Orel Corporation විසින් Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳ මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ.
Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය, සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel Corporation විසින් දැක්වූ දායකත්වය ඒ තුළින් ගොඩනගා ගත් කිර්තිය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමි වීම කෙරෙහි මූලික පදනක් වී තිබේ.