ජනපති රනිල් වික්‍රමසිංහ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව ගියේ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ය. ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට එක්වීමට විශේෂ හේතුවක් තිබුණි. ඒ මේ වසර තුළ රට ඉදිරියට ගෙන යාමට ලංකාවට අයෝජන අවශ්‍යය වන බැවිණි. මෙම ආර්ථික සමුළුවට ලෝකයේ සතර දිග් භාගයෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන්, ලෝක බලවතුන් පැමිණෙන්නේය. ලංකාවේ ඇති ආයෝජන අවස්ථා ගැන ඔවුනට පහදා දීමට මෙය කදිම තෝතැන්නකි.
මෙම කාර්යයට දායකවීමට ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ඩේෂාල් ඩි මෙල් සේම ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය. ඔවුන් බෝහෝ දෙනෙකු එහි ගොස් තිබුණේ තමන්ගේ පෞද්ගලික වියදමිනි.
හිමෙන් වැසුණු ඩාවෝස් නගරය ජනවාරියේ උණුසුම් වන්නේ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් පිරී යාම නිසාවෙනි. ඉකුත් ඉරිදා ස්ව්ට්සර්ලන්තයේ සූරිච් නගරයට ළඟා වූ ජනපති රනිල් ඇතුළු පිරිස එක් දිනක් එහි නතර වී සූරිච් හි වෙසෙන ව්‍යාපාරික කණ්ඩායම් හා ඩයස්පෝරා කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කළහ.
ජනපති රනිල් ඇල්ප්ස් කඳු පාමුලට
අනතුරුව ඇල්ප්ස් කඳු පන්තිය පාමුල ඇති ඩාවෝස් නගරයට ගිය ජනපති එහි රැඳෙමින් පළමුව මුණ ගැසුණේ අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති, The Climate Reality Project හි නිර්මාතෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) ය. ඔහු වත්මන් ජනපති ජෝ බයිඩන්ගේ ළඟම හිතවතෙකු වන අතර, එරට දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන ප්‍රබලයෙකි. රුවන් විජයවර්ධන ද මේ අවස්ථාවට එක්වූයේ ඔහු මෙරට දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියාකාරිකයෙකු බැවිනි.
මෙන්සීස් (Menzies) ගුවන් සේවයේ සභාපති හසන් එල්-හූරී (Hassan El-Houry ) ජනපති රනිල් මුණ ගැසුණු අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගැන ඔහු දැනුම්වත් කළේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගලය.
එක්සත් රාජධානියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රි විලියම් හේග් (William Hague) මුණ ගැසුණේ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ දී ය. ඔහුත් ආර්ථික සමුළුවට සහභාගීවීමට පැමිණ සිටි අතර මෙහිදි ජනපති ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කර දුන්නේය. දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මුණගැසී සාකච්ඡා කිරීමට ද ජනපති ඇතුළු දූත පිරිසට අවස්ථාව උදා විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා ද මුණ ගැසී මෙරට ආර්ථික ප්‍රගතිය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කිරීමට ජනපති රනිල් කටයුතු කළේය. ලෝක ආර්ථික සමුළුවේ පාර්ශ්වකරුවන්ගේ සංවාදයේ විද්වත් සාකච්ඡාවකට එක්වීමට ද ජනපති රනිල් ඇතුළු පිරිසට අවස්ථාව උදාවූහ.
ලංකාවේ ඉදිරි දැක්ම හා ආර්ථික ප්රගමනය ගැන ජනපති රනිල් මෙහිදි පිරිසට කරුණු පැහැදිලි කර දුන්නේය. ඉන්දීය කර්මාන්ත සමූහය සංවිධානය කළ වට මේස සාකච්ඡාවකට ද මෙරට දූත පිරිස එක්වූයේය. විවිධ ආයෝජන සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට ජනපති රනිල් මෙහිදි සමත් වූයේය.
රනිල් ඩාඩොස් නුවර කඳු මුදුනට
අඟහරුවාදා රාත්‍රියේ විශේෂ ශ්‍රී ලාංකීය රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබුණේ ඩාඩොස් නුවර කඳු මුදුනක පිහිටි හෝටලයකදීය. වාහන ගමන් කළ නොහැකි තැනක් වූ බැවින් එහි පිවිසීමට තිබුණේ කේබල් කාර් වැනි ක්රමවේදයකි. මෙරටින් ගිය ව්‍යාපාරිකයන් පිරිස සංවිධානය කළ මෙම භෝජන සංග්‍රහයට ලෝක ආර්ථික සමුළුවට පැමිණ සිටින ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියහ.
ජනපති උගන්ඩාවට
බදාදා දිනයේ දී හාවඩ් සරසවියේ මහාචාර්ය රිකාඩෝ හවුස්මන් මුණ ගැසී සාකච්ඡා කළ ජනපති රනිල් සවස ලෝකයේ රටවල ණය කළමනාකරණය ගැන වූ විද්වත් කතිකාවකට ද එක්වූවේය. මේ අතරවාරයේ ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හා සිංගප්පූරු අගමැතිද මුණ ගැසුණේය. එදින රාත්‍රියේ ජනපති රනිල් ස්විට්සර්ලන්තයෙන් පිටත් වූයේ උගන්ඩාවේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහාය.
නිදහස් දිනයේ පැමිණෙන ප්‍රධාන අමුත්තා
විදෙස්ගත වීමට ප්‍රථම ජනපති රනිල් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වූවේය. ඒ අතර ඉදිරි නිදහස් උලෙළ සංවිධානය කිරීමේ සාකච්ඡාව ද විය. නිදහස් දිනයට පැමිණෙන ආරාධිත අමුත්තනට පිළිගැන්වීමට සමරු කලාපයක් සකස් කරන ලෙස ජනපති උපදෙස් දුන්නේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට ය.
ඒ අනුව ඔහු මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, සැකසුම් ශිල්පි ඩබ්ලිව් විජේබණ්ඩාර ඇතුළු ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජනපති මුණ ගැසීමට රැගෙන ගියේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්වූ අතර නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායි අගමැති සහභාගීවන බව ජනපති ප්‍රථම වරට හෙළි කළේ මෙහිදීය.
ජනපති මෙහිදි මහාචාර්ය ප්‍රණීත්ට කීවේ බෞද්ධ රටවල සම්බන්ධතාවය සමරු කළඹට ඇතුළත් කරන ලෙසය. ආර්ථික, දේශපාලන, සංස්කෘතික ලෙස ලංකාව නව මානයකට ගෙන යන ආකාරය පෙන්වා දෙන ආකාරයට මෙය සකස් කරන ලෙස කී ජනපති රනිල් ශ්‍රී ලංකා තායිලන්ත වෙළෙද ගිවිසුම තායි භාෂාව ද ඇතුළුව භාෂා හතරෙන්ම පළකරන ලෙස ද දන්වා සිටියේය.
නිදහස් උලෙළ අවසන්ව යද්දී පුටුව මත තබා යන එකක් ලෙස නොව නිවසට ගෙන ගොස් නැවත නැවත පරිශීලනය කළ හැකි සමරු කළඹක් සකසන ලෙස ද ජනපති පිරිසට උපදෙස් දුන්නේය. නිදහස් උලළේ තේමාව කුමක්දැයි විමසුවේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මධුශංක දිසානායක ය.
“හදමු අලුත් රටක්”
“Let`s Build New Country” ජනපති ඉංග්‍රිසියෙන් කියූ දේ සිංහලට පෙරළුවේ ජනපති ලේකම් සමන් ඒකනායකය. ජනපති ලේකම් කොළ කැබැල්ලක ලියූ දේ දෙපැත්ත මාරු කළ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් “හදමු අලුත් රටක්” ලෙස සංස්කරණය කළේය.
බදු ගෙවන ජනාධිපති අපේක්ෂකයින් කවුද?
එදින දහවල් පාර්ලිමේන්තුවට ගිය ජනපති රනිල් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් මුණ ගැසුණේය. මෙහිදි මහාචාර්ය ආශු සමඟ පැමිණි මන්ත්‍රි පිරිසක් ඉල්ලා සිටියේ ව්‍යාපාරිකයන් ලෙස පැමිණෙන ජනාධිපති අපේක්ෂකයන් ව්‍යාපාර දියුණු කරගත් ආකාරය ගැනත් ඔවුන් හරියට බදු ගෙවලා තියෙනවාද යන කාරණයත් සොයා බලන ලෙසටය.
මාර්ගගත ආරක්ෂණ පනත ගෙන ආ යුතු පනතක් බව විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකුම ජනපතිට කීවෝය. ජනපති රටින් බැහැර වීමට ප්‍රථම සභාපති වජිර කැදවා විශේෂ වැඩසටහන් කිහිපයක් භාර දුන්නේය. ඒ අතර මුලින්ම තිබුණේ පක්ෂ කළමනාකරණ කමිටුවේදී අනුමත වූ සම්මේලන මාලාවයි.
වජිරට ප්‍රශංසා
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගාල්ල, තංගල්ල, කළුතර හා රත්නපූරයේ පැවැත් වූ සම්මන්ත්රණ මාලාවට විශාල ජනකායක් සහභාගීව සිටි අතර එය කාගේ කාගෙත් පැසසුමට ලක්ව තිබුණි. “මේ වැඩේ දිගටම රටපුරා ගෙනි යන්න.” කෝට්ටේ සංවිධායක දිනේෂ් විදානපතිරණ වජිරගෙන් ඉල්ලා සිටියේය.
“මහ ලේකම්තුමා මේකට වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒක අපි ඉස්සරහට ගෙනියමු.” වජිර කීවේ දිනේෂ් ගේ පිටට තට්ටුවක් ද දමමිනි.
ගාල්ලේ පැවැති සම්මේලනයට රට තුළ මේ මොහොතේ රැඳී සිටින සියලු නායකයන් සහභාගීවීම ද විශේෂත්වයක් විය. පාර්ලිමේන්තුවේදි මහාචාර්ය ආශුව මුණ ගැසුණු දොලවත්ත මන්ත්‍රීවරයා අපූරු කාරණයක් කීවේය.
“සෞඛ්‍ය වර්ජනයට පළාත් සෞඛ්‍ය රියදුරන් එකතු වෙලා නෑ කියලා ආරංචියක් ආවා. ඒ කට්ටිය ඔබතුමා බාගෙන කියලා තමයි කට්ටිය කියන්නේ.” දොළවත්ත කියද්දී මහාචාර්ය ආශු කීවේ නෑ නෑ ඒ අය අපේ මතය විශ්වාස කරනවා එපමණයි.” කියාය.
මහින්ද, මෛත්‍රී, බන්දුල පොලොන්නරුවට
අකාලයේ දිවි ගමනින් සමුගත් දියණියට පිං පිණිස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඉතා විශාල පිරිවැයක් දරමින් ඉදි කළ විහාර මන්දිරය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය සති අන්තයේ පොලොන්නරුවේදී පැවැත්විණි.
ඒ සඳහා හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු දේශපාලන හා ව්‍යාපාර ක්ෂේත්රයේ ද සැලකිය යුතු පිරිසක් එක්ව සිටියහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරු පෙරදින පස්වරුවේම එහි පැමිණ සිටියහ. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහි පැමිණියේ කලින් දින අම්පාර ප්‍රදේශයේ ගංවතුර හානි නිරීක්ෂණය කිරීමේ කටයුත්තකද නිරත වීමෙන් අනතුරුවය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එදින නවාතැන් ගත්තේ සිරිපාල ගම්ලත් රාජ්‍ය ඇමැතිවරයාට අයිති ගිරිතලේ පිහිටි හෝටලයේය.
එහිදී ගම්ලත් ඇමැතිවරයා විසින් පොලොන්නරුවේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට සූදානම් කර තිබිණි.
තමන්ගේ ගම් දනව්වල පාක්ෂිකයන් ළඟට නැවත යාමට නම් පාරවල්, ඇනිකට් හා වේලි ඉදිකිරීම් කටයුතු නිම කර දෙන ලෙස ඔවුහු එහිදී ඉල්ලා සිටියහ. වනගත ප්‍රදේශවලට හරක් ගාල් කරද්දී වනජීවී දෙපාර්තමේන්තුව ගන්නා නීතිමය පියවර නිසා ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු විසඳා දෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
මේ අතරේ ඔවුන්ගේ වුවමනාව වූයේ මීළඟ ජනපතිවරණයට එන පොහොට්ටුවේ අපේක්ෂකයා කවුදැයි දැන ගැනීමය.
” ඒක එවලෙට තීරණය වෙන දෙයක්. ඔක්කොම එකතු වෙලා පොදු ස්වාධීන අපේක්ෂකයෙක් ගේන එක තමයි වඩාත් හොඳ. රට මුහුණ දීලා තියෙන දැවැන්ත අර්බුදය විසඳන්න පුළුවන් කෙනෙක් තමයි ගේන්න ඕනෑ.’ යනුවෙන් ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ කියා සිටියේය.
මහින්දගේ මතය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය කාලයේදී ජනගත කරන ලද අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබිණි ඒ සඳහා නාමල් රාජපක්ෂ විශේෂ දායකත්වකයක් දක්වා තිබිණි. මේ සඳහා පොහොට්ටු ක්‍රියාකාරීන් තුන්සිය පනහක් පමණ සහභාගී වී තිබිණි.
ප්‍රසන්න – ජවිපෙ නියෝජිත හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග හමුවිය. ඔවුන් පළාත් සභා කිහිපයක හිටපු නියෝජිතයන් පිරිසකි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි සමයේ පටන්ම ඔවුන් හා ප්‍රසන්න අතර යම් හිතවත්කමක් තිබුණි.
“ඔයාලගේ ලොක්ක, දැනටම ජනාධිපති වෙලා. එයාට කියන්න ඔහොම බාල් නටන්න එපා කියල. එහෙම වුණාහම නිකම්ම පීචං වෙනවා” ප්‍රසන්න කීය.
“වැඩක් නෑ සර්… එයා දැන් ඉන්නේ වෙනම ලෙවල් එහෙක. ඇමෙරිකාවට බැණ බැණ ඇමෙරිකානු ඔඩොක්කුවේම ලගිනවා. තව නායකයෝ කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා එයා වෙනම ගේමක් ගහනවා. බිම් මට්ටමට ඇහුම්කන් දෙන්නේ නෑ.” ජ.වි.පෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු කීය.
“2015 අපේ රැස්වීම්වලට කොච්චර සෙනඟ හිටියද. 2005 දි යූ.එන්.පී රැස්වීම්වලත් මාර සෙනඟක් හිටියා. ඒත් මොකද වුණේ. ඒක නිසා රැස්වීම්වලට එන මිනිස්සුන්ගෙන් දිනුම තීරණය කරන්න බැහැ. එහෙම හිතන එක මෝඩකමක්” ප්‍රසන්න කීවේ සිය පරිණත දේශපාලන අත්දැකීම් මතක් කරමිනි.
අනුරට ෆුල් සිකියුරිටිලු
“පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට අපේ නායකයා දැන් එළියට එන්නෙත් ෆුල් සිකියුරිටි දාගෙන. දැන් එයාට තියන්නේ ජනාධිපතිකමේ දිවුරුම් දෙන්න විතරයි” ජ.වි.පෙ නියෝජිතයන් කීවේ උපහාසයෙනි.
“ජ.වි.පෙ වෘත්තීය සමිති නායකයෝ හැසිරෙන්නේ එල්.ටී.ටී.ඊ ය වගේ. ආණ්ඩු ගන්න කලින් මෙහෙමනම් ආණ්ඩුවක් ගත්තොත් කොහොමට හිටීද?” ඇමැති ප්‍රසන්න කීවේ තරමක කෙන්තියෙනි.
“ඕව ගැන තවත් කතා කරල වැඩක් නෑ සර්. අපි තීන්දුවක් අරගෙන තිනේනෙ. මහ ඇමැති කාලේ ඉඳල අපි සර්ව දන්නවා. අපිට ඩේට් එකක් දෙන්න. අපි සර්ගේ ස්ටේජ් එකට නඟින්නම්.”
ප්‍රසන්න පෙරට එයි
ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල පොහොට්ටු නියෝජිතයන් හා ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ඇමැති ප්‍රසන්න හමුවූයේ පසුගිය සඳුදාය.
“සර්… අපි දැන් ජනාධිපතිවරණයෙදි මොකද කරන්නේ” මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල ඇමැති ප්‍රසන්නගෙන් කෙලින්ම ඇසීය.
“මෙහෙමයි, ආර්ථිකය ගොඩ නඟා රට ස්ථාවර කරන්න ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දෙන්න ඕන කියන තැන මම පුද්ගලිකව ඉන්නවා. මට පේන විදියට මේ ආර්ථික අර්බුදයෙන් රට බේරා ගන්න පුළුවන් එකම කෙනා මෙතුමා විතරයි.” ඇමැති ප්‍රසන්න කීය.
“ඒත් සර්, පක්ෂය එක එක කතා කියනවා. පහුගිය දවසක එක්කෙනක් කියල තිබුණා පොහොට්ටුවේ අපේක්ෂකයා එයා කියලා.” තවත් කෙනෙකු ඇසීය.
“මම ඔය ගැන බැසිල් සර්ගෙන් ඇහුවා. බැසිල් සර් මට කිව්ව එහෙම තීරණයක් නෑ. ඔයා බය නැතුව ඕන කෙනෙක්ට කියන්න කියල ” ඇමැති ප්‍රසන්න රහසක් හෙළි කළේය.
අත්හදා බැලුවොත් ඉවරයි
“මේක අත්හදා බැලීම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. අත්හදා බලන්න ගියොත් රට සුං“. ඇමැති ප්‍රසන්න මතය ප්‍රකාශ කළේය.
“ඒක ඇත්ත, අපි සර් කියන දේට එකඟයි. ” පක්ෂ ක්රියාකාරිකයන් කීය.
ප්‍රසන්න මෙහිදී පසුගිය මැතිවරණයේදී සිදුවූ සිද්ධියක් මතක් කළේය.
“පහුගිය මැතිවරණය වෙලාවෙදි මම ශ්‍රී ලංකා එක්ක එකතු වෙන්න කැමැත්තෙන් හිටියෙ නෑ. මම කිව්වෙ අපි වෙනම තරඟ කරමු කියල. ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට බැන්නා. .”
“හැම පක්ෂයක්ම අපේක්ෂකයෝ නම් කරල. පොහොට්ටුව තවම නෑ. ඒක තමයි මේ ප්‍රශ්න” කෙනෙක් කීය.
“කලබල වෙන්න එපා. අපි හරි වෙලාවට හරි තීන්දුව ගන්නවා. .” ඒ ඇමැති ප්‍රසන්නය.
ඩලස්ගේ ලියුමට ප්‍රසන්නගෙන් නටන උත්තරයක්
පසුගිය බ්‍රහස්පතින්දා ඇමැති ප්‍රසන්න මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි විය.
අමාත්‍ය කංචන විජේසේකර, නිපුණ රණවක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
“සර්.. මේපාර විමධ්‍යගත අරමුදල්වලට මොකද වෙන්නේ” ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකය.
“මේ පාර විමධ්‍යගත අරමුදල් කියල එකක් නෑ. වෙන්කරල තියෙන්නේ දිස්ත්‍රික් සංවර්ධන අරමුදල්. ඒ සල්ලි දෙන්නේ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රිවරුන්ට විතරයි” ප්‍රසන්න පැහැදිලි කළේය.
“ඩලස් ඇමැතිතුමා ලියුමක් එවල තියෙනවා. විමධ්‍යගත අරමුදල් ගැන අහල. ඇමතිතුමාම ඒකට උත්තර දෙන්න.” මන්ත්‍රි නිපුණ යළි විමසීය.
“මේකට උත්තර දෙන්න ඕන අමුවෙන් ද, නිවිලද” ප්‍රසන්න ඇසීය.
“අමුවෙන්ම දෙන්න. හැබැයි මීඩියා ඉන්නවා” ඒ ඇමැති කංචනය.
“දැන් කරන්න දෙයක් නෑ. හැංගිලා වෙස් මුහුණු බඳින්න බෑ. මම නැටුම් නටන්නේ එළිපිට. ඒක නිසා අපි එළිපිටම නැටුම පටන් ගනිමු.” ප්‍රසන්න යළි කීය.
නව සන්ධානයට ලාන්සා – යාපා බරටම වැඩ
නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇළ නගර මධ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.
මේ දිනවල එම නව සන්ධානය සෙසු පක්ෂ සමඟ එක්වීමට අදාළ නීතිමය කටයුතු සහ නව සන්ධාන ව්‍යවස්ථාවේ කටයුතු සිදුකරමින් තිබේ.
එම කටයුතු ඉදිරි සති දෙක තුළ අවසන් කර ගැනීමෙන් පසු නව සන්ධානය එළිදැකීම සිදුවන අතර ඒ අනුව ඉදිරි කාලය තුළ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට නව සන්ධානය කටයුතු සූදානම් කර තිබේ.
සජිත් කියූ මැන්ඩෙලාගේ ප්‍රකාශය
විපක්ෂ නායකරයා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති තෛයිපොංගල් දින සැමැරුම අවසන් වූ වහාම පිටත් වුණේ අනුරාධපුරයටය. ඒ සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වීම සඳහාය.
එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ‘අධ්‍යාපනය යනු ලෝක පරිවර්තනය උදෙසා යොදාගත හැකි බලවත්ම ආයුධයයි‘ යන නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකාශය උපුටා දක්වමින් පැවැසුවේ එය යථාර්ථයක් බවට පත් කර ලෝකයේ වෙළෙද පොළට ගැළපෙන ලෙස අපේ රටේ ශ්‍රම වෙළෙද පොළ සකස් කළ යුතු බවයි.
‘‘අවංකව පිරිසුදුව රටේ අධ්‍යාපනය තුළින් රට ගොඩ ගත හැකියි. අමනෝඥ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් ගැන නොසිතා යහපත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න.‘‘ විපක්ෂ නායකවරයා රත්මල්ගහවැව මහා විද්‍යාලයේ පැවැති උත්සයේදී කීවේය.
නාමල්ගේ ගෙදරට මන්ත්‍රීවරුන් 30ක්
මෙහි පළමු කණ්ඩායම පසුගිය සතියේ මුණ ගැසී තිබුණේ මලලසේකර මාවතේ නාමල්ගේ නිල නිවසේදීය. පළමු කණ්ඩායමට මන්ත්‍රීවරු 30ක් පමණ සහභාගී වී සිටියහ.නාලක කෝට්ටේගොඩ, ප්‍රේම්නාත් දොලේවත්ත, ඉන්දික අනුරුද්ධ, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, ඩී.වී චානක ඇතුළු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණි. මෙහිදී නාමල් සියල්ලන්ටම පෙන්වා දී ඇත්තේ සහයෝගයෙන් පොහොට්ටුව ගොඩනැංවිය යුතු බවයි. තවද මෙහිදී සියළු ආසනයන් ආවරණය පරිදි විවිධ පක්ෂවකින් සමාජගත කරන බොරුවට පිළිතුරු දීමේ පිරිස් සංවිධානය කිරීම සිදු කිරීම පිළිබදවද සාකච්ඡා කරන ලදී. ලබන සතියේදී නාමල් රාජපක්ෂ තවත් මන්ත්‍රී කණ්ඩායම් දෙකක් මුණ ගැසීමට සූදානමින් සිටියි.
පොහොට්ටුවේ නිවේදක වජිරගේ වේදිකාවේ
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමු අදියර පසුගිය සති අන්තයේ ගාල්ල, තංගල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ගනිමින් අති සාර්ථකව පැවැත්වුණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලන සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් විශාල පිරිසක් සහභාගී විය.
මෙම දිස්ත්‍රික්ක හතරෙහිම සම්මේලනවලදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව ඉදිරිපත් වූ අතර එම යෝජනාව පැමිණ සිටි සියල්ල ඒකමතිකව සම්මත කළේය.
ගාල්ල සම්මේලනයෙන් පසුදින පැවැති සම්මේලන පැවැත්වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ගෙනයි. මේ සම්මේලන සඳහාත් විශාල පිරිසක් සහභාගීව සිටියහ. සහභාගී වූ සියලුදෙනාගේ අදහස වු වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ඉදිරි ජනපතිවරණයේදී අනිවාර්යයෙන්ම තම මනාපය දිය යුතු බවයි.
තනි ආසනයේ වටිනාකම වජිර පෙන්වයි
වජිර යන විටත් විශාල පිරිසක් කළුතර නගර ශාලාවට රැස්ව සිටියේ වජිර පැමිණෙන තෙක්ය.
වජිර පැමිණීමත් සමඟම සම්මේලනයේ වැඩකටයුතු ආරම්භ විය.
එක්සත් ජාතික පක්ෂය පැරදුණනේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන්. අපි වේලාසනින් සමික්ෂණයක් කළා. ඒකෙ වාර්තාව මගේ ලඟ තියෙනවා. මට කිව්වා වැරදිලාවත් අලියාගෙන් නම් ඉල්ලන්න එපා, ෂුවර් එකටම පරාදයි කියලා. එතකොට මම අපේ නායකයතුමාට කිව්වාම, මොකද කරන්නෙ වජිර කියලා එතුමා ඇහුවා. මං කිව්වා, අලියගෙන් ඉල්ලනවා කියලා. මොකද දන්නවද ? මට නායකයා ෂුවර්. මං දන්නවා නායකයා කියලා තියෙන්නෙ ඇත්ත කියලා. නායකයත් පරාදයි, මේ ඉස්සර පෙළේ ඉන්න ඔක්කොමත් පරාදයි.
අපිට ලැබුණේ එක ආසනයයි. මං ඇහුවා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් දැන් මොකද වෙන්නෙ කියලා. දැන් හරි විදිය නම් පක්ෂය වහන්න ඕනනේ. කොහොම හරි කමක් නෑ. දැන් එක ආසනයයි. අපි මොකද කළේ? ලංකාව වටේ ගිහින් යෝජනා සම්මත කළා. මොකද්ද ? එක ආසනයයි ඒකට යන්න ඕන රනිල් වික්‍රමසිංහ, වෙන කවුරුත් ගිහින් හරියන්නෙ නෑ කියලා.
දැන් ඔන්න එතුමා යනවා තනි ආසනයෙන් පාර්ලිමේන්තුවට. යනුවෙන් වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදී.
දිරිය කාන්තාවන් අජිත් රාජපක්ෂගේ පැසසුමට
පසුගිය 17 වැනිදා උදෑසන සුරියවැව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යාමට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ උදෑසනින්ම ගියේ මුරවැසිහේන ප්‍රදේශයටය.
37 වෙනි සංවත්සරය සදහා සහභාගී වන ලෙසට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාට ලැබුණු ආරාධනාවකට අනුව ඔහු එහි යාමට තීරණය කළේය.
මෙම සණස සමුපකාර සමිතිය වැඩිපුරම කාන්තාවන්ගෙන් සමන්විත වු අතර බහුතරයක් වයස් සීමාව අවුරුදු 60,70 ඉක්ම වූ කාන්තාවන් වීම විශේෂත්වයකි.
මුරවැසිහේන ගම මෙම සණස සමුපකාර සමිතිය නිසා ශක්තිමත්ව නැඟී සිටීම විශේෂත්වයකි.
රුපියල් කෝටි 7කට වඩා වත්කමකින් මෙම සණස සමිතිය ශක්තිමත් වී තිබෙන්නේ මෙම වැඩිහිටි කාන්තාවන්ගේ කාර්යක්ෂමතාවය සහ දැඩි කැපවීම නිසාය.
“ සමහර මේ වැඩිහිටි ආත්තම්මලාගේ දත් හැලිලත් ඔවුන් ගම දියුණු කරන්න කාර්යක්ෂමව දැඩි ධෛර්යකින් යුක්තව වැඩ කරනවා. මේ මුරවැසිහේන සණස බැංකුව මුළු රටටම ආදර්ශයක්” යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙම වැඩිහිටි කාන්තාවන් අගය කරමින් දිරිගන්වමින් ප්‍රකාශ කළේය.