491
පසුගිය නොවැම්බර් 17 වෙනිදා පැවති මැතිවරණයෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) තේරී පත්වූ එකම බෞද්ධ මන්ත්‍රීවරයා වන (Singrouli District) රාජේන්ද්‍ර මෙශ්රාම් (Rajendra Meshram) දෙසැ.16 දා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට ප්‍රථම දඹදිව සාංචි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සාංචි මහාබෝධි මධ්‍යස්ථානයේ දී බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට සාංචි විහාරවාසී බානගල විමලතිස්ස හිමියන් සහ උඩුගම තපස්සි හිමියෝ ද එක්වූහ.