Home » ගිරි­තලේ හෝට­ල­යක ජනා­ධි­පති අපේ­ක්­ෂ­ක­යන් ගැන කතා­බ­හක්

ගිරි­තලේ හෝට­ල­යක ජනා­ධි­පති අපේ­ක්­ෂ­ක­යන් ගැන කතා­බ­හක්

by damith
January 20, 2024 12:39 am 0 comment

ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ ස්විට්ස­ර්ල­න්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව ගියේ ලෝක ආර්ථික සමු­ළු­වට සහ­භාගී වීමට ය. ජන­පති රනිල් ලෝක ආර්ථික සමු­ළු­වට එක්වී­මට විශේෂ හේතු­වක් තිබුණි. ඒ මේ වසර තුළ රට ඉදි­රි­යට ගෙන යාමට ලංකා­වට අයෝ­ජන අව­ශ්‍යය වන බැවිණි. මෙම ආර්ථික සමු­ළු­වට ලෝකයේ සතර දිග් භාග­යෙන්ම ප්‍රකට ව්‍යාපා­රි­ක­යන්, ලෝක බල­ව­තුන් පැමි­ණෙ­න්නේය. ලංකාවේ ඇති ආයෝ­ජන අවස්ථා ගැන ඔවු­නට පහදා දීමට මෙය කදිම තෝතැ­න්නකි.

මෙම කාර්ය­යට දාය­ක­වී­මට ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක, ජනා­ධි­පති උප­දේ­ශක රුවන් විජ­ය­ව­ර්ධන, ඩේෂාල් ඩි මෙල් සේම ආයෝ­ජන මණ්ඩ­ලයේ සභා­පති ඇතුළු පිරි­සක් ද එක්ව සිටි­යේය. ඔවුන් බෝහෝ දෙනෙකු එහි ගොස් තිබුණේ තමන්ගේ පෞද්ග­ලික විය­ද­මිනි.

හිමෙන් වැසුණු ඩාවෝස් නග­රය ජන­වා­රියේ උණු­සුම් වන්නේ ලෝක ප්‍රකට ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් පිරී යාම නිසා­වෙනි. ඉකුත් ඉරිදා ස්ව්ට්සර්ල­න්තයේ සූරිච් නග­ර­යට ළඟා වූ ජන­පති රනිල් ඇතුළු පිරිස එක් දිනක් එහි නතර වී සූරිච් හි වෙසෙන ව්‍යාපා­රික කණ්ඩා­යම් හා ඩය­ස්පෝරා කණ්ඩා­යම් කිහි­ප­යක් සමඟ සාකච්ඡා කළහ.

ජන­පති රනිල් ඇල්ප්ස් කඳු පාමු­ලට

අන­තු­රුව ඇල්ප්ස් කඳු පන්තිය පාමුල ඇති ඩාවෝස් නග­ර­යට ගිය ජන­පති එහි රැඳෙ­මින් පළ­මුව මුණ ගැසුණේ අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හිටපු උප ජනා­ධි­පති, The Climate Reality Project හි නිර්මාතෘ සහ සභා­පති ඇල් ගෝර් ( Al Gore) ය. ඔහු වත්මන් ජන­පති ජෝ බයි­ඩන්ගේ ළඟම හිත­ව­තෙකු වන අතර, එරට දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බ­ඳව කට­යුතු කරන ප්‍රබ­ල­යෙකි. රුවන් විජ­ය­ව­ර්ධන ද මේ අව­ස්ථා­වට එක්වූයේ ඔහු මෙරට දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බ­ඳව ක්‍රියා­කා­රි­ක­යෙකු බැවිනි.

මෙන්සීස් (Menzies) ගුවන් සේවයේ සභා­පති හසන් එල්-හූරී (Hassan El-Houry ) ජන­පති රනිල් මුණ ගැසුණු අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන මෙන්ම මත්තල ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ ගැන ඔහු දැනු­ම්වත් කළේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාග­ලය.

එක්සත් රාජ­ධා­නියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩ­ලයේ මන්ත්‍රි විලි­යම් හේග් (William Hague) මුණ ගැසුණේ ලෝක ආර්ථික සමු­ළුව අත­ර­වා­රයේ දී ය. ඔහුත් ආර්ථික සමු­ළු­වට සහ­භා­ගී­වී­මට පැමිණ සිටි අතර මෙහිදි ජන­පති ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැ­දිලි කර දුන්නේය. දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විශේෂ නියෝ­ජිත ජෝන් කෙරී (John Kerry) මුණ­ගැසී සාකච්ඡා කිරී­මට ද ජන­පති ඇතුළු දූත පිරි­සට අව­ස්ථාව උදා විය.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ අධ්‍ය­ක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා ද මුණ ගැසී මෙරට ආර්ථික ප්‍රග­තිය ගැන සවි­ස්තර පැහැ­දිලි කිරී­මක් කිරී­මට ජන­පති රනිල් කට­යුතු කළේය. ලෝක ආර්ථික සමු­ළුවේ පාර්ශ­්ව­ක­රු­වන්ගේ සංවා­දයේ විද්වත් සාක­ච්ඡා­ව­කට එක්වී­මට ද ජන­පති රනිල් ඇතුළු පිරි­සට අව­ස්ථාව උදා­වූහ.

ලංකාවේ ඉදිරි දැක්ම හා ආර්ථික ප්‍රග­ම­නය ගැන ජන­පති රනිල් මෙහිදි පිරි­සට කරුණු පැහැ­දිලි කර දුන්නේය. ඉන්දීය කර්මාන්ත සමූ­හය සංවි­ධා­නය කළ වට මේස සාක­ච්ඡා­ව­කට ද මෙරට දූත පිරිස එක්වූ­යේය. විවිධ ආයෝ­ජන සඳහා සුදු­සුම ස්ථාන­යක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන­ගත කිරී­මට ජන­පති රනිල් මෙහිදි සමත් වූයේය.

රනිල් ඩාඩොස් නුවර කඳු මුදු­නට

අඟ­හ­රු­වාදා රාත්‍රියේ විශේෂ ශ්‍රී ලාංකීය රාත්‍රී භෝජන සංග්‍ර­හ­යක් සුදා­නම් කර තිබුණේ ඩාඩොස් නුවර කඳු මුදු­නක පිහිටි හෝට­ල­ය­ක­දීය. වාහන ගමන් කළ නොහැකි තැනක් වූ බැවින් එහි පිවි­සී­මට තිබුණේ කේබල් කාර් වැනි ක්‍රම­වේ­ද­යකි. මෙර­ටින් ගිය ව්‍යාපා­රි­ක­යන් පිරිස සංවි­ධා­නය කළ මෙම භෝජන සංග්‍ර­හ­යට ලෝක ආර්ථික සමු­ළු­වට පැමිණ සිටින ව්‍යාපා­රි­ක­යන් රැසක් එක්ව සිටි­යහ.

ජන­පති උග­න්ඩා­වට

බදාදා දිනයේ දී හාවඩ් සර­ස­වියේ මහා­චාර්ය රිකාඩෝ හවු­ස්මන් මුණ ගැසී සාකච්ඡා කළ ජන­පති රනිල් සවස ලෝකයේ රට­වල ණය කළ­ම­නා­ක­ර­ණය ගැන වූ විද්වත් කති­කා­ව­කට ද එක්වූ­වේය. මේ අත­ර­වා­රයේ ස්විට්ස­ර්ලන්ත ජනා­ධි­ප­ති­නිය හා සිංග­ප්පූරු අග­මැ­තිද මුණ ගැසු­ණේය. එදින රාත්‍රියේ ජන­පති රනිල් ස්විට්ස­ර්ල­න්ත­යෙන් පිටත් වූයේ උග­න්ඩාවේ පැවැ­ත්වෙන නොබැඳි ජාතීන්ගේ සමු­ළුවේ රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භා­ගී­වීම සඳ­හාය.

නිද­හස් දිනයේ පැමි­ණෙන ප්‍රධාන අමුත්තා

විදෙ­ස්ගත වීමට ප්‍රථම ජන­පති රනිල් විශේෂ සාකච්ඡා කිහි­ප­යක් පැවැ­ත්වූ­වේය. ඒ අතර ඉදිරි නිද­හස් උලෙළ සංවි­ධා­නය කිරීමේ සාක­ච්ඡාව ද විය. නිද­හස් දින­යට පැමි­ණෙන ආරා­ධිත අමු­ත්ත­නට පිළි­ගැ­න්වී­මට සමරු කලා­ප­යක් සකස් කරන ලෙස ජන­පති උප­දෙස් දුන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් දිනිත් චින්තක කරු­ණා­ර­ත්නට ය.

ඒ අනුව ඔහු මහා­චාර්ය ප්‍රණීත් අබේ­සු­න්දර, සැක­සුම් ශිල්පි ඩබ්ලිව් විජේ­බ­ණ්ඩාර ඇතුළු ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් ජන­පති මුණ ගැසී­මට රැගෙන ගියේය. ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක ද මෙම අව­ස්ථා­වට එක්වූ අතර නිද­හස් දිනයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස තායි අග­මැති සහ­භා­ගී­වන බව ජන­පති ප්‍රථම වරට හෙළි කළේ මෙහි­දීය.

ජන­පති මෙහිදි මහා­චාර්ය ප්‍රණීත්ට කීවේ බෞද්ධ රට­වල සම්බ­න්ධ­තා­වය සමරු කළ­ඹට ඇතු­ළත් කරන ලෙසය. ආර්ථික, දේශ­පා­ලන, සංස්කෘ­තික ලෙස ලංකාව නව මාන­ය­කට ගෙන යන ආකා­රය පෙන්වා දෙන ආකා­ර­යට මෙය සකස් කරන ලෙස කී ජන­පති රනිල් ශ්‍රී ලංකා තායි­ලන්ත වෙළෙද ගිවි­සුම තායි භාෂාව ද ඇතු­ළුව භාෂා හත­රෙන්ම පළ­ක­රන ලෙස ද දන්වා සිටි­යේය.

නිද­හස් උලෙළ අව­සන්ව යද්දී පුටුව මත තබා යන එකක් ලෙස නොව නිව­සට ගෙන ගොස් නැවත නැවත පරි­ශී­ල­නය කළ හැකි සමරු කළ­ඹක් සක­සන ලෙස ද ජන­පති පිරි­සට උප­දෙස් දුන්නේය. නිද­හස් උලළේ තේමාව කුම­ක්දැයි විම­සුවේ විදුලි සංදේශ නියා­මන කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් මධු­ශංක දිසා­නා­යක ය.

“හදමු අලුත් රටක්”

“Let`s Build New Country” ජන­පති ඉංග්‍රි­සි­යෙන් කියූ දේ සිංහ­ලට පෙර­ළුවේ ජන­පති ලේකම් සමන් ඒක­නා­ය­කය. ජන­පති ලේකම් කොළ කැබැ­ල්ලක ලියූ දේ දෙපැත්ත මාරු කළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් “හදමු අලුත් රටක්” ලෙස සංස්ක­ර­ණය කළේය.

බදු ගෙවන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යින් කවුද?

එදින දහ­වල් පාර්ලි­මේ­න්තු­වට ගිය ජන­පති රනිල් පක්ෂ විපක්ෂ මන්ත්‍රි­ව­රුන් මුණ ගැසු­ණේය. මෙහිදි මහා­චාර්ය ආශු සමඟ පැමිණි මන්ත්‍රි පිරි­සක් ඉල්ලා සිටියේ ව්‍යාපා­රි­ක­යන් ලෙස පැමි­ණෙන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ව්‍යාපාර දියුණු කර­ගත් ආකා­රය ගැනත් ඔවුන් හරි­යට බදු ගෙවලා තියෙ­න­වාද යන කාර­ණ­යත් සොයා බලන ලෙස­ටය.

මාර්ග­ගත ආර­ක්ෂණ පනත ගෙන ආ යුතු පන­තක් බව විප­ක්ෂයේ මන්ත්‍රි­වරු කිහිප දෙනෙ­කුම ජන­ප­තිට කීවෝය. ජන­පති රටින් බැහැර වීමට ප්‍රථම සභා­පති වජිර කැදවා විශේෂ වැඩ­ස­ට­හන් කිහි­ප­යක් භාර දුන්නේය. ඒ අතර මුලින්ම තිබුණේ පක්ෂ කළ­ම­නා­ක­රණ කමි­ටු­වේදී අනු­මත වූ සම්මේ­ලන මාලා­වයි.

වජි­රට ප්‍රශංසා

එක්සත් ජාතික පක්ෂ සභා­පති වජිර අබේ­ව­ර්ධන ගාල්ල, තංගල්ල, කළු­තර හා රත්න­පූ­රයේ පැවැත් වූ සම්ම­න්ත්‍රණ මාලා­වට විශාල ජන­කා­යක් සහ­භා­ගීව සිටි අතර එය කාගේ කාගෙත් පැස­සු­මට ලක්ව තිබුණි. “මේ වැඩේ දිග­ටම රට­පුරා ගෙනි යන්න.” කෝට්ටේ සංවි­ධා­යක දිනේෂ් විදා­න­ප­ති­රණ වජි­ර­ගෙන් ඉල්ලා සිටි­යේය.

“මහ ලේක­ම්තුමා මේකට වැඩ පිළි­වෙ­ළක් සකස් කරලා තියෙ­නවා. ඒක අපි ඉස්ස­ර­හට ගෙනි­යමු.” වජිර කීවේ දිනේෂ් ගේ පිටට තට්ටු­වක් ද දම­මිනි.

ගාල්ලේ පැවැති සම්මේ­ල­න­යට රට තුළ මේ මොහොතේ රැඳී සිටින සියලු නාය­ක­යන් සහ­භා­ගී­වීම ද විශේ­ෂ­ත්ව­යක් විය. පාර්ලි­මේ­න්තු­වේදි මහා­චාර්ය ආශුව මුණ ගැසුණු දොල­වත්ත මන්ත්‍රී­ව­රයා අපූරු කාර­ණ­යක් කීවේය.

“සෞඛ්‍ය වර්ජ­න­යට පළාත් සෞඛ්‍ය රිය­දු­රන් එකතු වෙලා නෑ කියලා ආරං­චි­යක් ආවා. ඒ කට්ටිය ඔබ­තුමා බාගෙන කියලා තමයි කට්ටිය කියන්නේ.” දොළ­වත්ත කියද්දී මහා­චාර්ය ආශු කීවේ නෑ නෑ ඒ අය අපේ මතය විශ්වාස කර­නවා එප­ම­ණයි.” කියාය.

මහින්ද, මෛත්‍රී, බන්දුල පොලො­න්න­රු­වට

අකා­ලයේ දිවි ගම­නින් සමු­ගත් දිය­ණි­යට පිං පිණිස ප්‍රවා­හන රාජ්‍ය අමාත්‍ය සිරි­පාල ගම්ලත් ඉතා විශාල පිරි­වැ­යක් දර­මින් ඉදි කළ විහාර මන්දි­රය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝ­ත්ස­වය පසු­ගිය සති අන්තයේ පොලො­න්න­රු­වේදී පැවැ­ත්විණි.

ඒ සඳහා හිටපු ජන­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, මෛත්‍රී­පාල සිරි­සේන, අමාත්‍ය බන්දුල ගුණ­ව­ර්ධන ඇතුළු දේශ­පා­ලන හා ව්‍යාපාර ක්ෂේත්‍ර­යේ ද සැල­කිය යුතු පිරි­සක් එක්ව සිටි­යහ.

හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ හා අමාත්‍ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­ත්වරු පෙර­දින පස්ව­රු­වේම එහි පැමිණ සිටි­යහ. බන්දුල ගුණ­ව­ර්ධන අමා­ත්‍ය­ව­රයා එහි පැමි­ණියේ කලින් දින අම්පාර ප්‍රදේ­ශයේ ගංව­තුර හානි නිරී­ක්ෂ­ණය කිරීමේ කට­යු­ත්ත­කද නිරත වීමෙන් අන­තු­රු­වය.

මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සහ බන්දුල ගුණ­ව­ර්ධන ඇමැතිවරයා එදින නවා­තැන් ගත්තේ සිරි­පාල ගම්ලත් රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාට අයිති ගිරි­තලේ පිහිටි හෝට­ල­යේය.

එහිදී ගම්ලත් ඇමැ­ති­ව­රයා විසින් පොලො­න්න­රුවේ හිටපු පළාත් පාලන නියෝ­ජි­ත­යන් ඇතුළු පිරි­සක් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සුහද සාක­ච්ඡා­ව­කට සූදා­නම් කර තිබිණි.

තමන්ගේ ගම් දන­ව්වල පාක්ෂි­ක­යන් ළඟට නැවත යාමට නම් පාර­වල්, ඇනි­කට් හා වේලි ඉදි­කි­රීම් කට­යුතු නිම කර දෙන ලෙස ඔවුහු එහිදී ඉල්ලා සිටි­යහ. වන­ගත ප්‍රදේ­ශ­ව­ලට හරක් ගාල් කරද්දී වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව ගන්නා නීති­මය පිය­වර නිසා ගොවි ජන­තාව මුහුණ දෙන ගැටලු විසඳා දෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටි­යහ.

මේ අතරේ ඔවුන්ගේ වුව­ම­නාව වූයේ මීළඟ ජන­ප­ති­ව­ර­ණ­යට එන පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­කයා කවු­දැයි දැන ගැනී­මය.

” ඒක එව­ලෙට තීර­ණය වෙන දෙයක්. ඔක්කොම එකතු වෙලා පොදු ස්වාධීන අපේ­ක්ෂ­ක­යෙක් ගේන එක තමයි වඩාත් හොඳ. රට මුහුණ දීලා තියෙන දැවැන්ත අර්බු­දය විස­ඳන්න පුළු­වන් කෙනෙක් තමයි ගේන්න ඕනෑ.’ යනු­වෙන් ඊට පිළි­තුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජ­පක්ෂ කියා සිටි­යේය.

මහි­න්දගේ මතය

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් පසු­ගිය කාල­යේදී ජන­ගත කරන ලද අසත්‍ය ප්‍රචා­ර­ව­ලට පිළි­තුරු දීමේ වැඩ පිළි­වෙ­ළක් ආරම්භ කර තිබිණි ඒ සඳහා නාමල් රාජ­පක්ෂ විශේෂ දාය­ක­ත්ව­ක­යක් දක්වා තිබිණි. මේ සඳහා පොහොට්ටු ක්‍රියා­කා­රීන් තුන්සිය පන­හක් පමණ සහ­භාගී වී තිබිණි.

ප්‍රසන්න – ජවිපෙ නියෝ­ජිත හමු­වක්

ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රබල සාමා­ජි­ක­යන් කිහිප දෙනෙකු පසු­ගි­යදා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක, අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග හමු­විය. ඔවුන් පළාත් සභා කිහි­ප­යක හිටපු නියෝ­ජි­ත­යන් පිරි­සකි. බස්නා­හිර පළාත් ප්‍රධාන අමා­ත්‍ය­ව­ර­යාව සිටි සමයේ පටන්ම ඔවුන් හා ප්‍රසන්න අතර යම් හිත­ව­ත්ක­මක් තිබුණි.

“ඔයා­ලගේ ලොක්ක, දැන­ටම ජනා­ධි­පති වෙලා. එයාට කියන්න ඔහොම බාල් නටන්න එපා කියල. එහෙම වුණා­හම නිකම්ම පීචං වෙනවා” ප්‍රසන්න කීය.

“වැඩක් නෑ සර්… එයා දැන් ඉන්නේ වෙනම ලෙවල් එහෙක. ඇමෙ­රි­කා­වට බැණ බැණ ඇමෙ­රි­කානු ඔඩො­ක්කු­වේම ලගි­නවා. තව නාය­කයෝ කිහිප දෙනෙක් එක්ක එක­තු­වෙලා එයා වෙනම ගේමක් ගහ­නවා. බිම් මට්ට­මට ඇහු­ම්කන් දෙන්නේ නෑ.” ජ.වි.පෙ හිටපු දේශ­පා­ලන මණ්ඩල සභි­ක­යකු කීය.

“2015 අපේ රැස්වී­ම්ව­ලට කොච්චර සෙනඟ හිටි­යද. 2005 දි යූ.එන්.පී රැස්වී­ම්ව­ලත් මාර සෙන­ඟක් හිටියා. ඒත් මොකද වුණේ. ඒක නිසා රැස්වී­ම්ව­ලට එන මිනි­ස්සු­න්ගෙන් දිනුම තීර­ණය කරන්න බැහැ. එහෙම හිතන එක මෝඩ­ක­මක්” ප්‍රසන්න කීවේ සිය පරි­ණත දේශ­පා­ලන අත්දැ­කීම් මතක් කර­මිනි.

අනු­රට ෆුල් සිකි­යු­රි­ටිලු

“පාර්ලි­මේ­න්තුවේ කෑ ගැහු­වට අපේ නාය­කයා දැන් එළි­යට එන්නෙත් ෆුල් සිකි­යු­රිටි දාගෙන. දැන් එයාට තියන්නේ ජනා­ධි­ප­ති­කමේ දිවු­රුම් දෙන්න විත­රයි” ජ.වි.පෙ නියෝ­ජි­ත­යන් කීවේ උප­හා­ස­යෙනි.

“ජ.වි.පෙ වෘත්තීය සමිති නාය­කයෝ හැසි­රෙන්නේ එල්.ටී.ටී.ඊ ය වගේ. ආණ්ඩු ගන්න කලින් මෙහෙ­ම­නම් ආණ්ඩු­වක් ගත්තොත් කොහො­මට හිටීද?” ඇමැති ප්‍රසන්න කීවේ තර­මක කෙන්ති­යෙනි.

“ඕව ගැන තවත් කතා කරල වැඩක් නෑ සර්. අපි තීන්දු­වක් අර­ගෙන තිනේනෙ. මහ ඇමැති කාලේ ඉඳල අපි සර්ව දන්නවා. අපිට ඩේට් එකක් දෙන්න. අපි සර්ගේ ස්ටේජ් එකට නඟි­න්නම්.”

ප්‍රසන්න පෙරට එයි

ගම්පහ සහ මිනු­ව­න්ගොඩ ආස­න­වල පොහොට්ටු නියෝ­ජි­ත­යන් හා ඉදි­රි­පෙළ ක්‍රියා­කා­රීන් ඇමැති ප්‍රසන්න හමු­වූයේ පසු­ගිය සඳු­දාය.

“සර්… අපි දැන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙදි මොකද කරන්නේ” මිනු­ව­න්ගොඩ ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති කුමාර අරං­ගල්ල ඇමැති ප්‍රස­න්න­ගෙන් කෙලින්ම ඇසීය.

“මෙහෙ­මයි, ආර්ථි­කය ගොඩ නඟා රට ස්ථාවර කරන්න ජනා­ධි­ප­ති­තු­මාට තවත් අව­ස්ථා­වක් දෙන්න ඕන කියන තැන මම පුද්ග­ලි­කව ඉන්නවා. මට පේන විදි­යට මේ ආර්ථික අර්බු­ද­යෙන් රට බේරා ගන්න පුළු­වන් එකම කෙනා මෙතුමා විත­රයි.” ඇමැති ප්‍රසන්න කීය.

“ඒත් සර්, පක්ෂය එක එක කතා කිය­නවා. පහු­ගිය දව­සක එක්කෙ­නක් කියල තිබුණා පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­කයා එයා කියලා.” තවත් කෙනෙකු ඇසීය.

“මම ඔය ගැන බැසිල් සර්ගෙන් ඇහුවා. බැසිල් සර් මට කිව්ව එහෙම තීර­ණ­යක් නෑ. ඔයා බය නැතුව ඕන කෙනෙක්ට කියන්න කියල ” ඇමැති ප්‍රසන්න රහ­සක් හෙළි කළේය.

අත්හදා බැලු­වොත් ඉව­රයි

“මේක අත්හදා බැලීම් කරන්න පුළු­වන් වෙලා­වක් නෙවෙයි. අත්හදා බලන්න ගියොත් රට සුං“. ඇමැති ප්‍රසන්න මතය ප්‍රකාශ කළේය.

“ඒක ඇත්ත, අපි සර් කියන දේට එක­ඟයි. ” පක්ෂ ක්‍රියා­කා­රි­ක­යන් කීය.

ප්‍රසන්න මෙහිදී පසු­ගිය මැති­ව­ර­ණ­යේදී සිදුවූ සිද්ධි­යක් මතක් කළේය.

“පහු­ගිය මැති­ව­ර­ණය වෙලා­වෙදි මම ශ්‍රී ලංකා එක්ක එකතු වෙන්න කැමැ­ත්තෙන් හිටියෙ නෑ. මම කිව්වෙ අපි වෙනම තරඟ කරමු කියල. ඒකට ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා මට බැන්නා. .”

“හැම පක්ෂ­යක්ම අපේ­ක්ෂ­කයෝ නම් කරල. පොහො­ට්ටුව තවම නෑ. ඒක තමයි මේ ප්‍රශ්න” කෙනෙක් කීය.

“කල­බල වෙන්න එපා. අපි හරි වෙලා­ව­ට හරි තීන්දුව ගන්නවා. .” ඒ ඇමැති ප්‍රස­න්නය.

ඩලස්ගේ ලියු­මට ප්‍රස­න්න­ගෙන් නටන උත්ත­ර­යක්

පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා ඇමැති ප්‍රසන්න මාතර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මට සහ­භාගි විය.

අමාත්‍ය කංචන විජේ­සේ­කර, නිපුණ රණ­වක, දකුණු පළාත් ආණ්ඩු­කාර විලී ගමගේ ඇතුළු පිරි­සක් සහ­භාගී වූහ.

“සර්.. මේපාර විම­ධ්‍ය­ගත අර­මු­ද­ල්ව­ලට මොකද වෙන්නේ” ඒ පාර්ලි­මේන්තු මන්ත්‍රී නිපුණ රණ­ව­කය.

“මේ පාර විම­ධ්‍ය­ගත අර­මු­දල් කියල එකක් නෑ. වෙන්ක­රල තියෙන්නේ දිස්ත්‍රික් සංව­ර්ධන අර­මු­දල්. ඒ සල්ලි දෙන්නේ ආණ්ඩු­වට සහය දක්වන මන්ත්‍රි­ව­රුන්ට විත­රයි” ප්‍රසන්න පැහැ­දිලි කළේය.

“ඩලස් ඇමැ­ති­තුමා ලියු­මක් එවල තියෙ­නවා. විම­ධ්‍ය­ගත අර­මු­දල් ගැන අහල. ඇම­ති­තු­මාම ඒකට උත්තර දෙන්න.” මන්ත්‍රි නිපුණ යළි විම­සීය.

“මේකට උත්තර දෙන්න ඕන අමු­වෙන් ද, නිවි­ලද” ප්‍රසන්න ඇසීය.

“අමු­වෙන්ම දෙන්න. හැබැයි මීඩියා ඉන්නවා” ඒ ඇමැති කංච­නය.

“දැන් කරන්න දෙයක් නෑ. හැංගිලා වෙස් මුහුණු බඳින්න බෑ. මම නැටුම් නටන්නේ එළි­පිට. ඒක නිසා අපි එළි­පි­ටම නැටුම පටන් ගනිමු.” ප්‍රසන්න යළි කීය.

නව සන්ධා­න­යට ලාන්සා – යාපා බර­ටම වැඩ

නව සන්ධා­නයේ මංගල මහ­ජන රැලිය ලබන 27 වැනිදා ජා ඇළ නගර මධ්‍ය­යේදී පැවැ­ත්වී­මට සියල්ල සූදා­නම් කර ඇත.

මේ දින­වල එම නව සන්ධා­නය සෙසු පක්ෂ සමඟ එක්වී­මට අදාළ නීති­මය කට­යුතු සහ නව සන්ධාන ව්‍යව­ස්ථාවේ කට­යුතු සිදු­ක­ර­මින් තිබේ.

එම කට­යුතු ඉදිරි සති දෙක තුළ අව­සන් කර ගැනී­මෙන් පසු නව සන්ධා­නය එළි­දැ­කීම සිදු­වන අතර ඒ අනුව ඉදිරි කාලය තුළ එන ඕනෑම මැති­ව­ර­ණ­ය­කට මුහුණ දීමට නව සන්ධා­නය කට­යුතු සූදා­නම් කර තිබේ.

සජිත් කියූ මැන්ඩෙ­ලාගේ ප්‍රකා­ශය

විපක්ෂ නාය­ක­රයා කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති තෛයි­පොං­ගල් දින සැමැ­රුම අව­සන් වූ වහාම පිටත් වුණේ අනු­රා­ධ­පු­ර­ය­ටය. ඒ සක්වල සුහුරු පන්ති කාමර උප­ක­රණ ලබා දීමේ වැඩ­ස­ට­හනේ 67 වැනි අදි­යර යටතේ රත්ම­ල්ග­හ­වැව මහා විද්‍යා­ල­යට රුපි­යල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උප­ක­රණ ලබා දීමේ අව­ස්ථා­වට එක්වීම සඳ­හාය.

එම අව­ස්ථා­වේදී විපක්ෂ නාය­ක­ව­රයා ‘අධ්‍යා­ප­නය යනු ලෝක පරි­ව­ර්ත­නය උදෙසා යොදා­ගත හැකි බල­වත්ම ආයු­ධ­යයි‘ යන නෙල්සන් මැන්ඩෙ­ලාගේ ප්‍රකා­ශය උපුටා දක්ව­මින් පැවැ­සුවේ එය යථා­ර්ථ­යක් බවට පත් කර ලෝකයේ වෙළෙද පොළට ගැළ­පෙන ලෙස අපේ රටේ ශ්‍රම වෙළෙද පොළ සකස් කළ යුතු බවයි.

‘‘අවං­කව පිරි­සු­දුව රටේ අධ්‍යා­ප­නය තුළින් රට ගොඩ ගත හැකියි. අම­නෝඥ තීන්දු තීරණ ගන්නා පුද්ග­ල­යන් ගැන නොසිතා යහ­පත් අර­මු­ණක් වෙනු­වෙන් කට­යුතු කරන්න.‘‘ විපක්ෂ නාය­ක­ව­රයා රත්ම­ල්ග­හ­වැව මහා විද්‍යා­ලයේ පැවැති උත්ස­යේදී කීවේය.

නාමල්ගේ ගෙදරට මන්ත්‍රීවරුන් 30ක්

මෙහි පළමු කණ්ඩායම පසුගිය සතියේ මුණ ගැසී තිබුණේ මලලසේකර මාවතේ නාමල්ගේ නිල නිවසේදීය. පළමු කණ්ඩායමට මන්ත්‍රීවරු 30ක් පමණ සහභාගී වී සිටියහ.නාලක කෝට්ටේගොඩ, ප්‍රේම්නාත් දොලේවත්ත, ඉන්දික අනුරුද්ධ, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, ඩී.වී චානක ඇතුළු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණි. මෙහිදී නාමල් සියල්ලන්ටම පෙන්වා දී ඇත්තේ සහයෝගයෙන් පොහොට්ටුව ගොඩනැංවිය යුතු බවයි. තවද මෙහිදී සියළු ආසනයන් ආවරණය පරිදි විවිධ පක්ෂවකින් සමාජගත කරන බොරුවට පිළිතුරු දීමේ පිරිස් සංවිධානය කිරීම සිදු කිරීම පිළිබදවද සාකච්ඡා කරන ලදී. ලබන සතියේදී නාමල් රාජපක්ෂ තවත් මන්ත්‍රී කණ්ඩායම් දෙකක් මුණ ගැසීමට සූදානමින් සිටියි.

පොහො­ට්ටුවේ නිවේ­දක වජි­රගේ වේදි­කාවේ

එක්සත් ජාතික පක්ෂය විසින් සංවි­ධා­නය කරන ලද දිස්ත්‍රික් සම්මේ­ලන මාලාවේ පළමු අදි­යර පසු­ගිය සති අන්තයේ ගාල්ල, තංගල්ල, කළු­තර සහ රත්න­පුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ගනි­මින් අති සාර්ථ­කව පැවැ­ත්වුණි.

එක්සත් ජාතික පක්ෂ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධ­නගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති මෙම සම්මේ­ලන සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යින් විශාල පිරි­සක් සහ­භාගී විය.

මෙම දිස්ත්‍රික්ක හත­රෙ­හිම සම්මේ­ල­න­ව­ලදී ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ ඉදි­රි­පත් විය යුතු බවට වන යෝජ­නාව ඉදි­රි­පත් වූ අතර එම යෝජ­නාව පැමිණ සිටි සියල්ල ඒක­ම­ති­කව සම්මත කළේය.

ගාල්ල සම්මේ­ල­න­යෙන් පසු­දින පැවැති සම්මේ­ලන පැවැ­ත්වුණේ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය සහ කළු­තර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ගෙනයි. මේ සම්මේ­ලන සඳ­හාත් විශාල පිරි­සක් සහ­භා­ගීව සිටි­යහ. සහ­භාගී වූ සිය­ලු­දෙ­නාගේ අද­හස වු වැටුණු රට ගොඩ­ගත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හට ඉදිරි ජන­ප­ති­ව­ර­ණ­යේදී අනි­වා­ර්ය­යෙන්ම තම මනා­පය දිය යුතු බවයි.

තනි ආස­නයේ වටි­නා­කම වජිර පෙන්වයි

වජිර යන විටත් විශාල පිරි­සක් කළු­තර නගර ශාලා­වට රැස්ව සිටියේ වජිර පැමි­ණෙන තෙක්ය.

වජිර පැමි­ණී­මත් සම­ඟම සම්මේ­ල­නයේ වැඩ­ක­ට­යුතු ආරම්භ විය.

එක්සත් ජාතික පක්ෂය පැර­දු­ණනේ 2020 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන්. අපි වේලා­ස­නින් සමි­ක්ෂ­ණ­යක් කළා. ඒකෙ වාර්තාව මගේ ලඟ තියෙ­නවා. මට කිව්වා වැර­දි­ලා­වත් අලි­යා­ගෙන් නම් ඉල්ලන්න එපා, ෂුවර් එක­ටම පරා­දයි කියලා. එත­කොට මම අපේ නාය­ක­ය­තු­මාට කිව්වාම, මොකද කරන්නෙ වජිර කියලා එතුමා ඇහුවා. මං කිව්වා, අලි­ය­ගෙන් ඉල්ල­නවා කියලා. මොකද දන්න­වද ? මට නාය­කයා ෂුවර්. මං දන්නවා නාය­කයා කියලා තියෙන්නෙ ඇත්ත කියලා. නාය­ක­යත් පරා­දයි, මේ ඉස්සර පෙළේ ඉන්න ඔක්කො­මත් පරා­දයි.

අපිට ලැබුණේ එක ආස­න­යයි. මං ඇහුවා රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­ය­ගෙන් දැන් මොකද වෙන්නෙ කියලා. දැන් හරි විදිය නම් පක්ෂය වහන්න ඕනනේ. කොහොම හරි කමක් නෑ. දැන් එක ආස­න­යයි. අපි මොකද කළේ? ලංකාව වටේ ගිහින් යෝජනා සම්මත කළා. මොකද්ද ? එක ආස­න­යයි ඒකට යන්න ඕන රනිල් වික්‍ර­ම­සිංහ, වෙන කවු­රුත් ගිහින් හරි­යන්නෙ නෑ කියලා.

දැන් ඔන්න එතුමා යනවා තනි ආස­න­යෙන් පාර්ලි­මේ­න්තු­වට. යනු­වෙන් වජිර අබේ­ව­ර්ධන විසින් පෙන්වා දෙන ලදී.

දිරිය කාන්තා­වන් අජිත් රාජ­ප­ක්ෂගේ පැස­සු­මට

පසු­ගිය 17 වැනිදා උදෑ­සන සුරි­ය­වැව ප්‍රාදේ­ශීය සම්බ­න්ධී­ක­රණ කමි­ටුව යාමට පෙර පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ උදෑ­ස­නින්ම ගියේ මුර­වැ­සි­හේන ප්‍රදේ­ශ­ය­ටය.

37 වෙනි සංව­ත්ස­රය සදහා සහ­භාගී වන ලෙසට අජිත් රාජ­පක්ෂ නියෝජ්‍ය කථා­නා­ය­ක­ව­ර­යාට ලැබුණු ආරා­ධ­නා­ව­කට අනුව ඔහු එහි යාමට තීර­ණය කළේය.

මෙම සණස සමු­ප­කාර සමි­තිය වැඩි­පු­රම කාන්තා­ව‍න්ගෙන් සම­න්විත වු අතර බහු­ත­ර­යක් වයස් සීමාව අවු­රුදු 60,70 ඉක්ම වූ කාන්තා­වන් වීම විශේ­ෂ­ත්ව­යකි.

මුර­වැ­සි­හේන ගම මෙම සණස සමු­ප­කාර සමි­තිය නිසා ශක්ති­මත්ව නැඟී සිටීම විශේ­ෂ­ත්ව­යකි.

රුපි­යල් කෝටි 7කට වඩා වත්ක­ම­කින් මෙම සණස සමි­තිය ශක්ති­මත් වී තිබෙන්නේ මෙම වැඩි­හිටි කාන්තා­වන්ගේ කාර්ය­ක්ෂ­ම­තා­වය සහ දැඩි කැප­වීම නිසාය.

“ සම­හර මේ වැඩි­හිටි ආත්ත­ම්ම­ලාගේ දත් හැලි­ලත් ඔවුන් ගම දියුණු කරන්න කාර්ය­ක්ෂ­මව දැඩි ධෛර්ය­කින් යුක්තව වැඩ කර­නවා. මේ මුර­වැ­සි­හේන සණස බැංකුව මුළු රට­ටම ආද­ර්ශ­යක්” යනු­වෙන් පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මෙම වැඩි­හිටි කාන්තා­වන් අගය කර­මින් දිරි­ග­න්ව­මින් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division