රත්නපුර දිස්ත්‍රික්කයේ යතුරුපැදි අලුත්වැඩියා සේවාවේ නියුතු කාර්මික ශිල්පීන්ගේ සුබසාධනය වෙනුවෙන් ” ලිබර්ටි සුබ සාධක සංගමය “ආරම්භ කිරීම පසුගිය දා කුරුවිට යුද හමුදා කඳවුර ක්‍රීඩා පිටියේ දී සිදු විය. ලිබර්ටි මෝටර්ස් අධිපති රවුෂාන් ලුතුෆි ඇතුළු ආරාධිතයින් අතින් සහභාගි වූ දරුවන් සඳහා පාසල් උපකරණ හා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගි වූ යතුරුපැදි කාර්මික ශිල්පීන්ගේ පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා වූ දරුවන් 98ක් සඳහා පාසල් උපකරණ පිරිනැමිනි. තම ආයතනය ලබන ලාභය දිනපතා ගණනය කොට ඉන් කොටසක් පාරිභෝගික සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම තම සිරිත බව මෙහිදී රවුෂාන් ලුතුෆි පැවසීය. එමගින් එකතු වන මුදල ප්‍රදේශයේ පොදු හා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව උදව් උපකාර කිරීම නිරන්තරයෙන් ම සිදු වන බවත් එය වර්තමාන අවශ්‍යතාවයක් බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. මෙදින පිහිට වූ සුබ සාධක සංගමයේ සාමාජිකයින් අතරින් නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනුණු අතර සාමාජිකයින්ගෙන් කිසිදු මුදලක් අය නොකරන අතර ඒ සඳහා සියලු මූල්‍ය ප්‍රතිපාදන ලිබර්ටි මෝටර්ස් ආයතනය විසින් දරනු ලබයි. ආරම්භක මුදල ලෙස රුපියල් ලක්ෂ දහයක් සංගමය වෙත පරිත්‍යාග කිරීම ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිසස් අධිපති රිශ්වාන් ලුතුෆි විසින් සිදු කළේය. සාමාජිකයාගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක්, ආපදා අවස්ථාවන් හා දරුවන් ගේ විභාග ජයග්‍රහණයකදී මෙමගින් ප්‍රතිලාභ සැලසේ.
තුෂාර හෙට්ටිආරච්චි