‍ය සිතුවිලි පල දරයි
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍යස්ථානයේ සඳු හැසිරෙමින් ආරම්භ වන සතිය ඔබට සුබ පල පමුණුවයි. අසරණ අයට පිහිටක් වීමට ඉදිරිපත් වෙයි. වෙහෙර විහාරස්ථානවලට යුතුකම් ඉටු කෙරෙයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ඇති සහ ගමන්බිමන් අධික වේ. දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනාද ඉටු කෙරෙන සුබ සතියකි. අපල අවම වීමට කුඩා දරුවනට ආදරය කරුණාව දක්වන්න.
සුබ අංක – 5, 7 , සුබ වර්ණ – කොළ , සුබ දවස් – බදාදා, සිකුරාදා
තුලා – දරුවන්ගේ අධ්‍යාපන දියුණුව
සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට පුළුවන. ඉන්පසු පුණ්‍ය කටයුතුවලට සහභාගීත්වය ඇති රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන වාතාවරණයක් පවතී. ගමන් බිමන් අධික වේ. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු අධ්‍යාපනය ප්‍රතිඵලදායකය. අපල අවම වීමට අසරණ අයට කෑම වේලක් පිරිනමන්න.
සුබ අංකය -6, සුබ වර්ණ – රෝස, ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික – ගෘහ දිවියේ සතුට
සදු ගමන් කරන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර පොදු සමාජ සේවා පුණ්‍ය කටයුතු ආදියට අවතීර්ණ වී ඒ සඳහා වෙහෙසෙයි. ආර්ථිකය ශක්තිමත් බවක් පෙන්වයි. ගෘහ ජීවිතයේ සතුට සැනසීම ඇත. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය තුළ ප්‍රගතියක් ඇති කරයි. අපල අවම වීමට ශල්‍යකර්මයකට හෝ අක්ෂි රෝගයකට බඳුන් වූ අයෙකුට පිහිටවන්න.
සුබ අංක – 7 , සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – සිතට සැනසිලිදායක බවක් ගෙන දේ
සඳු ගමන් ගන්නේ 6,7,8,9 යන භාවයන් හරහාය. අසනීප සතුරු කරදර අවම වී ගෙවන සැනසීලිදායක සතියකි. එහෙත් කනගාටුදායක අවස්ථාවන් මුණගැසේ. රැකියා ව්‍යාපාරවලින් ලාභ උපයයි. ඉක්මන් වීම නිසා සුළු අනතුරු ඇතිවිය හැකියි. ඉවසීමෙන් කටයුතු කරන්න. පොදු සමාජ වැඩවලට සහභාගිත්වය ඇති පුණ්‍ය කටයුතුවලටද යොමු කෙරෙන දින කීපයකි. අපල අවම වීමට අන්තරාය නිවාරණ පිරිත කියන්න.
සුබ අංක – 8, 9, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා
මකර – අසනීප – අපල අවම වේ
සඳු ගමන් කරන්නේ පූර්ව පුණ්‍යස්ථානය වන 5, 6, 7, 8 යන භාවයන් හරහාය. සතුටින් සහ පලදායිව ගෙවන දින කීපයකි. අසනීප අපල අනතුරු අවම වේ. ධෛර්යසම්පන්න සහ පුණ්‍ය කටයුතු සිදු කිරීමෙන් ලෝකෝත්තර සුවය සලසාගන්නා බවක් දැක්වේ. දරුවන්ගේ එකමුතුව දායකත්වයද ලැබේ. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර දෙන්න.
සුබ අංක – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සෙනසුරාදා, සිකුරාදා
කුම්භ – පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෙදරදොර පිරිසිදු කිරීම් සහ පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ කටයුතු සලසා ගනී. දරුවන්ගේ කටයුතුවලට මුල්තැනක් දෙයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. කා අතරත් සුහදතාව රඳවාගෙන බුද්ධිමත්ව ජීවිතය පවත්වා ගනී. අපල අවම කරගැනීමට තිරිසන් සතුනට ආහාර දෙන්න.
සුබ අංක – 8, 9 , සුබ වර්ණ – නිල්, සුබ දවස – සිකුරාදා
මීන – සහජ දක්ෂතා තුළින් පල ප්‍රයෝජන
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහජ දක්ෂතාවලින් පල ප්‍රයෝජන ගත හැකිය. සහෝදර උපකාර හිමි වන ගෙදර දොර දියුණුවට වැඩ කටයුතු සැලසෙන දින කීපයකි. ලෙඩ රෝග අවම වෙයි. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතියද දැක්වෙයි. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් ගෙන දෙයි. අපල අවම වීමට සංඝයා වහන්සේට ගිලන්පස පිළිගන්වන්න.
සුබ අංක – 3, 9 , සුබ වර්ණ – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා