අප ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර ලක්දිවට වැඩම කළ සොළොස්මස්ථාන අතරින් මහා අනුසස් ඇති බල පරාක්‍රමයෙන් අනූන ස්කන්ද කුමාර මහා දිව්‍ය රාජයාණන්ගේ මහ දෙවොල කතරගම් පුරවරයේ මැණික් ගඟ අසල පිහිටා ඇති බව හැමෝම දන්නා කාරණයකි.
එය ඉදි කළේ දුටුගැමුණු රජතුමා සොළීන් නසා එළාර පරදවා මෙරට එක්සේසත් කළ පසු එම යුද්ධයේදී දුටුගැමුණු රජුට ආරක්ෂාව ඇතිව යුද්ධයෙන් ජය ලබා දීමට ස්කන්ද කුමාර දිව්‍යරාජයා කැපවීමකින් එතුමාට නිර්භයව සහාය දුන් නිසාය. මෙම දෙවොල ඉදි කරන විට මහා බල ඇති යන්ත්‍ර 108ක් රන් බඳුනක බහා ඊට යටකර රන්කොත් හා රන් උළු පලඳවා සැකසුවේ ඔහුට කෘතගුණ සැලකීමට බව මන්ත්‍ර පුරාණයේ ලියවී ඇත.
පෙර දවස රජ දරුවන්ට රක්ෂාවරණය දුන් දුර්ගමය බලකොටුවක් සහ විහාර, දාගැබ් පිහිටි ගල්බඩ කෝරලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නගරයට නුදුරුව වාකිරිගල ගම පිහිටා ඇත. වාකිරිගල විහාරස්ථානය බද පිරුවනක වැඩ විසූ මයුරපාද නම් ශාස්ත්‍ර ගමධාරී තෙරුන් වහන්සේ අප සම්මා සම්බුදු රදුන්ගේ අරහත් ගුණය වර්ණනා කිරීම් වස් පූජාවලිය රචනා කිරීමට සිතා උන්වහන්සේ දිනක් බුද්ධි ප්‍රභාවය ලබනු සඳහා “ස්කන්ද කුමාර වරප්‍රසාදය” පතා විහාර භූමියේ ගල් ලෙනක හිඳ මන්ත්‍ර ‘පිහි වහමින්’ සිටියාහ.
ඒ අතරතුර වරින්වර භයානක අවතාර කඳ කුමරුට ශාස්ත්‍ර නියමය පරිදි අදාළ බිලි පූජාවන්ද දෙන ලදි. දහඅට වැනි වරට පැමිණියේ මොනර අවතාරයකි. ඒ අවතාරයට බිලි පිණිස සූදානම් කර තිබුණු ලොඳ කුරුම්බා ගෙඩියේ ඇස්ස ගසා නැති බව දුටු මයුරපාද හිමි විපිළිසර විය. මොනරාද කෝපාවිෂ්ට රෞද්‍ර බැල්මක් හෙළා හැරී ගියේය. ස්වල්ප වේලාවක් ගිය පසු දෙවන වර තෙරුන් වහන්සේ දෙසට හොටය දිගුකර ගත් අතිවිශාල මොනරෙක් පැමිණියේය. මොනරාගේ දෙපය අඩගව්වක් දුරින් පිහිටි බතලේගල කඳු පර්වතයට යාවූ ගම්මානයෙහි රැඳී තිබෙණු දැක උන්වහන්සේ මේ නම් කඳ කුමරුගේ වාහනය වන මොනරාම යැයි සිතා වෙනස් කළ යුතු දෙයක් නැති නිසා තෙරුන් වහන්සේ තම දකුණු ඇස දකුණු අතින් වසා වම් ඇස මයුරාට විදා පෑවේය. ඊට පසු “ස්කන්ද කුමාර වරප්‍රසාද නම් වූ අද්භූත බලයත් උන්වහන්සේ සත් දිනක් ඇතුළත පූජාවලිය ලියා නිම කළ බවත් සඳහන් වේ.
මොනරා පැමිණි ගම්මානය මොනරා ගම්මාන නම් විය. එය අද මෝරාගම්මන නමින් හැඳින්වෙන අතර මයුරපාද පාය (මයුරපාද පිරිවෙන) මේ සිද්ධිය හා සම්බන්ධ ඓතිහාසික ස්ථානයක් බව කිව හැකිය. ස්කන්ද කුමාර යන්ත්‍ර 108ක් තිබුණ බවත් එම යන්ත්‍ර, අඳුන්, රාජවශී, සර්ව ලෝකවශී ආදී යන්ත්‍ර රන් මංජුසාවක් තුළ බහා පොළොව යට තැන්පත් කර ඒ මත ස්කන්ද කුමාර දේවාලය ඉදිකර ඇති බව පුරාණ මන්ත්‍ර ඉතිහාසයේ පෙන්වා ඇත.
එම යන්ත්‍රවලින් ස්කන්ද වරම ලබා ගැනීමටත් තමාගේ දියුණුවටත් ආකර්ෂණය ලැබෙන මහා කන්ද කුමාර ෂඩක්ෂර සර්ව ලෝකවාශී යන්ත්‍රය, දුටුගැමුණු මහ රජුද හෙළයේ තවත් මහා රජවරුද භාවිත කර තමාගේ ජය දියුණුව ලබා ගත් බව ප්‍රකාශිතය.
මෙම යන්ත්‍රයේ ඇති අක්ෂරයන් වන ඕං සරවණ භව නමඃ යනු මහා විශ්වයේ ශක්තිය වර්ධනය වන බවයි. සරවණ යනු ස්කන්ද දෙවියෝ පහළ වූ පොකුණයි. “ස” – මංගල ප්‍රදායකය, “ර” – තේජස හා ප්‍රසාදය ලැබීම “ව” – සාත්වික සහ නමෝ ගුණ බලයද “ණ” – සුබපල ලැබීම සහ යුද්ධ ජයග්‍රහණය ලැබීම “භව” – උදාවීම පහළ වීම යන ශක්තියයි.
මෙම යන්ත්‍රය සකසන විට මල් යහනාව හදා එහි මල් වර්ග 7, බුලත් 33, පලතුරු වර්ග 7, කැවිලි 7, පඬුරු 7, ලදපස්මල්, තැඹිලි ගෙඩියක් ඇස්ස කපා තබා රතු නෙළුම් මල් 3ක් මත මෙම යන්ත්‍රය පුර පක්ෂයේ කුජ දිනක, කුජ හෝරාවෙන් ඇඳ සුවඳ ධූපයන් සකස්කර ගිතෙල් පහනක් දල්වා මෙම ස්තෝත්‍රය 7 වරක් ගයන්න.
දීප ධුප ගන්ධ පුෂ්ප – තාම්බුල වන්දනම්
ධ්‍යාන හෝමදාන – යාච නාදී කම් සේවිතං
පූජයාමි වාර වාර – සෞඛ්‍ය ලාභ හේතුජං
ස්කන්ධ දේව රාජ – පාද පද්මකං නමො සදා
කදිරේ පුරපු ලොක සමිං – පංච චත්‍රප්‍ර ශෝබිතං
ත්‍රී සුලංච ධරා හසෙන – මයුරාත් වාහනං තථා
රන් තැඹිලි තෙල් සහ යන්ත්‍රය අසුනේ තබා මේ මන්ත්‍රයෙන් ජීවම් කරගන්න :-
ඕං ගුර්භවඃ ඕං ගුර්භවඃ ඕං හ්‍රීං සං සරවණ භව – ඕං තන්ත්‍ර මංගල ඔඩ්ඩි ගුරු – චන්දනී කග්ග්‍ර මණ්ඩල නමඃ – නමෝ සිද්ධ ලෝවතී සර්ව ශ්නිත්නේ විනේස්වාහඃ
මේ මන්ත්‍රයෙන් 108 වර කියා ජප කරගන්න.
ඕං නමෝ ස්වර්ණ මයුරාසන කදිරනේ ස්වාහානමෝ දිෂ්ටි වර වර – මගේ හඬ අසා මා කී බස් නසා දේවතාවෙක් දේවතාවියක් ඇත්නම් – දස පාරමිතා බලයෙන් අහස පොළව ඉර හඳ අණින් මෙමා දුටු අයගේ සර්වාංගය සලිත කරවා – මෙමා ප්‍රියවී මගේ පා පිට ගැසෙත්වා ගැසෙත්වා.
ඕං නමෝ රණ මයුර වාහනේ වැඩ සිටින ශ්‍රී කදිරනේ අනන්ත මුණිවර අණින් මා දිනවා දෙන්ඩ වරමි. ඕං ජීව ප්‍රාණ – අජීව ප්‍රාණ – භූත ප්‍රාණ අභූත ප්‍රාණ ආජීවේ වර වර එස්වාහඃ
මේ ගාථාව අවසානයේ කියා තුන්වරක් පින් දිය යුතුය.
සම්බුද්ධ ශාසන වරං ඉධ රෝහණස්මිං
සම්පාලනාය ජිත දත්ථා වරෝ මහිද්ධි
පුඤ්ඤාණු මේ දිය සලානණ දේව රාජා
පාලෙන්තුමං සතත සාත හිතා වහන්තෝ
(ඉහත මන්ත්‍රය කියද්දී මා, මෙමා යන තැන්වලට තමාගේ නම කියා මතුරන්න. 221වරයි)
මෙම යන්ත්‍ර රාජයා ගෙල පලඳින්නන්ට දියුණුව ඇති වී ධන සම්පත් ලැබීම, සර්ව ජනයා ආකර්ෂණයට, සර්ව ආරක්ෂාවට, ව්‍යාපාර දියුණුවට, ගේදොර වැඩිදියුණුවට, මංගල කටයුතු සපල වීමට, විවාහ බාධා දුරු වී විවාහයට, අක්‍රිය කාම නිලයන් ස්ත්‍රී පුරුෂයන්ගේ පහවීමට, ජනප්‍රිය වීමට, රජුන් උතුමන්ගේ සිත් නමා ගැනීමට අධිකරණයට, සභාවට ගොස් ජය ලැබීමට, තේජස් බවෙන් අනුන් යටපත් කර ගැනීමට, ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා ආදී අපල දුරු වීමට, ශ්‍රීයාවට, වස්තු භූමි ලාභ ලැබීමට, යක්ෂ, භුත, දෝෂ, අමනුෂ්‍ය දෝෂ දුරුවීමට, හස්ති සමූහයා මැදටවන් කේශර සිංහ රාජයෙකු මෙන් ජය ලැබීමට, සියලු දෙයින් දසබිම්බර බිඳ තමාට ජය ලැබෙන මෙහි ගුණ නොකී ගුණ බොහෝ දේට උතුම් තේජස් ඇති මහා බලසම්පන්න යන්ත්‍රයක් හා තෛල රාජෙයකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රඹුක්කන ජිනදාස එදිරිසිංහ