Home » කෞටි­ල්‍යගේ ආර්ථික විග්‍ර­හය

කෞටි­ල්‍යගේ ආර්ථික විග්‍ර­හය

by damith
January 20, 2024 12:30 am 0 comment

ජාතික පුව­ත්ප­තක මැද පිටුවේ ‘ ආර්ථික පසු­බෑ­මෙන් විඳ­වන්නෝ‘ යන මැයෙන් පේරා­දෙ­ණිය විශ්වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා මහා­චාර්ය ආනන්ද ජය­වි­ක්‍ර­මගේ සාකච්ඡා සට­හ­නක් මෙවර කෞටි­ල්‍යගේ අර්ථික විග්‍ර­හ­යට ලක්කෙ­රෙයි.

එහි සඳ­හන් වන්නේ මේ ආකා­ර­යෙනි.

“මේ වාර්තාවේ සඳ­හන් වන්නේ පවු­ල්ව­ලින් සිය­යට 31ක් තමන් සතු දේපළ සහ වත්කම් උකස් කර තිබෙන බවයි. කන­කර ආභ­රණ සහ ඉඩම් උකස් කළ පවු­ල්ව­ලින් සිය­යට 22ක්ම ඒ සල්ලි විය­දම් කර තිබෙන්නේ එදි­නෙදා කෑම බීම විය­දම් පියවා ගැනීම සඳ­හාය. දේපළ වත්කම් උකස් කළ ඒ කවු­රුත් දව­සින් දවස අගා­ධ­ය­ටම තල්ලු වෙයි.

ඒ මාසි­කව ණය පොලිය ගෙවී­මට සිදු­වී­මෙන් සහ නැවත නැව­තත් එදි­නෙදා විය­දම් සොයා ගත යුතු හෙයිනි. එසේම උකස් කළ දේවල් බේරා ගැනී­මට නොහැකි වීමෙනි. ඒ ජන­තා­වගේ අද දව­සට වඩා හෙට දවස ඉතා භයං­කා­රය. වර්ත­මාන ආර්ථික අර්බු­දයේ ස්වරූ­පය එයයි. එහෙත් ඒ බව නොකි­යන සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව රටට බොරු චිත්‍ර­යක් මවා­පායි. ඒ දෙපා­ර්ත­මේ­න්තුව කියන්නේ මිනි­සුන්ගේ ආදා­යම් අඩු වී විය­දම් වැඩි වී ඇතත් ජන­තාව හොඳින් කා බී සිටින බවයි. අපේ නූගත් නොදැ­නු­වත් ගැමි­යන් පවා එවැනි කතා හඳු­න්වන්නේ කුණු­හ­රුප ලෙසිනි. මේ කතා­ව­ලින් ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ ඒමට තිබෙන අවස්ථා ද අහිමි කරයි.

ලොව පිළි­ගත් ප්‍රකට සහ ප්‍රමුඛ ආර්ථික විද්‍යා­ඥ­යකු වන කේන්ස් 1936 දී කියා තිබෙන්නේ මෙවැනි ආර්ථික අර්බු­ද­ය­කදී බදු අඩු කළ යුතු බවය. එවිට ජන­තාව අතේ මුදල් ඉතිරි වෙයි. ඒ මුදල් පරි­භෝ­ජ­න­යට වැය කළ හැකි වෙයි. එසේම ඒ මුදල් යළි ආර්ථි­ක­යට එකතු වෙයි. එම­ඟින් ආර්ථි­කය සක්‍රීය වෙයි. එසේ වීමෙන් ඉල්ලුම අඩු නොවී වැඩි වෙයි. එහෙත් වර්ත­මාන ලංකාවේ ආණ්ඩුව කරන්නේ ජන­තාව අත තිබෙන සබ්බ සක­ල­ම­නා­වම බදු මඟින් සූරා ගැනී­මය. අන­තු­රුව ඒ මුදල් නැති නාස්ති කිරී­මය. එහෙ­යින් ඒ මුදල් ආර්ථි­ක­යට යළි එකතු නොවෙයි. ජන­තා­වගේ විය­දම් වැඩි­වී­මට බදු අනු­පාත ඉහළ නැංවීම හේතු වී තිබෙන බව සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව හෙළි කළ යුතුව තිබු සත්‍ය­යකි. එහෙත් ඒ කිසි­වක් ඔවුන්ගේ වාර්තාවේ සඳ­හන් නොවෙයි. එහෙ­යින් මේ වාර්තාව බංකො­ළොත් ආර්ථි­කය ඉන් මුදා ගැනී­ම­ට­වත් ප්‍රති­පත්ති සම්පා­ද­න­යට වත් ඉව­හල් නොව­න්නකි. මෙය තනි­ක­රම ආණ්ඩුවේ දේශ­පා­ල­ක­යන්ට ජන­තාව මුළා කර ඉදිරි මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය සඳහා හයේ පහ­රක් ගැසී­මට අව­කාශ සහ ඉඩ­කඩ සලසා දීම­ටම සකස් කළ වාර්තා­වක් බව මගේ නිරී­ක්ෂ­ණ­යයි, නිග­ම­න­යයි, තක්සේ­රු­වයි….”

1830 ගණ­න්වල ආචීර්ණ කල්පිත ආර්ථික විද­යා­ඥ­යකු වූ කේන්ස් තිය­රිය අවු­රුදු 194කට පසු අද්‍ය­තන ශ්‍රී ලංකාවේ මහ පොළො­වට ගැළ­පිය හැකි­දැයි උගත් මහා­චා­ර්ය­තුමා නැවත නැව­තත් කල්පනා කර බැලිය යුතු­යැයි අපි සිතමු. මක්නි­සාද යත් හැට නම ලක්ෂ­යක ජන­ ව­ර­මින් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා ජනා­ධි­පති ධුර­යට පත් වූ වහාම එතුමා ළඟ සිටි ප්‍රධාන ආර්ථික උප­දේ­ශ­කයා වූ ජනා­ධි­පති ලේකම් වූ ආචාර්ය පී. බී. ජය­සු­න්දර දුන්නේ ද මහා­චාර්ය ආනන්ද ජය­වි­ක්‍ර­මගේ විස­ඳු­මය. එනම් වහාම ක්‍රියා­ත්මක වන පරිදි යහ­පා­ලන රජය විසින් පනවා තිබූ සියලු බදු වර්ග ඉවත් කිරිම හෝ අඩු කිරීම කළේය.

– “ව්‍යව­සා­ය­ක­යන්ට – ජන­තා­වට නව බලා­පො­රොත්තු ජාතිය ගොඩ­නැ­ඟීමේ බද්ද, වැට් බද්ද පහ­ළට“ 2019 නොවැ­ම්බර් 18 වැනි දින ප්‍රධාන පුව­තක්

– “ භාණ්ඩ හා සේවා බදු පහ­ළට “ – මුල් පිටුවේ පළවූ තවත් පුව­තකි

– “බදු සහන නිසා මැති­ව­රණ පොරොන්දු යථා­ර්ථ­යක් වුණා…“ තවත් පුව­තකි.

මේ ආණ්ඩුවේ ආර්ථික උප­දේ­ශ­ක­යන්ගේ උප­දෙස් අනුව ආණ්ඩුව විසින් බල­යට පත් වූ විගස ගනු ලැබූ තීර­ණ­යන්ය. මෙකි තීර­ණ­යන්හි අපේ­ක්ෂිත යහ­පත් ප්‍රති­පල ලබා­ගත නොහැකි වූයේ 2020 වන විටත් 2019 වන විටත් රටේ ආර්ථි­කය සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබුණු බව ගැඹු­රින් අධ්‍ය­ය­නය කොට තීරණ ගැනී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාට මඟ නොපෙන්වූ නිසාය. ඉහත ලිපිය සැපයු මහා­චා­ර්ය­තුමා මෙන්ම එදා සිටි ආචාර්ය මහා­චා­ර්ය­වරු කීවේ ජන­තා­වට වැඩි වැඩි­යෙන් සහන ලබා දීමෙන් ජනතා පීඩ­නය අඩු කිරී­මෙන් රට දියුණු කළ හැකි බවය. ඒ එසේ නොවන බව පසක් කර­ගැ­නී­මට නම් පහත දැක්වෙන සංඛ්‍යා දත්ත ගැඹු­රින් අධ්‍ය­ය­නය කළ යුතු යැයි අපි විශ්වාස කරමු.

මේ වන­විට සම්පූ­ර්ණ­යෙන් විග­ණ­නය කොට අව­සන් වූ 2022 රාජ්‍ය ගිණුම් වාර්තා­වන්ට අනුව 2022 වර්ෂ­යේදී ඍජු හා වක්‍ර බදු­ව­ලින් රැස් කර­ගත් මුළු බදු ආදා­යම රුපි­යල් බිලි­යන 1751කි. එයින් රාජ්‍ය සේව­ක­යන්ට ගෙවූ වැටුප් හා විශ්‍රාම වැටුප් රුපි­යල් බිලි­යන 1265කි. එනම් මුළු බදු ආදා­ය­මෙන් 22%ක් විය­දම් කොට ඇත්තේ රාජ්‍ය සේව­ක­යන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවී­ම­ටය. සමෘ­ද්ධිය, ඇස්වැ­සුම ඇතුළු සහ­නා­ධාර සඳහා දැරූ විය­දම රුපි­යල් බිලි­යන 506කි. එය රජයේ ආදා­ය­මෙන් 28%කි. 2022 වර්ෂ­යේදී රජයේ මුළු බදු ආදා­ය­මෙන් දරා ඇත්තේ විය­දම් දෙකක් පමණි. එනම් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සහ­නා­ධා­ර­යන්ය.

මේ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය ආනන්ද ජය­වි­ක්‍රම පව­සන පරිදි බදු අඩු කළොත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නේ කෙසේද? අස්වැ­සුම ඇතුළු අනි­කුත් දිළිදු ජන­තාව වෙන සහ­නා­ධාර ගෙවන්නේ කෙසේද?

මෙයට අති­රේ­කව 2022 වස­රේදී රාජ්‍ය ණය සඳහා ගෙවි ඇති පොළී ප්‍රමා­ණය බිලි­යන 1565කි. ප්‍රාග්ධන විය­දම බිලි­යන 715කි. මෙවැනි විය­දම් දැරීම සඳහා ඉහත දැක්වූ බදු ආදා­යම් ප්‍රමා­ණ­වත් නොවන්නේ නම් මේ විය­දම් දරා ඇත්තේ ණය ලබා ගැනී­මෙනි. වක්‍ර බදු ඇතුළු අනි­කුත් බදු අඩු කොට ජන­තා­වට සහන දීම ඉතා හොඳය. ජන­තාව ද එයට සතු­ටුය. අපි ද වැඩි වැඩි­යෙන් සහන ලබ­න්නට කැමැ­ත්‍තෙමු. නමුත් රජයේ පුන­රා­ව­ර්තන විය­දම පියවා ගැනී­ම­ට­වත් ආදා­ය­මක් නොමැති රටක බදු අඩු කරන්නේ කෙසේද යන්න පැහැ­දිලි කොට සංඛ්‍යා දත්ත සහිත ලිපි­යක් අපේ උගත් මහා­චා­ර්ය­තුමා සිළු­මි­ණට එවන්නේ නම් ලබන සති­යේදී එය අපේ පුව­ත්පතේ පළ කරන බවද කාරු­ණි­කව දැනුම් දෙමි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division