ඉසිවර ජ්‍යොතිෂ සංග්‍රහයෙන් මෙවර සඳහන් කරන්නේ නිවසේ ඇතුළත පිහිටීම ගැනයි. නිවසේ ඉතාම වැදගත් අංශය වන මුළුතැන්ගෙය හෙවත් කුස්සිය තිබිය යුත්තේ ගිනිකොන (අග්නිකාරකීය) දිසාවේය. එසේ නොමැතිනම් වයඹ දිසාව සුදුසුය. නිවසේ හරි මැද බිත්තියක් තිබීම අසුබය. විශේෂයෙන්ම මධ්‍ය ලක්ෂ්‍ය බ්‍රහ්මපාදය අවහිර නොවන සේ තිබීම අනිවාර්ය වේ. නිදන කාමර උතුර හා දකුණට සුබයි. තවද නිවසට රවුම් හැඩැති බිත්ති අයහපත්ය.
ප්‍රධාන දොරට පියන් දෙකක් සුබයි. තනි පියනක් නම් කැටයම් තිබීම විශේෂයි. තවද නිවසේ ඉහළ මාලයේ ලම්බකව උළුවස්සක් හෝ ජනේලයක් තැබීම සුදුසු නැත. නිවසේ හරි මැදට මධ්‍ය ලක්ෂ්‍යයට තරප්පු යෙදීම අසුබය. මුල් ගල මධ්‍ය ලක්ෂ්‍යයේ තීබිම අසුබයි. බ්‍රහ්ම පාදයට හසුවන නිසා වහල පහක් තිබීම ඉතාම යෝග්‍ය වේ. තවද නිවස තුළ කුඩා දොරටු තැබීමත් විශේෂයෙන්ම ආරුක්කු තිබීම අසුබයි.
දොරටු ඔත්තේද 3, 5, 7, 9, 11ක් ද සුබයි. ජනේල 2,4,6,8,10 ආදී ලෙස ඉරට්ටේ සංඛ්‍යාවලින් යෝග්‍යවේ.
* ත්‍රිකෝණ ඉඩමක දෙපැත්තේ මාර්ග දෙකක් නම් එය අසුබය. ගෘහමූලිකයාගේ නැකතට නිවස සෑදීමට සම්පත් සේම මෛත්‍රී පරම මෛත්‍රී යහපත්ය.
* නිවස ඇතුළත ළිඳ තිබීම මහා විනාශයකි. ළිඳ කැපිය යුත්තේ අනුර, මා, හත, දෙනට, උත්‍රපල, උත්‍රපුටුප, රෙහෙණ යන නැකැත්වලින්ය.
* නිවසේ ඇතුළුවීම සහ පිටවීම උතුර හා දකුණ අසුබයි. (සතුරු බිය සහිතයි)
* නිවසකට අලුතින් කාමර ගැනීමේදී පොරෝ ඇල් හැඩැතිව ගැනීම අසුබයි.
* මුදල් තැබිය යුත්තේ ද උතුරු දිසාවේය.
* නිවසේ බ්‍රහ්ම පාදය පූජනීය තැනක් ලෙස තැබීම ඉතාම සුබය. බිත්තිය උඩ තබන යට ලීයට ගැළපෙන මූට්ටු ක්‍රමය කිඹුල් තැල්ල සුබයි.
* උළුවස්සක උස පළල මෙන් දෙගුණයක් විය යුතුය. උළුවහු තුනක් එකට තැබීම අසුබයි.
* නිවසේ ප්‍රධාන දොරටුව හරි කෙළින්ම මැදට එල්ල වන සේ තැබීම අසුබයි.
* ප්‍රධාන උළුවස්ස මැදින් මුදුන් යට ලීය තැබීම ඉතාම අසුබයි. පෝරණුව පිටතට වැඩියෙන් පැන්නීම අසුබයි. වර්ගඵලය වෙනස් විය හැක. පොරෝ තලයක හැඩයක් තිබීම සුබ නැත.
* රාහු කාලය ඇතුළත නිවාස වැඩ ඇරඹීම අයහපත් වේ.
* නිවසේ අත්තිවාරමේ සිට ළිඳ සහ අපද්‍රව්‍ය එකතු වන වළවල් කැපීමට නියමිත අඩි හෝ රියන් ගණනක් සුබ අන්දමට යොදා ගැනීම යහපත්ය.
* කාලීන වශයෙන් නිවස සමග බැඳුණ සමහර මිථ්‍යා මත නිසා නිවැසියන් මානසිකව පීඩාවන්ට පත් වන බැව් පෙනේ. කුස්සිය ගෙබිමට වඩා පහත් වීම. බටහිර දිසාවට නිවසේ මුහුණත තිබීම. බටහිරට හිස දමා නිදා ගැනීම (උතුරට හිස දමා නිදා ගැනීම ශරීර සෞඛ්‍යයට හානි කර වේ.)
උතුරට දොරවල් සුදුසු නැති, මුදුන් ලී වැසිකිළිවලට උඩට වැටීම, මුදුන් ලී ළිඳට සමාන්තර වීම, නිවසේ මුදුන් බිත්තියට ඉහළින් චිමිනිය නැඟීම, නිවස එකම තලයක තිබීම, මේසන් බාස් උළුවහු පැනීම, නිවසේ ඇතුළත කණු වේද වීම. (වේද වන්නේ ඉදිරිපිට කණු පමණයි) ප්‍රධාන දොරට ජනේලයට ඉහළින් යට ලී බාල්ක පරාල එල්ල වීම නුසුදුසු බවද යන කරුණු නිවැසියන්ට ඉතාම අහිතකර දෝෂ ඇතැයි ප්‍රකාශ කිරීම නිසා මානසිකව ඇද වැටේ. මේවායේ වාස්තු විද්‍යාත්මක කරුණු ගැඹුරින් නිරීක්ෂණය කළ යුත්තකි.
වාස්තු විද්‍යානුකූලව නිවස තුළ කාමර වෙන් කිරීමේදී දිසාවන් වැදගත් වේ.
උතුරු දිසාව – මිල මුදල් හා රන් රිදී වර්ග
ඊසාන – ආගමික වතාවත් කිරීම
නැඟෙනහිර – ස්නානය
දකුණ – නිදන කාමර
නිරිත – තරුණ අයට වාසයට
බස්නාහිර – කෑම කාමරයට
වයඹ – මුළුතැන්ගෙයට යෝග්‍ය වේ. දියණියන් සඳහා ද සුදුසුය.
වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකර ගැනීමේදී පැරණි කාලයේ ඉඩම්වල ප්‍රමාණය වැඩිය. මේ වන විට පර්චස් 10,5,3,2 වැනි තත්ත්වයට නාගරිකව ද අර්ධ නාගරිකව මෙන්ම ගැමි පාරිසරික වපසරියක් තුළ ද නිවසක් ඉදිකර ගැනීමට සිදු වී තිබෙන බැව් වඩාත් පැහැදිලිය. අනාගතයේදී අධිකව ජනාකීර්ණ වීම නිසා කොන්ක්‍රීට් කණු හයක් හෝ සතරක් මත පර්චස් 1 හෝ 2ක ප්‍රමාණයේ ඉඩම් කැබැල්ලක ‘ස්ලැබ්‘ එකක් දමා උඩුමහල තුළ පමණක් නිවසක් ගොඩනැඟීමට සිදුවේ යැයි සිතිය හැක. උඩු මහලට නැඟීමට තරප්පු පියගැට පෙළක් යොදා පහත බිම වාහනය ගාල් කරන තැනට පත්වේ යැයි උපකල්පනය කළ හැකිය. කරුණු කාරණා කෙසේ වෙතත් සිරුරේ හැඩයට ප්‍රමාණයට ඇඳුමක් මසන්නාක් මෙන්ම ඉඩමේ ප්‍රමාණයට හැටියට නිවසක් ඉදිකර ගැනීමට අනාගතයේ සිදුවන බව නම් වඩාත් පැහැදිලිය. කෙසේ වෙතත් අපේ දේශීය වාස්තු විද්‍යාවට එකඟව නිවසක් ඉදි කළ යුතු වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල