මේෂ – දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටු වේ
දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවිය හැකි අතර සතුරු කරදර අඩු වෙයි. ගුණ යහපත් මිතුරන් මුණගැසෙයි. රැකී රක්ෂා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. හිතවත් ඥාති කාගේ හෝ කනගාටුදායක අවස්ථාවට සහභාගි වන්නට සිදු වේ. පුණ්‍ය කටයුතුවලට සිත යයි. අපල අවම කරගැනීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංකය – 4, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා
වෘෂභ – ගෘහ ජීවිතය සාමයෙන් ගතවේ
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය සාමකාමීව ගත කළ හැකි අතර පිරිසිදුකමට මුල් තැනක් දෙමින් ගෘහය තුළ අලංකාරය ඇති කරයි. සාමාජයීය පොදු කටයුතු, පුණ්‍ය කටයුතු ආදියට දායකත්වය සපයයි. ව්‍යාපාර ලාභ ගෙන දෙයි. සතුරන් මිතුරු වේ. අපල අවම වීමට දසදිසා පිරිත කියන්න.
සුබ අංකය – 2, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සිකුරාදා
මිථුන – සහජ හැකියා වැඩිදියුණු වේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ හැකියා වැඩිදියුණු වන සහෝදර උපකාර හිමිවන සතියකි. පදිංචි ස්ථානයේ නිවහනේ දියුණුව පිණිස අලංකාරය පිණිස වෙහෙස වෙයි. මාපිය දූදරු බැඳීම් තර වේ. පුණ්‍ය කටයුතුවල නිරත වන අතර පින්වත් දරු උපත් සහ පිළිසිඳ ගැනීම් සිදු වෙයි. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.
සුබ අංකය – 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
කටක – අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. අතමිට මිල මුදල් ගැවසෙන වචනයට අන්‍යයන්ගේ ප්‍රසාදය ගෙන දෙන සතියකි. සහෝදරාදීන්ගෙන් උදවු උපකාර හිමි වන සහ පවුලේ බැඳීම් වඩා වර්ධනය කෙරෙයි. දුවා දරුවන්ගේ යහපත් බලාපොරොත්තු, අධ්‍යාපන කටයුතු පල දරන දින කීපයකි. අපල අවම කර ගැනීමට සුදු මල් පූජා කරන්න.
සුබ අංකය – 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා
සිංහ – ආදායම් තත්ත්වය සුබ අතට
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න සිවුවැන්න හරහාය. වෙනදාට වැඩි සැහැල්ලු බවකින් සියලු කටයුතු කරයි. ස්ත්‍රි පක්ෂයෙන් උදවු උපකාර ලැබෙන තම සහජ දක්ෂතාවන් මත මිල මුදල් උපයන වාතාවරණයක් දක්නට ඇත. ක්‍රියාශීලිත්වය වැඩිය. ලාභ ආදායම් ද වැඩිය. පිළිවෙළට පිරිසිදුකමට මුල් තැනක් දෙයි. අපල අවම කරගැනීමට අසරණ අයකුට ආහාර වේලක් දෙන්න.
සුබ අංකය – 4, සුබ වර්ණය – රතු, සුබ දවස – ඉරිදා
කන්‍යා – දුර ගමන් බිමන් යෙදේ
සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය තරමක් ගැටලු සහගත විය හැකිය. එහෙත් විදෙස් ගමන් ඉල්ලුම්කර තිබූ අයට සුබ පල ඇත. සාමාජයීය පොදු කටයුතුවලට සහාය දෙමින් තම ව්‍යාපාර කටයුතුවල නියැළෙමින් ගතකරන යහපත් කාලයකි. ආර්ථිකය අයහපත් නොවනු ඇත. සහෝදර උපකාර ලැබේ. දුර ගමන් යෙදිය හැකිය. අපල අවම කරගැනීමට කුඩා දරුවනට ආදරය, රැකවරණය දෙන්න.
සුබ අංකය – 3, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
තුලා – රැකී රක්ෂා ලාභ
සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භයම සතුටුදායකය. ලැබීම් සහිතය. ගෘහ ජීවිතය හොඳින් පවත්වාගත හැකි අසල්වැසි කා සමඟත් සුහදතාව වර්ධනය වන දින කීපයකි. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන හිමි කර දෙයි. සතියේ දෙවන තුන්වන දිනයේදී පාඩුවක් හෝ කලකිරීමක් සිදුවිය හැක. අපල අවම වීමට මෛත්‍රී භාවනාව කරන්න.
සුබ අංකය – 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – බදාදා
වෘශ්චික – යහපත් මිතුරන් ලැබේ
සඳු ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් හරහාය. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. එහෙත් ලාභ ආදායම් හොඳින් පවතී. ගෘහ ජීවිතය සම තත්ත්වයේ ගෙන යයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පැමිණිය හැකිය. ගෙදර දොර කටයුතු පවත්වාගෙන යාමට හැකි ආර්ථිකයක් පෙන්නුම් කරයි. තමාට වඩා වැඩි මහලු ගුණ යහපත් මිතුරන් ලැබේ. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට පිහිට වන්න.
සුබ අංකය – 5, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා
ධනු – පුණ්‍ය සිතුවිලි සහිතයි
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට යහපත ගෙන දෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ආදායම් ලබයි. වෙනත් ලාභ ප්‍රයෝජන ද ඔබට හිමි වෙයි. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද සුබපල පමුණුවයි. අපල අවම කරගැනීමට භික්ෂූන් වහන්සේට ගිලන්පස පිළිගන්වන්න.
සුබ අංකය 5, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා
මකර – යහපත් මිතුරු ඇසුර
සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවතක් සැලවීමට ඉඩ ඇත. ඉන්පසු දින කීපය ගෙදර දොර වැඩකටයුතුවල නියැළෙමින් දරුවන්ට උදවු උපකාර කරමින් ගත කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනු ඇත. යහපත් මිතුරන් ඇසුර හිමි වේ. පදිංචි ස්ථානයේ අතපසුව තිබූ වැඩ ආරම්භ කරයි. අපල අවම වීමට භාවනාවක් කරන්න.
සුබ අංකය – 8, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා
කුම්භ – ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර ලාභ හිමි වෙයි. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය සපයන අතර ගෙදර දොර වැඩ කටයුතු ද අනලස්ව සිදු කෙරෙයි. සාමාජයීය පොදු වැඩ සඳහා ද කාලයක් කැප කරයි. අවිවේකය බල පවත්වන බැවින් වෙහෙසකර තත්ත්වයක් මතු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න. අපල අවම වීමට රෝගී අයට උපකාර කරන්න.
සුබ අංකය – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා
මීන – ව්‍යාපාර දියුණුව
සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. සතුරු කරදර ඉවත් වී යම් සහනයක් සැලසුණද අසනීප ගති මතු විය හැකිය. ව්‍යාපාර කටයුතුවල සපලතාවක් පෙන්වයි. හිතවත් කෙනකුගේ කනගාටුදායක පුවතක් අසන්නට ලැබේ. පුණ්‍ය කටයුතුවලට සිත ඇදී යන බැවින් සතිය අවසානය එවන් වැඩවලට යොමු වෙයි. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.
සුබ අංකය – 3, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා