පෙබරවාරි මාසය තුළ සිදුවන්නා වූ ග්‍රහ මාරු අතර සුවිශේෂ ග්‍රහ මාරුවක් වන පෙබරවාරි මස 05 වන දින රාත්‍රී 09.43ට කුජ හෙවත් අඟහරු ග්‍රහයා සිය උච්ච භවනය වන මකර රාශියට පිවිසෙන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. කුජ බලවත් වූ විට උද්‍යෝගයෙන් අරමුණු සපල කරගත හැකි අතර ආත්ම විශ්වාසය, සටන්කාමී බව, ක්ෂණික ක්‍රියාකාරිත්වය, නායකත්වයට පත්වීමේ හැකියාව වර්ධනය වේ.
මේ කාලය තුළ රුචක යෝගය මේෂ, කටක, තුලා සහ මකර යන ලග්න හතරට බලපාන අතර ඒ අනුව මේෂ, කටක, තුලා සහ මකර ලග්න හිමියන්ට ඉමහත් සුබපල ගෙන දෙද්දී සෙසු ලග්නවලට ද මධ්‍යස්ථ පල ගෙන දෙන බවක් පෙනෙන්නට ඇත.
ලබන මාර්තු මස 15 වන දින දක්වාම කුජ ග්‍රහයා මකර රාශියේ ගත කරනු ඇත. ආරක්ෂක සේවාවල රාජකාරි බහුල වන මේ කාලය තුළ කෘෂිකාර්මික අංශ, පතල් ආශ්‍රිත කටයුතුවල දියුණුවක්ද ඇති වේ. ක්‍රීඩා අංශවල නියුතු අයට ජයග්‍රහණ අත් වේ.
පොදුවේ ගත් කල සැවොම ඉවසීම සහ සංයමයකින් කටයුතු කරන්නට පුරුදු පුහුණු වීම තුළ මේ කාලය තුළ ගැටලු අවම කරයි. අඟහරුවාදා දිනය තුළ මස්මාංශ අනුභවයෙන් ඈත්ව දැහැමි පිළිවෙත් අනුගමනය කිරීම තුළින් ආවේගශීලි අදහස්වලින් මිදීම සහ ඉවසීමෙන් කල් යැවීම අපල අඩු තත්ත්වයන්ගෙන් මිදීමට උපකාරී වේ. ඔබගේ ලග්නයට කුජ ග්‍රහ මාරුව කෙසේ වේදැයි විමසා බලමු.
මේෂ – ඔබට යහපත උදා කරනු ඇත. දසවැන්නේ කුජ බලවත් වීම රුචක යෝගය බැවින් ඔබගේ රැකියා ස්ථානවලදී ඔබට ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නට අවස්ථාව සැලැසේ. පංච මහා පුරුෂ යෝගවලින් එකක් වන රුචක යෝගය නිසා ඔබ අදහස් කරගෙන සිටින අරමුණු අපේක්ෂා ඉටුවීමට මෙම ග්‍රහ බලය රුකුලක් වනු ඇත.
වෘෂභ – විදෙස් ගමන්, දුර බැහැර වන්දනා ගමන් යන්නට මඟ සලසනු ඇත. විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීම කල් පසු වෙයි. ණය දීම, ණය ගැනීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු වන්නේ පසුතැවිල්ලට හේතු විය හැකි බැවිනි.
මිථුන – නිරායාසයෙන් ලැබීම් ගෙන දිය හැකි ග්‍රහ බලයක් වන අතර අතමිට සරු වන කාලයකි. දේපළ මිලදී ගැනීම්වලට යොමු වේ. පදිංචි ස්ථානයේ දියුණුව ද ඇති කරයි.
කටක – රුචක යෝගය යෙදෙන බැවින් සමාජයීය ප්‍රතිලාභ, උසස් නිලතලවලට ඔබව පත්කර ගනී. ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවන අතර වියදම් පක්ෂය වැඩි වනු ඇත. විවාහ සඳහා තීන්දු තීරණ ගැනීම් සිදු කරයි.
සිංහ – නිවාස, දේපළ, යානවාහන පිළිබඳ සුබවාදී තත්ත්වයක් ගොඩනැඟේ. විදේශ ගමන් ද සපල වනු ඇත. ගොවිතැන් කටයුතුවලටද යහපත්ය. පාරම්පරික දේපළකට උරුමකම් කියයි. ආවේගශීලී අදහස් නිසා පාඩු සිදුවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
කන්‍යා – විදෙස් ගමන් සාර්ථක වේ. විවාහ පිළිබඳ තීන්දු තීරණ ගත හැකි වේ. මිල මුදල් වැය වීම් දක්නට ලැබෙන බැවින් ණය දීම්, ණය ගැනීම් දෙකම අසුබය. දරුවන් හිතුවක්කාර විය හැකිය.
තුලා – පදිංචි ස්ථානයේ දියුණුව ගෙන දෙයි. දේපළ, යානවාහන ලාභ, රැකියාවල දියුණුවක් ගෙන දෙයි. අධ්‍යාපනික ජයග්‍රහණ හිමි වෙයි. විදෙස් ගමන් සාර්ථක වීමට ද හේතු වෙයි.
වෘශ්චික – 1 සහ 6 අධිපති ලෙස කුජ තුන්වැන්නට පැමිණීම වික්‍රමය පෙන්වන ග්‍රහ බලයකි. ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරන අතර ජවය වර්ධනය කරයි. අලුත් ගමන්මඟක් වෙත යොමුවිය හැකි කාලයකි. නව ආදායම් මාර්ග හිමි වේ. රෝග පීඩා අඩුවී යයි.
ධනු – දෙවැන්නට පිවිසෙන කුජ මුදල් උපයන්නට වෙහෙස කරවයි. වචනය බලවත් වන බැවින් කල්පනාකාරි වන්න. සංයමයකින් යුතුව වචන හසුරුවන්න. ගෘහ ජීවිතය හොඳින් ගත වේ. මුදල් වියදම් කිරීම පිළිබඳ දෙවරක් සිතන්න.
මකර – රුචක යෝගය උදා කරන අතර ඉතා ධෛර්යවන්ත මනුෂ්‍ය යෙක් බවට පත්වෙයි. නිදහස සඳහා සටන්කාමීත්වය ඇති කරයි. උසස් උදාර ගති පැවතුම් ඇතිව සමාජයීය හා පොදු කටයුතුවලට ද දායකත්වය දෙනු ලබයි. දියුණුවට අදාළ දේවල් කරගැනීමට උනන්දු වේ.
කුම්භ – විපරිත යෝගයක් උදා කරයි. විදෙස්ගත වීම් සහ විදෙස්වල සිටින අයගෙන් උපකාර හිමි වේ. ගමන් බිමන් අධික වේ. යුගදිවිය සාමකාමී වේ. ස්වයං රැකියා සාර්ථක වේ. ජංගම වෙළෙඳාමට සුබ වේ.
මීන – 2, 9 අධිපති ලෙස 11වැන්නට කුජ ග්‍රහයාගේ පිවිසීම ඉතා වාසිදායකය. නිවාස, දේපළ සිහින ආර්ථිකය ශක්තිමත් වේ. වෘත්තිය අධ්‍යාපනය පල දරයි. කාලයක් අරමුණු කර සිටි දේපල් ක්‍රියාවට නැංවෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ