පසුගිය දෙසැම්බර් 17 වැනිදා සිට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයන් එක්ව දියත් කළ ‘යුක්තිය‘ මෙහෙයුම මඟින් ඉකුත් සිකුරාදා වන විට සැකකරුවන් 40,712ක් සහ සැකකාරියන් 1,181ක් ඇතුළු 41,893 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් 1,783 දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සිළුමිණට පැවැසීය.
ඊට අමතරව අත්අඩංගුවට ගත් 1,885 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති අතර තවත් 222 දෙනෙකුගේ වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම මේ දක්වා සිදුකළ සමස්ත වැටලීම් 42,220කින් හෙරොයින් හෙරොයින් කිලෝග්‍රෑම් 137ක්ද, අයිස් කිලෝග්‍රෑම් 412ක් ද, ගංජා ගංජා කිලෝග්‍රෑම් 784ක් සහ ගංජා පැළ 2,242,280ද වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261ක් සහ මත්පෙති 1,030,059ක්ද පොලිසිය භාරයට ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
අමිල මලවිසූරිය