Home » මහමෙරුව රැලික්‍රොස් ජපන් ශූර‍යා විවෘත කරයි

මහමෙරුව රැලික්‍රොස් ජපන් ශූර‍යා විවෘත කරයි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ලංකාවේ පෞද්ගලික අංශය විසින් සෑදූ විශාලතම ධාවන පථයක් වන මහමෙරුව ධාවන පථය විවෘත කිරීමට ජනවාරි 14 වැනිදා ඉරිදා පියවර ගෙන ඇති බව ස්ලාඩා (SLARDAR) සභාපති ප්‍රශාන් විජේනායක සිළුමිණට පැවසීය. මෙම ධාවන පථය ගොඩනැඟීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි තුනකට ආසන්නය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ජපන් ධාවන ශූර ෆුමියෝ නුටහාරාය.

ජනවාරි 14 වැනි ඉරිදා ආරම්භ වන මහමෙරුව රැලික්‍රොස් ධාවන තරගයට මොටර් රථ ධාවන ශූරයන් 80ක් හා මෝටර් සයිකල් ධාවන ශූරයන් 110ක් පමණ දැනටමත් ලියාපදිංචි වී ඇත. මහමෙරුව ධාවන පථයේ ඇති විශේෂත්වය වන්නේ ඒ ආශ්‍රිතව අවන්හලක්, නැවතීමේ පහසුකම්, පිහිණුම් තටාකයක්, කාය වර්ධන මධ්‍යස්ථානයකින් ද සමන්විත වී තිබීමය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division