682
2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව එංගලන්තය මූලික කරගත් ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මානයට පාත්‍ර වී තිබේ.
‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් කොමර්ෂල් බැංකුව සම්මාන ලැබූ පස්වන අවස්ථාව මෙයය.
දිවයින පුරා බැංකු ශාඛා 271ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964ක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ.