මේ දිනවල තිරගත වන මේක පුදුම කතාවක් චිත්‍රපටය සහ කිරීටය වේදිකා නාට්‍ය හරහා ඔබ හමුවට පැමිණෙන ඔහු රංගන ශිල්පී බුද්ධික හසිතයි. නිවේදකයෙක්, අංගරචනා ශිල්පියෙක් මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් ලෙස ද කටයුතු කරන බුද්ධික ගැනයි මේ කතාබහ.
කොහොමද මේ දවස්වල ජීවිතේ ?
මේ දවස්වල ජීවිතේ නම් ටිකක් කාර්යබහුලයි. විශේෂයෙන්ම මේ දිනවල තිරගත වන මේක පුදුම කතාවක් චිත්‍රපටයට සහ කිරීටය වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වැඩ කටයුතු අතරතුර සියල්ල සමබර කර ගනිමින් ජීවිතේ සතුටින් ගතකරනවා.
මුලින්ම කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැඛෙන්නෙ කොහොමද?
මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ වේදිකාවට. ඒ ජාතික තරුණ සේවා සභාව හරහා පැවැත්වූ නාට්‍ය උලෙළක් වෙනුවෙන් රංගනයෙන් දායක වෙමින්. පසුකාලීනව තමයි මම පුංචි තිරය සහ සිනමාවට සම්බන්ධ වෙන්නේ.
පාසල් කාලෙදී කලාවට සම්බන්ධ වෙන්න අදහසක් තිබුණද?
ඔව්. ඒක මගේ කුඩා කාලෙ ඉඳන්ම තිබුණ හීනයක්. පාසල් අවධියෙත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. නළුවෙක් වෙන්න තමයි බලාපොරොත්තුව තිබුණේ.
ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඒ ගැන නම් ලොකු සතුටක් තියෙනවා. මම හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි අපි මේ කරන සෑම නිර්මාණයක්ම අරමුණු කරන්නේ ප්‍රේක්ෂකයන්ව. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි අපේ ලොකුම සතුට.
රංගන ශිල්පියෙක් විදිහට ඔබ කැමැති මොනවගේ චරිත නිරූපණය කරන්නද?
විවිධාකාර චරිත ලැබෙනවට මම කැමැතියි. නමුත් දුෂ්ටයාගේ භූමිකාව නිරූපණය කරන්න ලොකු කැමැත්තක් තියනවා. මිට පෙර අවස්ථාවලදිත් දුෂ්ටයාගේ චරිත කීපයක්ම නිරූපණය කළා. මම හිතනවා ඒ චරිතවලට මම සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත් ?
මේ වෙනකොට නිර්මාණ කීපයක් වෙනුවෙන් ආරාධනා ලැබිලා තිෙයනවා. ඉදිරියේදී මගේම නිර්මාණ කීපයක් කරන්නත් අදහසක් තිෙයනවා. විශේෂයෙන්ම පුංචි තිරය වෙනුවෙන් නිෂ්පාදන කටයුත්තක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.