Home » නිවසට වැටෙන හිරු එළියෙන් නිවැසියන්ට ලැබෙන ධන සම්පත්

නිවසට වැටෙන හිරු එළියෙන් නිවැසියන්ට ලැබෙන ධන සම්පත්

by sachintha
January 27, 2024 12:33 am 0 comment

දවස පුරා නිවසේ දොර ජනේල වසාගෙන සිටින අය කියවිය යුතුම ලිපියක්

නිවසේ ජනේල නැඟෙනහිර දිශාවට තැබීමෙන් ලැබෙන සුබ ප්‍රතිඵල

සූර්යා තුළ සිදුවන්නා වූ පරමාණුක ක්‍රියාදාමය හරහා අප පෘථිවිය අතර පවතින්නා වූ ආලෝකය හා තාපය හේතුකොටගෙන මෙහි සත්ත්ව සහ ශාකවල පැවැත්මත් එමෙන්ම කාලගුණික තත්ත්වයත් පාලනය වන්නේය. හිරු තුළ ගැබ්වී ඇති වර්ණ ජාලය ඉතාම අධිකය. මෙවර අප කතාබහ කරන්නට යන්නේ සූර්ය ශක්තිය නිවසකට බලපාන අන්දම ගැනයි. උදේ කාලයේ අල්ට්‍රාවයලට් රෝස දම් පැහැය නිකුත් වේ. එය ඉතාමත්ම හිතකර වන්නේය. පාරජම්බූල කිරණ හා අධෝරක්ත කිරණ නිකුත් වන බවත් මේවා හිතකර තත්ත්වයට එක්තරා සාධකයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

පැරණි අපේ ගැමියන් එදා දැව සහ මැටි උපයෝගී කරගෙන නිවාස ගොඩනඟන ලදි. වත්මන්හි විවිධ අන්දමේ මෙවලම් ඊට උපකාරක වී ඇත. අපි විශේෂයෙන්ම හිරු රැස් ගැන වැඩි සැලකීමක් නොදක්වති. ඒ එය ඉබේම ලැබෙන බැවිනි. හිරු උදාවේ සිට බැස යන තෙක්ම සූර්ය ශක්තිය ඉතාම ප්‍රබල වේ. කුමන අන්දමකට හෝ ඔබේ නිවසේ දොර ජනේල උදේ කාලයේ පමණක් නොව මධ්‍යහ්නය දක්වාම විවෘතව තබන්න. එහි වැදගත්කම වන්නේ මූල්‍යමය සම්පත් වර්ධන වේගයටයි. මුදල් ගුණකය (Money Multiplier) ගැන වඩාත් සැලකිලිමත් වන්න. මේ ක්‍රමය ඔබට සුවිශේෂී අත්දැකීමක් වෙයි. විශේෂයෙන්ම නැඟෙනහිර දිසාවට නිවාසවල ජනේල තැබීම අනිවාර්ය වේ. ඊසාන සහ උතුර ද ධනාත්මක කලාප වන්නේය. ජනේල තිර රෙදි යෙදීමේදී තද ගුරු – තද රතු – දුඹුරු – අළු පැහැති වර්ණ යෙදීම අසුබය. ලා රෝස – ලා නිල් – ලාහරිත – ක්‍රීම් පැහැය ඉතාම ධනාත්මකයි. සූර්යයාගේ වර්ණ දහස් ගණනක් මෙයට පාදක වන්නේය.

නැඟෙනහිර, ඊසාන සහ උතුරු දිසාවට ඇති කාමර තුළ තබා ඇති අල්මාරිවල පියන් නැඟෙනහිරට ඇරෙන සේ තබන්න. පියන් තුනේ අල්මාරියක නම් නැඟෙනහිර දිසාවට අල්මාරිය තබා නැඟෙනහිර පැත්තේ පියන ඇති කොටසේ මුදල් තබන්න. සේප්පුව, ලාච්චුව ආදියේ මුදල් තබන විටදී නෝට්ටු හා කාසිවල අංකය නැඟෙනහිර දිසාවට එල්ල වන සේ තබන්න. එයින් මූල්‍යමය සම්පත් වර්ධනයන් රැකීමත් ඉතිරි වීම විශේෂයෙන්ම වැය අඩු වේ. අත්හදා බලන්න. සාර්ථක ප්‍රතිඵල ලැබේ.

කතා නොකර නැඟෙනහිර පැත්තට ගිය සේපාලිකා ගසක මුලක් ගලවාගෙන කහ දියරෙන් සෝදා බුලත් කොළයක ඔතා අල්මාරියේ නැඟෙනහිර පැත්තේ තබන්න. මුල්‍ය සම්පත් රැකේ. වැය අඩුවේ.

හිරුගේ භූමිකාව වාස්තුවට ඍජුවම බලපෑම් කෙරෙන බැව් පර්යේෂණ හරහා ඔප්පුවී ඇත්තේය. නිවසක පූර්ජනාවර්ණ කලාපය ද වන්නේ නැඟෙනහිර දිසාවය. මුළු දවස පුරාම දොර ජනේල වසා ඇති නිවාසවල මූල්‍ය සම්පත් වර්ධනය ඍණ පැත්තට නැඹුරු වේ. අපේ පියවි ඇසට නොපෙනෙන යම් යම් ශක්තීන් ධනාත්මකව ක්‍රියාත්මක වන්නේය.

උතුරු දිසාවට හිස දමා නිදා ගැනීම හරහා විවිධ ව්‍යාධිවලට මුල්වී ආයුෂ ද හීන වේ. නැඟෙනහිර, ඊසාන සහ උතුරු දිසාවේ කාමරයක බාල්කයට ඇති ඇඳක නිදා ගැනීම ඍජුවම අසුබ වන්නේ ගැබිනි මවකටය. සමහර විට ගැබ් ය වීමට තුඩු දේවි. තවද නිවසේ සාලයේ හරි මැද මධ්‍ය ලක්ෂ්‍යයේ බ්‍රහ්මපාදයට හිරු රැස් වැටීම සුබ බැව් දැක්වේ. නමුත් මධ්‍ය ලක්ෂ්‍ය අවහිර වන්නේ නම් එය ඉතාම අහිතකර වේ. කොපමණ මුදල් හරිහම්බ කළද ගෙදරට ගෙන ආ විට එය නැත්තටම නැතිවේ නම් ඔබේ නිවසේ ආලෝක වර්ණ කලාපය හරිහැටි හඳුනාගෙන එය බලගන්වන්න. දොර කවුළු දවසේ වැඩි කාලයක් දහවල් වසා දමා ඇත්නම්, එකී නිවස තුළ මුදල් නොරැඳෙන තැනට පත්වනු ඇත. රාජ්‍ය, ව්‍යාපාරික, ආගමික, වාස්තු මෙයට ඉඳුරාම වෙනස්ය. ඔබේ නිවස මන්දිරයක් හෝ ඉතාම කුඩා නිවසක් වුවත් නැඟෙනහිරින් නිවසට කාන්දු වන ආලෝක වර්ණ ජාලය ගැන විමසිලිමත් වන්න.

විශේෂයෙන්ම මධ්‍ය ලක්ෂ්‍යයේ ජල පොකුණු තිබීම අසුබය. ගෙදර සිට අතට ලැබෙන මුදල් වහා නැති වන්නේ නම් හේතු රහිතව වැය වන තැනට කරුණු යෙදෙන්නේ නම් ඒ පිළිබඳව ධනාත්මක වාස්තු අනුගමනය කර සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division