Home » කැරට් රත්ත­රන් වගේ ගණන් ඉස්සුවේ ඇයි ?

කැරට් රත්ත­රන් වගේ ගණන් ඉස්සුවේ ඇයි ?

සිකුරාදා උදෑසන වනවිට එළවළු තොග මිලට සහනයක්

by damith
January 20, 2024 12:35 am 0 comment

මේ දින­වල ඉහ­ළම මිලක් සහිත එළ­ව­ළුව බවට වාර්තා තබා ඇත්තේ කැරට් ය.

නුවරඑළියේ මහා පරි­මා­ණ­යෙන් වගා කළ ගොවීන් හතර පස් දෙනකු ළඟ පම­ණක් ඇතැයි කියැ­වෙන කැරට් ඒ ගොවි බිම්ව­ලින්ම ගල­වන්නේ අයි­ති­ක­රුවා නියම කරන මිල ගණ­න්ව­ලට යැයි, මැනිං වෙළෙ­ඳ­පොළ ඇතුළු ආර්ථික මධ්‍ය­ස්ථාන කිහි­ප­යක නියෝ­ජි­ත­යන් පව­සයි. ඒවා බොහො­ම­යක් ගොවි­බි­ම්ව­ල­ටම ගොස් ගොවීන්ගේ මිලට ලබා ගන්නේ හෝට­ල්වල සඳහා කලින් ඇණ­වුම් ලබා ගත් සැප­යු­ම්ක­රු­වන්ය. ඇතැ­මුන් අත­ර­මැ­දි­යන් ය. සැප­යුම් දාමයේ සබ­ඳතා කඩා ගන්නට නොහැකි නිසා ඔවුන් ගොවි­යාගේ මිලට රැගෙන, පාඩු පිට වුව ද පෙර පොරොන්දු වූ මුද­ලට සැප­යීම සිදු කරන නමුත්, එය එත­රම් හොඳ වැඩක් නොවන බව වෙළෙඳ හා ආර්ථික මධ්‍ය­ස්ථාන නියෝ­ජි­ත­යන් පව­සයි.

කෙසේ වෙතත්, සිකු­රාදා උදෑ­සන වන විට දඹුල්ල විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ කිලෝව රුපි­යල් 1,800 දක්වා ගිය කැරට් මිලදී ගැනීම තොග වෙළෙ­ඳුන් බහු­ත­රය ප්‍රති­ක්ෂේප කළ බව ආරංචි මාර්ග­ව­ලින් දැන­ග­න්නට ලැබිණි.

නුව­ර­එ­ළිය විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ අද දවසේ තත්ත්වය

නුව­ර­එ­ළිය විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ අද දවසේ තත්ත්වය

සිකු­රාදා උදෑ­සන වන විට, නුවරඑළිය ඇතුළු බොහෝ ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල එළ­ව­ළු­වල තොග මිලේ යම් වෙන­සක් දක්නට ලැබිණි.

ඒ අනුව නුව­ර­එ­ළිය විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­න­යට ආ කැරට් මිල රුපි­යල් 1050/- සිට 1200/- දක්වාත්, ගෝවා රුපි­යල් 560/-ක්, ලීක්ස් රුපි­යල් 400ක් සහ අර්තා­පල් රුපි­යල් 320/- දක්වාත් තොග මිල සේ සට­හන් වී තිබිණි.

ඊට සම­ගා­මීව පෑලි­ය­ගොඩ මැනිං වෙළෙ­ඳ­පොළේ සිකු­රාදා දිනය වන විට කැරට් කිලෝ­වක තොග මිල පැව­තියේ රුපි­යල් 1,000- 1,700ත් අත­රය. බෝංචි රුපි­යල් 700, ගෝවා රුපි­යල් 600, ලීක්ස් 400- 450, මෑ කරල් රුපි­යල් 400, බීට්රූට් රුපි­යල් 800, තක්කාලි රුපි­යල් 300, මාළු මිරිස් රුපි­යල් 900ක් සහ අමු මිරිස් රුපි­යල් 800ක් ලෙස තොග මිල සට­හන් වී තිබිණි.

දඹුල්ල විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ සිකු­රාදා රුපි­යල් 900ට අලෙවි වූයේ මාර­ස්සන සිට පැමිණි කුඩා කැරට් ය. නුව­ර­එ­ළියේ සිට පැමිණි කැරට් රුපි­යල් 1,800 ක් මිල විය. බෝංචි කිලෝ­වක තොග මිල රුපි­යල් 500-800 දක්වාත්, ගෝවා රුපි­යල් 600-700 දක්වාත් මිල විය.

ඛේද­වා­ච­කය නම්, අව­සන් පාරි­භෝ­ගි­කයා මිලදී ගන්නා සිල්ලර වෙළෙ­ඳ­පො­ළට මේවා පැමි­ණෙන්නේ, දෙගු­ණ­ය­ක­ටත් වඩා ඉහළ මිල­කට වීමය. එහෙ­යින් එළ­වළු ග්‍රෑම් 250ක් ගෙදර ගෙනි­ය­නවා යන්න තව­මත් බොහෝ පවු­ල්ව­ලට සිහි­න­යක්ව ඇත්තේ ය.

පහු­ගිය මාස කිහි­පයේ රට පුරා ඇද හැලුණු අධික වර්ෂා­ප­ත­න­යෙන් වගා බිම් සිය­ල්ලම පාහේ විනාශ වී යාම, එළ­වළු මිල ගණන් ඉහළ යාමට බලපෑ ප්‍රබල හේතුව විය.

කොළඹ මැනිං පොදු වෙළ­ඳ­පොළ සංග­මයේ සභා­පති එච්. එම්. උප­සේන මහතා පැව­සූයේ ලබන අප්‍රේල් 20 වැනිදා පමණ වන තෙක් මේ තත්ත්වය පව­තිනු ඇති බවයි.

” විශේ­ෂ­යෙන් ඇතැම් ගොවීන් මේ වන විට පස් හය වතා­වක් පමණ එළ­වළු බීජ වගා කළත් ඒ සිය­ල්ලම වැස්සට හසු වී කුණු වී ගියා.

දැනට වෙළෙ­ඳ­පො­ළට ලැබෙන එළ­වළු ප්‍රමා­ණය රටේ සමස්ත එළ­වළු අව­ශ්‍ය­තා­වට කිසි­සේත්ම ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ. මේ මිල ඉහළ යාමට අත­ර­මැ­දි­යන් විසින් සිදු කරන බල­පෑම් ද හේතු වී තිබෙ­නවා. මෙවැනි මිල ඉහළ යාමක් සිද්ධ වුණේ මැනිං මාකට් ඉති­හා­ස­යේත් පළමු වතා­ව­ටයි.

අධික වර්ෂාව පැවති ප්‍රදේ­ශ­වල තව­මත් ඒ සම­හර වගා බිම්වල උල් දිය මතු වෙලා. වගා­වක් කරන්න සුදුසු පොළො­වක් තව­මත් ඒ පළා­ත්වල නැහැ. වතුර බැස ගිය සම­හර පළා­ත්වල නම්, ගොවි මහ­ත්වරු මහ­පො­ළොව සූදා­නම් කර­නවා.

කොහොම කළත් බීජ­යක් පොළො­වට වැටී පැළ වෙන්න යම්කිසි කාල­යක් ගත වනවා. බෝංචි සහ මෑ කරල් නම්, දින 50-60ක්, කැරට් දින 100-110ක්, ගෝවා දින 90ක්, නෝකෝල් දින 80ක් ආදී වශ­යෙන් යම් කාල­යක් ගත වනවා. ස්වාභා­වික විප­තක් එක්ක හැප්පෙ­මින් වුවත් අපේ ගොවීන් උත්සා­හය අත්හැර නැහැ.

නමුත් මේ වෙලාවේ අසා­ධා­රණ ලෙස ගොවි­ප­ළෙන්ම රුපි­යල් 2000ට කැරට් අලෙවි කරන එක ස්වභා­වික වෙළෙ­ඳා­මක් නෙමෙයි. අපි මේ තත්ත්වය අනු­මත කරන්නේ නැහැ. මේ වෙලාවේ ගොවියා මිල තීර­ණය කරන තැනට ඇවිත්. දැන් නුව­ර­එ­ළිය පැත්තෙත් කැරට් ගොවි­ප­ලෙන් කෙලින්ම හෝට­ල්ව­ලට යන නිසා ගෝනි 25ක් වත් මැනිං වෙළෙ­ඳ­පො­ළට එන්නේ නැහැ. අනෙක් එළ­වළු වුණත් තවම සුළු ප්‍රමාණ වශ­යෙන් තමයි මැනිං වෙළෙ­ඳ­පො­ළට එන්නේ.

ආයේ වැස්සක් ආවොත් රටක් හැටි­යට අපි මොකද කරන්නේ. මේ වෙන­කොට කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රයා ප්‍රමුඛ රාජ්‍ය නිල­ධා­රීන් අදාළ ගොවි සංවි­ධාන සහ කණ්ඩා­යම් එක සාකච්ඡා කර මේ සඳහා නව තාක්ෂ­ණය භාවි­ත­යෙන්ම යම් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­ගත යුතුයි. දැන් පොඩි වැස්සත් අල්ලා හිටි­නවා ගොවි­බිම් යට වෙනවා. තව දුර­ටත් සාම්ප්‍ර­දා­යික ක්‍රම­ව­ලම එල්බ ගෙන කෘෂි කර්මා­න්තය පව­ත්වා­ගෙන යන්නට බැහැ. මේ පිළි­බඳ දැනුම ඇති රාජ්‍ය නිල­ධා­රීන් විශාල ප්‍රමා­ණ­යක් රට තුළ සිටි­නවා. ඔවුන් දැන්වත් නිදා නොසිට ක්‍රියා­ත්මක විය යුතුයි.

මේ සඳහා මේ මොහොතේ කළ යුතු හොඳම දේ තමයි, රජය මැදි­හත් වී බී ලූනු ටික හරි සාධා­රණ මිල­කට ජන­තා­වට දෙන්න ක්‍රම­යක් හදන එක. ලුණු මිරි­සක් තලා­ගෙ­න­වත් බත් ටිකක් කන්න, කිසිම ආකා­ර­ය­කින් ජන­තා­වට පුළු­ව­න්ක­මක් නැහැ…”

නුව­ර­එ­ළිය විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ කළ­ම­නා­කා­රිත්වය මේ පිළි­බ­ඳව පවසා සිටියේ මෙවැනි අද­හ­සකි.

පෑලි­ය­ගොඩ මැනිං පොදු වෙළෙ­ඳ­පොළ සංග­මයේ සභා­පති, එච්. එම්. උප­සේන

පෑලි­ය­ගොඩ මැනිං පොදු වෙළෙ­ඳ­පොළ සංග­මයේ සභා­පති,
එච්. එම්. උප­සේන

” මේ පළාතේ තව­මත් කැරට් වගාව ඉති­රිව තිබෙන්නේ මහා පරි­මා­ණ­යෙන් වගා කළ හතර පස් දෙනකු ළඟ පම­ණයි. මේ වෙලාවේ ඒවායේ මිල තීර­ණය කරන්නේ ඔවුන්. කුඩා පරි­මාණ කැරට් ගොවීන් කිසි­වකු ළඟ දැන් කැරට් නැහැ. වර්ෂා­වට මුහුණ දෙමින්, නිතර බෙහෙත් ගහ­මින්, විශාල කැප­වී­මක් දරා ඔවුන්ට එය රැක ගන්නට බැරි­වුණා. ඔවුන්ගේ අස්වනු වතු­රට යට වී විනාශ වී ගියා. තව සම­හරු ගෙඩිය ලොකු වෙන්නත් කලින් මේ වෙලාවේ මිල හොඳ නිසා, කැරට් කුඩා වුවත් ගල­ව­නවා.

ගෝවා­ව­ල­ටත් සිද්ධ වුණේ මේ දේමයි. ගෝවාත් වැස්සට හසු වුණාම කොළ කුණු වෙනවා. ගෙඩි හැදෙන්නේ නැහැ. ලෙඩ අල්ල­නවා. ලීක්ස් විත­රයි ටිකක් හරි වැස්සට ඔරොත්තු දෙන්නේ.

කොහොම වුණත් ආර්ථික මධ්‍ය­ස්ථා­න­යෙන් අර­ගෙන කොළ­ඹට යන කල් එළ­වළු සැප­යුම් ජාලය තුළ ප්‍රවා­හන විය­දම්, අත­ර­මැ­දි­යන්ගේ ගාස්තු ඇතුළු ලොකු විය­ද­මක් තිබෙ­නවා. ඒ කියන්නේ, Handling Cost එක වැඩියි. ඒ නිසා මිල ඉහළ යෑම වළ­ක්ව­න්නත් බැහැ. ආර්ථික මධ්‍ය­ස්ථා­න­යට එන්නේ නැතිව, ගොවි බිමෙන් සෘජු­වම ලොරි හරහා කොළඹ යවන අත­ර­මැ­දි­යන්ගේ ක්‍රියා­ව­ලි­යේදී ත් එහෙ­මයි.

ඒ වගේ­මයි කම්කරු කුලි­යත්. රුපි­යල් 1,500ට තිබූ කම්කරු කුලිය මේ මොහොතේ රුපි­යල් 3,000 වෙලා. ඊළ­ඟට කැරට් වැනි එළ­වළු අසු­රන දැල් බෑග් එක, ගෝනිය, ලොරි කුලිය මේ හැම­දේම මිල ඉහළ ගිහින්. කවුරු කොහොම කිව්වත් ගොවි බිමේ සිට පාරි­භෝ­ගි­කයාගේ අතට එළ­වළු ටික පත් කරන තුරු ක්‍රියා­ව­ලියේ විශාල විය­ද­මක් ගොඩ නැඟී තිබෙ­නවා. ඒ සියල්ලේ බර අව­සා­නයේ යන්නේ පාරි­භෝ­ගි­ක­යාට…”

මේ පිළි­බඳ, හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු කිරීමේ ආය­ත­නයේ වැඩ බලන අති­රේක අධ්‍යක්ෂ, ආචාර්ය සමන්ත පල්ලි­ය­ගුරු පවසා සිටියේ මෙවැනි අද­හ­සකි.

” සාමා­න්‍ය­යෙන් නුව­ර­එ­ළියේ විත­රයි හැඩ­රු­වෙන් ලස්සන කැරට් හැදෙන්නේ. ඊළ­ඟට යාපනේ තමයි ටිකක් හරි හැදෙන්නේ. බීට්රූට් වුණත් කොළ ටික ලස්ස­නට ගෙඩිය හොඳ රතු පාටට හැදෙන්නේ නුව­ර­එ­ළියේ. කොහො­ම­ටත් වැඩි මිලක් ලැබෙන්නේ නුව­ර­එ­ළි­යෙන් එන එවැනි එළ­ව­ළු­ව­ලට. කුරු­ණෑ­ගල මැල්සි­රි­පුර සහ පුත්ත­ල­මෙන් එන බීට්රූට් කැපු­වම සුදු පැහැ­යක් මිශ්‍ර වී තිබෙ­නවා. මේ වෙලාවේ කොයි පළා­තෙන් එන එළ­ව­ළු­වේත් අස්වනු නැති තරම්.

Greenhouse හෝ Poly Tunnel නව තාක්ෂ­ණය, වැස්සෙන් විනාශ වන සම­හර වගා­වන් සඳහා හොඳ විස­ඳු­මක් වුවත්, එවැනි ක්‍රම­වේ­ද­යන්ට යෑම සඳහා විශාල මූලික විය­ද­මක් දර­න්නට ලංකාවේ ගොවීන් බහු­ත­ර­ය­කට හැකි­යා­වක් නැහැ. පුළු­වන් අය වුවත්, එම තාක්ෂ­ණය යොදා වගා කරන්නේ බෙල් පෙපර්, ගර්කින් වැනි වැඩි මිලක් උපයා ගත හැකි භෝග වර්ග අත­ළො­ස්සක් පම­ණයි.

කොහොම වුණත් දේශ­ගු­ණික විප­ර්යා­ස­යන්ට මුහුණ දෙමින් නිතර වගා විනා­ශ­යන්ට ලක්වන රටක් විදි­යට කෘෂි­ක­ර්මා­න්ත­යෙන් ඉදි­රි­යට යෑම අසී­රුයි. එම නිසා Protected Agriculture ක්‍රම­වේ­ද­යන් පිළි­බ­ඳව දැන් රටක් ලෙස සිතා ක්‍රියා­ත්මක විය යුතුයි.

ආර­ක්ෂිත තොග පවත්වාගෙන යන්නට නම් කූල් රූම් පහ­සු­කම් තිබිය යුතුයි. දඹුල්ලේ එවැනි ක්‍රම­වේ­ද­යක් ආරම්භ කළත් ඒවා එත­රම් සක්‍රීය වූයේ නැහැ. මොකද නැවත වෙළෙ­ඳ­පො­ළට යැවී­මේදී cool truck භාවිත කර ඒ නිශ්චිත උෂ්ණ­ත්ව­යන් තුළ රඳ­ව­මින් ප්‍රවා­හන කට­යුතු සිදු කළ යුතුයි. මෙවැනි ප්‍රායෝ­ගික ප්‍රශ්න­ව­ලට සාර්ථක පිළි­තුරු නැති­කම නිසා එවැනි ව්‍යාපෘති අත­ර­මග නතර වනවා.

ඒ වගේම එළ­වළු අස්වනු වැඩි කාලෙට විජ­ල­නය හොඳ ක්‍රම­වේ­ද­යක් වුවත්, එයට අත ගැසූ බොහෝ අයත් දැන් ඒවා අත්හැර දමා තිබෙ­නවා. මොකද, විශාල විදුලි බිල­කට මුහුණ පාන්නට සිදුව ඇති නිසා. මේ පිළි­බඳ නිතර පර්යේ­ෂණ කරන අය හැටි­යට අපිට කිය­න්නට තිබෙන්නේ, නව තාක්ෂ­ණ­යට යෑම සඳහා බලය සහිත නිල­ධා­රීන් දැන් ක්‍රියා­ත්මක විය යුතුයි කියන එකයි. නැත්නම් හැම වැස්ස­ක­දීම රටක් හැටි­යට අපිට මේ උග්‍ර එළ­වළු හිඟ­ය­කට මුහුණ දෙන්නට සිදු වනවා. එය රට­ටම බල­පාන පෝෂ­ණය පිළි­බඳ ප්‍රශ්න­යක්…”

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් අලෙවි සහ කළ­ම­නා­ක­රණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ­යකු වන ආචාර්ය සුනිල් ජයන්ත නව­රත්න ද ප්‍රකාශ කර සිටියේ, වැස්සෙන් වන පීඩා­වෙන් එළ­වළු අස්වනු රැක ගැනී­මට නම් Greenhouse හෝ Poly Tunnel තාක්ෂ­ණ­යට යෑම සඳහා රට තුළ ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් විය යුතු බවයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division