– දුප්පතාගේ හිතවතා දුප්පතා නෙමෙයි. දුප්පතාගේ හිතවතා උගතායි
– 2023 වන විට ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 116 වතාවක් සංශෝධනය වුණා. ඒ වෙනුවෙන් කේවල් කළේ නැහැ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලංකාවට ලබා දීමට නියමිත දෙවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 337ක මූල්‍යමය පහසුකම ලබා දීමට අනුමැතිය හිමිව තියෙනවා. රජය මේ දක්වා පැමිණි දුෂ්කර ගමන් මඟ පිළිබඳව සඳහන් කළොත්?
රනිල් වික්‍රමසිංහ නම් වූ ජාතික නායකත්වය භාර ගත්තේ බංකොලොත් වූ රටක්. ගමේ ජනතාවට තේරෙන භාෂාවෙන් පවසනවා නම්, කුඩා ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවපු බැංකු ණයක් කෙනෙකුට ගෙවාගත නොහැකි වූ විට ඒ ව්‍යාපාරිකයා ක්‍රිබ් එකට වැටෙනවා. ඒ තත්ත්වය මත ඔහුට යළිත් කිසිදු බැංකුවකින් ණයක් ගන්න ලැබෙන්නේ නැහැ. අඩුම වශයෙන් පොලී මුදලාලි කෙනෙකුවත් ණයක් ලබා දෙන්නේ නැහැ. ඒ ඔහුගේ බංකොලෙත් බව නිසා. රටකට වුවත් මේ තත්ත්වය පොදුයි. රටක් ලෝකය ඉදිරියේදි තමන් ගත් ණය නොගෙවන ජාතියක් බවට පත් වූ විට ඒ රට සැලකීමට පාත්‍ර වන්නේ නැහැ. ඒ නිසා තමයි 2022 අප්‍රේල් මස 12 වැනිදා ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිවේදනය කළ පසුව අපේ තරුණ තරුණියන් ගුවන් තොටුපළින් පිටව යද්දි අපේ පාස්පෝට් එකත් බංකොලොත් රාජ්‍යයක පාස්පෝට් එකක් බවට පත්වුණේ. නමුත් අද වන විට බංකොලොත් නැති පාස්පෝට් එකක් අපිට යළිත් හිමි වුණා.-
ලොව රටවල් බංකොලොත් වූ පසුව වසර 6ක් 8ක් පමණ ගියත් නැවත ගොඩ ගන්න අපහසුයි. නමුත් අපේ වාසනාවට රටක් ජාතියක් වැනසෙන විට අපේ රටේ ලාංකික ජාතික නායකයෝ 125ක් පමණ මරා දමන විට රනිල් වික්‍රමසිංහ මරා දමා තිබුණේ දේශපාලන වශයෙන්. මේ වන විට එතුමා තමන්ගේ යුතුකම ඉෂ්ට කර තියෙනවා, වසර එක හාමාරක කෙටි කාලයක් තුළ. අද වන විට අපේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිගන්නා තත්ත්වයට පත් වී තියෙනවා. 2021,2022, 2023 ලෝක ආධාර යටතේ නැවති තිබූ සියලු ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවැනි දුෂ්කර මාවතකටයි අපි පිවිසියේ.
රට පත්ව ඇති ආර්ථීක අර්බුදයෙන් මිදෙන්න වෙනත් පාරක් නොමැති බව ඔබ පවසනවා. ඉදිරියටත් යායුත්තේ මේ ගමන් මාර්ගයෙන්ම පමණක්ද?
ඉදිරියේදී බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතුයි. නැවතත් අපේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. මේ හරහා විදුලි බිලත් අඩු කිරීමකට ලක්කර භාණ්ඩ මිල පමණක් නොව ජනතාව පීඩාවට පත්ව ඇති බැංකු පොලී අනුපාත අඩු කර ඉදිරියට යායුතුව තිබෙනවා. නමුත් මේ තත්ත්වය කඩාකප්පල් කළොත් රට නැවතත් ගොඩ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි යා යුත්තේ මේ මාවතෙයි. අපිට ආධාර දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට, ජයිකා ආයතනයට මෙන්ම 42% වැනි වැඩියෙන්ම ණය ගත් චීනයට මුදල් ගෙවන ආකාරය මෙන්ම අපේ ඉදිරි ගමන පැහැදිලි කර දිය යුතුයි. මේ මාවත හැර වෙන මාවතක් නොමැති නිසයි රනිල් වික්‍රමසිංහ ජාතික නායකත්වය ජාතික සභාවක් පිහිටෙව්වේ. තමන්ගේ වෙනස්කම්, තමන්ගේ දේශපාලන ව්‍යාපාර හානි නොකර එසේම තබා ගනිමින් ජාතික වැඩපිළිවෙළට එකඟ විය යුතු බවයි, එතුමා කළ ඉල්ලීම. රටේ ජනගහනයවත්, විශාලත්වයවත් අදාළ වන්නේ නැහැ,ලොවක් පළමු තැනට පත්වීමට. අදාළ වන්නේ නව තාක්ෂණය මුසු කරමින් ඉදිරියට යාමයි. මේ ගමනේදි කුඩා රටවල් ආර්ථික වශයෙන් බලවත් වෙනවා. ලෝක බලවතෙක් වෙන්න නම් අපි මේ ගමන කල්පනාවෙන් යා යුතුයි.
පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම හරහා ලැබුණු ප්රතිලාභ ගැන සඳහනක් කළොත්?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27,28 හා 29 වගන්තිවල සඳහන් වන්නේ ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් හා යුතුකම් ඉටු කරන ආකාරයයි. එහි 29 සඳහන් වන්නේ ඉහත කියූ කරුණු ඉටු කළත් නොකළත් කිසිදු අධිකරණයක් ලවා ඉටු කරවා ගත නොහැකි බවයි. කිසිදු අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් පවා ඉදිරිපත් කළ නොහැකියි. එය ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාවට යොදා ඇති වගන්තියක්. ඉන්දීය ව්‍යවස්ථාවට අනුව නම් 37 වැනි වගන්තියේ එයම සඳහන් වෙනවා. ජපානයේ ව්‍යවස්ථාවෙත් එයම සඳහන් වෙනවා. මේ තත්ත්වය වත්මන් නායකත්වය ශක්තිමත් කර තියෙනවා. ඔහු පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක් ගෙනැවිත් තියෙනවා. ඒ අයවැය කාර්යාලයේ ආර්ථික විශේෂඥයෝ බඳවා ගැනීම් කරනවා. මහජනතාව තෝරා එවන පාලකයින්ට මූල්‍ය පාලන හැකියාව තිබිය යුතුයි. මේ මූල්‍ය පාලනය අසාර්ථක වීම නිසයි රටක් බංකොලොත් වන්නේ.
ඔබ පවසනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලයට ගැළපෙන පරිදි සංශෝධනයට ලක්විය යුතුයි කියා. කොහොමද එය වෙනස් විය යුත්තේ?
කොවිඩ් අර්බුදයත් සමඟ 2022, 2023 ලොව බොහෝ රටවල අණ පනත් වෙනස් වුණා. අපේ රටේ ව්‍යවස්ථාවටත් සංශෝධන 100ක් ගෙන ආ යුතුයි. සංශෝධන 200ක් ගෙනෙන්න තියෙනවා. ලෝකයට ගෙන යාමට හැකි පරිදි 500 වතාවක් පමණ මාරු කළ යුතුව තිබෙනවා. අපිට ආසන්න ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2023 වන විට 116 වතාවක් සංශෝධනය වුණා. නමුත් ජනතාව කියන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වතාවක් සංශෝධනය වූ බවයි. ඇත්තෙන්ම ඒ ප්‍රමාණය මදි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ වෙනස්කම් සමඟ ඒ ඒ වසරේ අදාළ වෙනස්කම් සිදු කළ යුතුයි. ව්යසවස්ථාවක් කියන්නේ සදාකාලික ලියැවිල්ලක් නෙමෙයි. එය වෙනස් කර ලොවක් සමඟ තරඟ කළ හැකි මාර්ගයකට යා යුතුයි.
වත්මන් ආර්ථික අර්බුදයෙන් තවමත් රට මුදා නොගත් බවට විපක්ෂය චෝදනා කරද්දි, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් නායකත්වයක් නොමැති බව ඔබ පවසනවා?
ජනාධිපතිවරයාගේ විශේෂ සුදුසුකමක් වන්නේ ලොව කිසිදු නායකයකුට එතුමාට ඇති දැනුම හා පළපුරුද්ද නැහැ. ඔහු වසර 60ක් වෘත්තියෙන් දේශපාලනඥයෙක්. එසේම වසර වසර 60ක් වෘත්තියෙන් ආර්ථික විශේෂඥයෙක්. රටක් වැනසෙන අවස්ථාවේ බිහි වූ මෙවැනි ජාතික නායකත්වයට ජනතාව කියන්නේ පින් ජනාධිපති කියාලා. ඒ පින් ජනාධිපති නිසා තමයි, ලාංකික ජනතාව හිඟමනේ යාම නැවතුණේ. එදා ඉන්ධන පිරවුම්හල්වලට තෙල් බවුසරයක් ආවහම අප්පුඩි ගැහුවා. ගෑස් ලොරියක් දැක්කහම පස්සෙන් දිව්වා. කන බොන භාණ්ඩ දැක්කහම අප්පුඩි ගැහුවා. අද භාණ්ඩ ගන්න තියෙනවා. නමුත් මුදල් වැඩියි. නමුත් මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික නායකත්වයට බාධා නොකර සිටියොත් මේ තත්ත්වය වෙනස් වේවි. එතුමා කිව්වා සංචාරක ව්‍යාපාරය ලක්ෂ 50ක් ආවොත් මේ ප්රශ්නය අහවර කළ හැකි බව. නමුත් මේ දේවල් කියද්දි සමහර පිරිස් අපහාස කරනවා. අපිට ණය දෙන රටක් බවට පත්විය හැකියි. ණය ගෙවලා ශක්තිමක් ආර්ථිකයක් තිබෙන රටක් බවට පත්වීමට හැකියි. වැඩ වර්ජනයකින් ජාතියට අහිමි වන දෙයක් නැහැ. මේ බළල් අත් තියෙන්නේ විදේශවල. මේවා වසා දැමූ පසු වාසිය යන්නේ වෙනත් විදේශ රටවලට. අපේ රටේ එක කර්මාන්තයක් වැසෙනවා කියන්නේ ඒ රටවල ව්‍යාපාරයන් දියුණු වීමයි. මේ තත්ත්වය අපේ ජනතාව තේරුම් ගත යුතුයි. සියලු දෙනා එකතු වී ජනාධිපතිවරයාට තව වසර 12ක් ඉදිරියට රට ඉදිරියට ගෙන යාමට ඉඩ දෙන්න. එවට ලංකාව ආසියාවේ බල සම්පන්න ජාතියක් බවට පත් කිරීමට එතුමාට හැකි වෙයි.
ඔබ පැවැසුවා එතුමා ඡන්ද ලක්ෂ 100ක් ලබා ගන්නා බවට?
ඡන්ද ලක්ෂ 100ක් එතුමා ගන්නවා කිව්වේ විහිළුවකට නෙමෙයි. මේ රටේ කන බොන ජනතාව යුතුකම් ඉෂ්ට කරනවා නම් ඒ සියලු ජාතීන් මේ නායකත්වයට ඡන්දයක් දිය යුතුයි.
ලබන වසර මැතිවරණ වසරක්. කොහොමද සූදානම ?
රටේ ජනතාව කල්පනා කළ යුතුයි, ජනාධිපතිවරණ ධුරවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව. රටක් කරන්න බැරි අය මේ සඳහා ඉදිරිපත් වීම වැරදි දෙයක් ලෙසයි මම දකින්නේ. එළැඹෙන 2024 සැමට විශාල වගකීමක් පවතිනවා. රනිල් වික්‍රමසිංහ ජාතික නායකත්වයට වසර 35ක් මේ පුටුවට එන්න නොදුන්නේ විදෙස් බලවේග. මේ රටේ පාලකයා ශක්තිමත් පාලකයකු වුවහොත් ජාත්‍යන්තරයට බාධාවක්. රනිල් වික්‍රමසිංහ වසර 35ක් මේ පුටුවට ඒම වැළැක්වූයේ විදෙස් බලවේග. අපි ඒවට විරුද්ධවයි ක්‍රියාත්මක වන්නේ. සෑම දේශපාලන බලවේගයක්ම මේ අවස්ථාවේ ජාතික එකඟතාවක් සඳහා අවශයයි. එය පැහැර හැරියොත් අපේ දරුවන් ලෝකය ඉදිරියේ හිඟන්නන් බවට පත්වෙයි. දුප්පතාගේ හිතවතා දුප්පතා නෙමෙයි. දුප්පතාගේ හිතවතා උගතා යි. 2024 වසරේදි රනිල් වික්‍රමසිංහ ජාතික නායකත්වය ශක්තිමත් අනාගතයක් උදා කිරීම වැළැක්විය නොහැකියි.
ඔබ පවසන පරිදි 2024 වසර පරිවර්තනීය වසරක් වෙයිද ?
2024 ගැන කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැහැ. 2024 ඉදිරියට යැමට නම් සියලු දෙනාගේ එකඟතාව අවශ්‍යයයි. දේශපාලන වෙනස්කම් තබා ගනිමින් ජාතික එකඟතාවකට යා යුතුමයි. ඊට යා යුතු වෙනත් පාරක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, 42%ක ණය ඇති චීනය මේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. මහජනතාවට අමාරුයි. ජනතාව අමාරුවේ වැටුණේ සත්‍යය පිළි නොගැනීම නිසා. අපි පැරදුණත් ඇත්ත කිව්වා. ජනතාව අපි කියන දේ පිළිගත්තේ නැහැ. අපිවත් එළවලා කුණු බක්කිවලට වැටුණා. නැවත ඒ වැරුද්ද කරලා අපිට චෝදනා කරන්නත් එපා.
සුභාෂිණි ජයරත්න