1.7K
ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උලෙළේදී Earthfoam කළමනාකාර අධ්යක්ෂ ජානුක කරුණාසේන වෙත සම්මානය පිරිනමන ලදි. පසුගිය කාලය පුරා ඔවුන් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇත. Global Organic Textile Standard, Oeko-Tex Standard 100, GOLS සහ Fair for Life ඒ අතරින් කිහිපයකි.