Home » ජපානයට සාත්තු සේවකයින් යවන්න නවලෝක රෝහල් සමූහය Daiki Lanka ගිවිසුමක්

ජපානයට සාත්තු සේවකයින් යවන්න නවලෝක රෝහල් සමූහය Daiki Lanka ගිවිසුමක්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව සංවර්ධනය කිරීම සහ දක්ෂ සාත්තු සේවකයින්ට ඉහළ වෘත්තීය ප්‍රමිතීන් සකස් කිරීම වෙනුවෙන් කොළඹ නවලෝක රෝහල, Daiki Lanka (Pvt) Ltd සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ජපානයේ සේවය කිරීමට අවශ්‍ය වෘත්තීයමය දක්ෂ සාත්තු සේවකයින් සැපයීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි. Daiki Group ජපානයට අවශ්‍ය සාත්තු සේවා සැපයීමට වැඩිහිටි සුරැකුම් නිවාස පහසුකම් සහ හෙද සේවා පහසුකම් සලසනු ලබයි.

නවලෝක රෝහල් සමූහයේ අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරී මහාචාර්ය ලාල් චන්ද්‍රසේන සහ Daiki Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ යොසුකෙ නකමුරා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය ඉකුත් දෙසැම්බර් 21 වැනි දින කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. කොළඹ නවලෝක රෝහල නියෝජනය කරමින් ආයතන ප්‍රධානී තුවාන් ජමාලන් සහ පුහුණු කළමනාකාර සුදන්ත සෙනෙවිරත්න මෙම අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division