ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (Information Security Management Systems) සඳහා ගෝලීය වශයෙන් පිළිගන්නා ප්‍රමිතියක්වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලැබීමට සමත් විය.
එය තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වන ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) සහ ජාත්‍යන්තර විද්‍ය්ුත් තාක්ෂණ කොමිෂන් සභාව (Information Security Management Systems) ඒකාබද්ධව සංවර්ධනය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියකි.
සමාගමේ තොරතුරු සහ දත්තවල සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන මෙහෙවර මෙම ප්‍රමිති සහතිකයෙන් අවධාරණය කරනු බලන අතර පුළුල් විගණනයකින් පසුව Bureau Veritas Lanka (Pvt) Ltd විසින් මෙම ප්‍රමිති සහතිකය පිරිනමන ලදී.