අද අපි මුලින්ම කිසියම් චෝදනාවක් සම්බන්ධයෙන් අප සිතන ආකාරය ලියමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් බලයට පැමිණ මාස 14 ක් ගතවී ඇති බවත්, එම කාලය තුළදී ඔහු දහහතර වතාවක් විදේශ සංචාරවල නිරතවී ඇති බවත් පසුගියදා ජවිපෙ නායක අනුර දිසානායක පැවසීය. ඔහු මේ චෝදනාව එල්ල කරන්නේ ජනාධිපතිතුමා පිටරට ගිය ගමන් වාර ගණන සාමාන්‍ය ජනතාවගේ මනස තුළ තහවුරු කිරීම පිණිසය. මෙවැනි තහවුරු කිරීම්වලින් ශත පහක වැඩක් නැත. 1988, 89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේම් ජනතා ව්‍යාපාරය විසින් කරන ලද භයානක මනුෂ්‍ය ඝාතන පිළිබඳ මිනිසුන්ගේ හිත් තුළ දරුණුවටම තහවුරු වී තිබේ.
ජනාධිපතිතුමා දහහතර වතාවක් රට යන්නේ විනෝද සංචාර සඳහා හෝ වෙනත් සැප ගැනීම් සඳහා නොවේ. මේ සංචාර දහහතරම නිල වශයෙන් ලැබුණු ආරාධනාය. මේ හැම අවස්ථාවකදීම ඔහු විසින් ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් හමු වූ අතර ඔවුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මළ ගේකටවත් ආරාධනා නොලැබෙන දේශපාලනඥයන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් රට යන්නේ පිටරටවල සිටින හිතවතුන්ගෙන් ටිකට් ගෙන්නා ගෙන තම ඉදිරි සුබසිද්ධිය සඳහා මුට්ටි කාසි එකතු කිරීමටය. දේශපාලන කතා වලදී ද්වේශය මුදා හරින්නට පටන් ගත්තොත් වැඩේ පකිස්තාන් අල ගොඩක් බවට පත්වේ. පාකිස්තානයෙන් ගෙන්වන අර්තාපල් වර්ග බොහොමයක් පිටතින් ලස්සනට පෙනුනාට මැද කුණුවී ඇත.
පසුගියදා ජනාධිපති වික්‍රමසිංහයන් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමටත් එය ඇමතීමටත් ලංකාවෙන් නික්ම ගියේය. ලෝක ආර්ථික සමුළුව යනු විශාල බලයක් ඇති සමුළුවකි. හැම අවුරුද්දකම ලෝකයේ දේශපාලනික, ආර්ථික, සමාජ සහ පාරිසරික න්‍යාය පත්‍ර විසඳීම ආරම්භ කෙරෙන්නේ ජනවාරියේ පැවැත්වෙන මේ සමුළුවේදීය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරු, අගමැතිවරු, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් ලෝකයේ ධනවත්ම සමාගම්වල අයිතිකරුවන්, සිවිල් සමාජයේ නියෝජිතයන් සහ සුප්‍රකට අධ්‍යාපන ආයතනවල උගත් ප්‍රධානීහු මේ සමුළුවට සහභාගී වෙති. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ ජනාධිපති වික්රමසිංහයන්ටය. බලශක්ති සුරක්ෂිතතාවෙන් යුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම ඔහුගේ කතාවේ මාතෘකාව විය. මේ දේශනයෙන් පසු ලංකාවට වැඩදායක බිස්නස් ගණනාවක් මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා ජනාධිපතිතුමා විසින් පවත්වන ලදී.
එම සමුළුව නිමවීමෙන් පසු ජනාධිපතිතුමා ඊළඟට ගියේ උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන 19 වන නොබැඳී සමුළුව ඇමතීමටය. මෙවර සමුළුවට ජනාධිපතිවරු සහ අගමැතිවරු ඇතුළු 77 දෙනෙක් සහභාගී වූහ. නොබැඳි සමුළුවට සාම්ප්‍රදායික රාජාණ්ඩු පවතින රටවල රජවරු පවා සහභාගී වෙති. මෙය ලංකාවට ඉතා වැදගත් සමුළුවකි. නොබැඳි සමුළුව එහි උපරිම අවස්ථාවේ පැවතුණු 1976දී ලංකාවේ සමුළුවක් පැවැත්විය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ නායකත්වයෙන් පවත්වන ලද මෙම සමුළුව වෙනුවෙන් ඉදි කෙරුණු බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවත්, තරු පහේ හෝටල් කිහිපයකුත් අදටත් මේ රටේ තිබේ. එදා පැවති නොබැඳි සමුළුවට අඩුම ගණනේ අගමැතිවරුන්, ජනාධිපතිවරු සහ රජවරු සීයකට වඩා සහභාගී වූහ. එදා නොබැඳි සමුළුවේ පැවති විභවය සහ කීර්තිය 1977 න් පසු පැතිරෙන්නට පටන්ගත් ගෝලීයකරණ සංකල්පය යටතේ ක්‍රමයෙන් හැකිළෙන්නට පටන් ගත්තේය. මේ සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහා සමුළුවට වඩා බලගතුය. එකල මෙය දෙවැනි වුණේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට පමණි.
මේ සමුළුව නැවත වතාවක් එහි ආරම්භක කීර්තිමත්භාවය (former glory) වෙත යොමු කිරීමේ ව්‍යාපාරයක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ විය. අද එම ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින්නේ ජනාධිපති වික්‍රමසිංහයන්ය. ජනාධිපතිතුමා මෙවැනි ජාත්‍යන්තර කටයුතුවල නිරත වන විට දන්සැලක් විවෘත කිරීමටවත් ආරාධනා නොලබන ඇතැම් දේශපාලකයෝ ඇඹරෙන්නට පටන් ගනිති.
මේ අතර තවත් වැදගත් කතාවක් කියමු. රතු මුහුදේ හූති ගරිල්ලන් විසින් ආරම්භ කෙරුණු ආක්රමණික ක්‍රියාවන්ට මූණදීම සඳහා රතු මුහුදෙන් පල ප්‍රයෝජන ලබන රටවල් සියල්ලම පාහේ එම මුහුදු ප්‍රදේශයට යුද්ධ නැව් යවා ඇත. මෙහිදී යුද්ධ නැව් යැවීමෙන් වැළකී සිටියේ මාලදිවයින වැනි රටක් පමණි. ඔවුන්ට වෙරළාරක්ෂක බෝට්ටු මිස යුද්ධ නැව් නැත. රතු මුහුදේ හූති ගරිල්ලන් මර්දනය කිරීම සඳහා අමෙරිකාව ගුවන් යානා ප්‍රවාහන නැව් ඇතුළු යුද්ධ නැව් 10ක් ද ප්‍රහාරක ගුවන් යානා විශාල තොගයක් ද එම මුහුදු ප්‍රදේශයට යවා ඇත. ඉන්දියාව ද යුද්ධ නැව් 10ක් එහි යැවූ අතර, පාකිස්ථානය එක යුද්ධ නැවක් ද, ලංකාව එක යුද්ධ නැවක් ද එහි යවා තිබේ.
මේ යුද්ධ නැව යැවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බොහෝ ආඩපාලි නඟා ඇත. අපේ යුද්ධ නැවක් රතු මුහුදට යැවීම අන්තරාදායක වැඩක් බවත් එමඟින් විශාල මුදලක් නාස්ති වන බවත් ඔහු කියා ඇත. ලෝකයේ සියලුම රටවල් සජිත් ප්‍රේමදාස හිතන ආකාරයට කල්පනා කළේ නම් රතු මුහුද මේ වන විට හූති ගරිල්ලන්ට අයත් මුහුදක් බවට පත්වනවා ඇත. එවිට එම ප්‍රදේශයෙන් වෙළඳ නැව් යාම සම්පූර්ණයෙන්ම නවතින අතර, එම ප්‍රදේශය මගහැර දීර්ඝ ගමන් මාර්ගවලින් වෙළඳ භාණ්ඩ බෙදා හැරීමට වෙළඳ නැව්වලට සිදුවනවා ඇත. එවිට පරිප්පු කිලෝවක් රුපියල් 2,000 ටත් පාන් ගෙඩියක් රුපියල් 500ටත් යාම නොවැළැක්විය හැකි වෙයි. ලංකාව රතු මුහුදට යුද්ධ නැවක් යවන්නේ ත්රස්තවාදයට විරුද්ධ ඒකමතිකභාවය ප්‍රදර්ශනය කිරීම සඳහාය. සමහර විට එක වෙඩිල්ලක්වත් නොතබා ආපසු ලංකාවට පැමිණීමට එම යුද්ධ නැව්වලට සිදුවනවා ඇත. ජාත්‍යන්තර දේශපාලනය ගැන නොදත් සිල්ලර කැලෑසියේ ළමයින් දේශපාලනය කිරීමේදී මෙවැනි දේවලට විරුද්ධ වීම සාමාන්‍ය කාරණයකි. මේ ගැන වැඩිපුර කතා කළොත් එම සිල්ලර ළමයින්ගේ හිත් බෙහෙවින් පෑරීමට ඉඩ ඇත.