ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය දා මහනුවර සංචාරයක නිරත වූ අතර එහිදී මහකොමසාරිස්වරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. මහනුවර පැවැති විවිධ උත්සව අවස්ථා කිහිපයකට සහභාගි වූ ඔහු ඉන් පසු හන්තාන වතුයායේ සංචාරයක නිරත විය. හන්තාන ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතියද මහකොමසාරිස්වරයා නිරීක්ෂණය කළේය. එහිදී පාසල් දරු දැරියන් හා සුහද කතාබහක නිරත වූ මහ කොමසාරිස්වරයා පාසල් දැරියකට තිළිණ ප්රදානය කළ අවස්ථාව මෙහි දැක්වේ.
ඉන්දියානු මහකොමසාරිස් මහනුවර සංචාරයක
1.3K
previous post