Home » වේදිකා නාට්‍ය නිර්මාණකරුවන් අබිසෙස් නැංවූ රාජ්‍ය නාට්‍ය උලෙළ

වේදිකා නාට්‍ය නිර්මාණකරුවන් අබිසෙස් නැංවූ රාජ්‍ය නාට්‍ය උලෙළ

by thanushika
December 30, 2023 12:30 am 0 comment

රාජ්‍ය නාට්‍ය උලෙළට වසර 50ක් සපිරෙන ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උලෙළ (Golden Jubilee) පසුගිය දා(19 දින) මහරගම යොවුන් රඟහල ශාලාවේ දී , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සහ ප්‍රවීණ නාට්‍යවේදී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ද, බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ කලාකරු කලාකාරිනියන්ගේ සහභාගිත්වයෙන්, අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

නොවැම්බර් මස 01 සිට 08 වන දිනය දක්වා මරදාන, එල්ෆින්ස්ටන් රඟහලේ පැවැති නාට්‍ය උළෙල අවසන් වටය සඳහා

සිංහල කෙටි නාට්‍ය 15 ද, දෙමළ කෙටි නාට්‍ය7 සහ නොවැම්බර් මස 13 වන දිනයේ සිට 25 දිනය දක්වා වේදිකාගත වූ සිංහල දිගු නාට්‍ය දහයක් ද, 10 මෙම සම්මාන උලෙළ නියෝජනය කෙරිණ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව පවත්වනු ලබන පනස් වන ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උලෙළේ දී, 2022 වසරේ හොඳම සිංහල දිගු නාට්‍ය “සඳුදා වැටෙන්නේ සිකුරාදා ට” නාට්‍යයේ අධ්‍යක්ෂ චාලක රණසූරියට සහ 2022 වසරේ හොඳම සිංහල කෙටි නාට්‍ය ” වේකන්සියක් ඇත” නාට්‍යයේ අධ්‍යක්ෂක රවිඳු සම්පත් වික්‍රමසේකර මෙහි දී සම්මානයෙන් පිදුම් ලැබූහ.

2022 වසරේ හොඳම දිගු නාට්‍ය නළුවා “බෝනික්කි ගෙදර-2” නාට්‍යයේ ජයනාත් බණ්ඩාර ද,හොඳම දිගු නාට්‍ය නිළිය “සුපර්ණිකා” නාට්‍යයේ උමා අසේනී රවින්දා ද, වසරේ හොඳම කෙටි නාට්‍ය නළුවාට හිමි සම්මානය, “වේකන්සියක් ඇත” නාට්‍යයේ රඟපෑ සඳුන් ප්‍රසාද් අබේකෝන්ටද , හොඳම කෙටි නාට්‍ය නිළියට හිමි සම්මානය , “විජය භූමි” නාට්‍යයේ රඟපෑ තිළිණි ජයමාලිටද හිමි විය. දේශීය නාට්‍ය කලාවෙනුවෙන් කළ සේවය උදෙසා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැල් සහ නාට්‍යවේදී කලෙයි චෙල්වම් යන නාට්‍යකරුවන් දෙදෙනාට, ජීවිතේ එක් වතාවක පිරිනැමෙන,”නාට්‍ය කීර්ති” ගෝල්ඩන් ජුබිලි රන් සම්මාන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් පිරිනැමිණ.

2022 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ වේදිකාගත කළ life of pi නාට්‍යයේ හොඳම රංගනය වෙනුවෙන් ‘ Laurence Oliver’ සම්මානය හිමිකර ගත් හිරාන් අබේසේකරට සහ 2021 වර්ෂයේ ඊජිප්තුවේ පැවති Mono Drama ජාත්‍යන්තර තරගාවලියේ හොඳම රංගනය සඳහා ‘ මොහොමඩ් ෂෙෆ් අල් අෆ්කම්’ සම්මානය හිමි කරගත්, සුබද්ධී ලක්මාලි සහ එම නිර්මාණය වෙනුවෙන් සුජීවපති නිශ්ශංකර සහ ‘කොළඹ ෆී ජාත්‍යන්තර සම්මාන උලෙළ ‘ සංවිධානය කරන නාට්‍යවේදී එම් ශෆීර්, දේශීය නාට්‍ය කලා වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදු කළ

කේ. බි. හේරත් සහ දේශීය නාට්‍ය කලා ඉතිහාසයේ කෘති දෙක සම්පාදනය කළ, රෝලන්ඩ් මෙන්ඩිස් යන නාට්‍යකරුවන් තිදෙනා ද, මෙවර සම්මානයෙන් පිදුම් ලැබීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division