රට ගොඩනැඟීමේ අවංක භාවයක් මේ රජයෙන් නොදකින බවත් දේශීය ආර්ථිකය නඟාසිටුවීම සහ වර්ධනය කිරීම රජය සතු වගකීමක් බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කළ නොහැක්කක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් පවසයි.
වත්මන් රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘රටක බදු අය විය යුතුයි. එසේම හිතවතුන් බදු දැලට හසු නොවන ආකාරයේ ප්‍රතිපත්ති ඉවත් කළ යුතුයි. රජය කරන්නේ ඉහළ පන්තියේ පිරිසගෙන් බදු අය නොකර ජනතාව පිඩාවට පත් කරන ආකාරයට බදු අය කිරීමයි.
ක්ෂුද්‍ර ආර්ථිකය විනාශ වන මට්ටමින් බදු වැඩි කිරීමෙන් රටේ ආර්ථීක උත්තේජනයට බාධා සිදු වෙනවා. මේ අවිනිශ්චිතභාවය නිසා ඉදිරියේදී රටට එන ආයෝජන නවතින්න පුළුවන්. දැනට ආයෝජන අත්හිටුවලා තියෙන්නේ. මැතිවරණය මාස කිහිපයක් තුළ ඉවර කරනවා නම් රටට වඩා යහපත් වෙනවා. ජනතාව බුද්ධිමත්ව ගනු ලබන තීන්දු මතයි අපේ අනාගතය රඳා පවතින්නේ. ඒ නිසා අපේ අදහස මේ රටේ ඉක්මනින් මැතිවරණයක් පැවැත්විම මූලිකව කළ යුතු කාර්ය බවයි.
සුභද්‍රා දේශප්‍රිය