Home » සිරිපා වන්දනා සමයට විශේෂ දුම්රිය හා බස් සේවාවන්

සිරිපා වන්දනා සමයට විශේෂ දුම්රිය හා බස් සේවාවන්

by Mahesh Lakehouse
December 23, 2023 12:36 am 0 comment

එළඹෙන දෙසැම්බර් 26 වැනි දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් විශේෂ දුම්රිය සහ බස් රථ සේවා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

සිරිපා වන්දනාවේ නිරත වන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සිය සේවාවන් අංශ කිහිපයක් යටතේ පෙළ ගස්වා ඇත.

ඒ අනුව දැනට ධාවනය වන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටත්, සිරිපා වන්දනා සමය, දෙසැම්බර් පාසල් නිවාඩුව සහ නත්තල් නිවාඩු සමයට සමගාමීව වන්දනා සහ විනෝද චාරිකාවල යෙදෙන මගින්ගේ ගමන් පහසුව වෙනුවෙන් දෙසැම්බර් 22 සිකුරාදා සිට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට මහනුවර දක්වාත් වි‍ශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම සිරිපා වන්දනාවේ නිරතවන වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලා පහසුකම් සලසා ඇති අතර හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වාත්, නල්ලතන්තිය සිට හැටන් දක්වා ශ්‍රීලංගම බස්රථ මඟීන් ඒකාබද්ධ බස් හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.

සිරිපා වන්දනාවේ නිරත වන වන්දනාකරුවන් වෙනුවෙන් අදාළ කාලය තුළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුව වෙනුවෙන් අමතර ප්‍රවේශපත්‍ර කවුළු විවෘත කර තබන අතර සති අන්තයේ සහ දීර්ඝ සති අන්ත නිවාඩු දිනවල දැනට ධාවනය වන දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය ධාවනයේ යෙදවීමටද සැලසුම් කර තිබේ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවාවක් සැලසුම් කර ඇත. වාර්ෂිකව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී පාද වන්දනා චාරිකා විශේෂ බස් රථ සේවය මෙවර වන්දනා සමය වෙනුවෙන් දෙසැම්බර් 26 වැනිදා සිට ආරම්භ කෙරේ.

ලංගම බස් රථ ආසන වෙන් කර ගැනීම අන්තර්ජාල පහසුකම් ඔස්සේ sltb.eseat.lk හා 1315 අංකය මඟින් සිදු කර ගත හැක. ලංගම ක්ෂණික දුරකථන අංක 1958 ඔස්සේ හෝ 0771056032 ට ඇමතීමෙන් මෙම සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division