අපට ණය ගෙවීමට නොහැකි නම් ඒ බව පූර්ව දැනුම් දීමක් කර ණය ගෙවීම් කල් දමා ගැනීමට අවකාශ තිබුණු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
එසේ කටයුතු කළ රටවල් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වූ බව ද මන්ත්‍රීවරයා කීවේය.
ලෝක අත්දැකීම් අනුව එය පිළි නොගෙන අවිධිමත් බංකොලොත් භාවයකට යන රටකට යළි නැඟී සිටීම අසිරු බවත් මහ බැංකුවේ අධිපතිවරුන් නිසි වේලාවට නිවැරැදි තීන්දු නොගැනීම මීට හේතු සාධක වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තරය තුළ මූල්‍ය විශ්වාසයක් ඇති කිරීමට විනයක් ඇති කිරීමට IMF උදව් කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ
IMF කිසිදු රටකට කිසිදු බලපෑමක් නොකරන බවයි.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% වැඩි කිරීමට අපට උපදෙස් ලබා දුන් නමුත් එවැන්නක් ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන බවද මන්ත්‍රීවරයා කීවේය.
සුභද්‍රා දේශප්‍රිය