ආණ්ඩුව පවත්වාගෙන යාමට බදු අය කළ යුතු නමුත් මේ ආණ්ඩුව අය කරන බදු අසාධාරණ බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
බදු විෂමතා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බව පෙන්වා දුන් ඔහු පැවසුවේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරවලට හා භාණ්ඩවලට ද බදු අය කරනු ලබන බවත් වැට් බදු අය නොකළ භාණ්ඩ සියයකට අධික ගණනකට වැට් බදු අය කිරීමට රජය කටයුතු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ජනතාවට ආදායම් වැඩි කළේ නැහැ. නමුත් විශාල ලෙස වියදම වැඩි වෙලා තියෙන බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා පැවසුවේ රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් ජීවත් වන්නේ දැඩි අසීරුවෙන් බවත් පෙන්වා දුන්නේය. වැටුපට වඩා වියදම බෙහෙවින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ හිටපු මන්ත්‍රී හා ඇමැතිවරුන්ට ගෙවන විශ්‍රාම වැටුප් නැවැත්විය යුතු බවයි.
එමෙන්ම රජයේ අනවශ්‍ය වියදම් නැවැත්විය යුතු බවත් ඒ මඟින් බදු වැඩි කර ගත හැකි බවද ඔහු පැවසුවේය.
සුභද්‍රා දේශප්‍රිය