රාජ්‍ය සම්මානලාභී ජේ.පී.එස් වීරසිංහ විසින් රචිත ‘සම්බුදු උපත සිරිලක නොවේ’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය 07 වැනිදා පෙ.ව 8.00 ට වේයන්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
කොස්සින්නේ සම්බුදුමග විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මානන්ද හිමි වෙත ග්‍රන්ථය පිළිගැන්වීම සිදු කෙරේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉෂංඛ මල්සිරි විශේෂ දේශනය පවත්වයි.ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ නිට්ටඹුව ප්‍රාදේශීය සංඝසභාවේ ලේඛකාධිකාරි පණ්ඩිතාචාර්ය පූජ්‍ය හේනේපොල ධම්මවංශ හිමි සහ අනුරාධපුරය භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය ගාල්ලේ ධම්මින්ද හිමි ආරාධිත දෙසුම් පවත්වති.