පොල් සංවර්ධන අධිකාරිය බී.සී.සී ලංකා සමාගමට ලබාදී තිබූ රුපියල් කෝටි එකොළහකට වැඩි මුදලක් වසර 36 කට අධික කාලයක් තිස්සේ අය කර ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අධිකාරිය මෙම ණය මුදල ලබාදී ඇත්තේ පොල්තෙල් මිල ස්ථායිකරණ අරමුදලින් හා ප්‍රාග්ධන සංවර්ධන අරමුදලින් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අනුව අධිකාරිය එම සමාගමට 1985 වර්ෂයේදී දෙකෝටි හැට හත් ලක්ෂයක මුදලක්ද 2002 හා 2004 වර්ෂයන්හිදී රුපියල් තුන්කෝටියක්ද ලබාදී ඇත. ඊට අමතරව එම ණය මුදලට අදාළ පොලී මුදල් වශයෙන් කෝටි පහකට වැඩි මුදලක්ද අයවීමට ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මේ අතර අධිකාරිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව 2021 වර්ෂයේ දී ස්ථාවර තැන්පතු 40ක රුපියල් කෝටි 74 ක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයිද විගණන වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පොල් සංවර්ධන අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
නිමන්ති රණසිංහ