කොහොඹ ගස පිරිමැද මුහුණ සහ සිරුර දෙඅත්වලින් ස්පර්ශ කිරීමෙන් වෙනදා නැති ආකර්ෂණයක් ලැබේවි
සූනියම් දෙවියන් එසේත් නැතිනම් ‘ගම්භාර අප්පච්චිගේ’ පිහිට එසේම උන්වහන්සේ අදහන බැතිමතුන් අතිමහත්ය. උන්වහන්සේ පොළෝවාසි දෙවි කෙනෙකි. පළාතකට උන්වහන්සේගේ බලය සීමා වී නැත. සිරිලක සිව්කොන ජනී ජනයා උන්වහන්සේගේ පිහිට ආධාරය නිතැතින්ම අපේක්ෂා කරති. උන්වහන්සේ දේව වේෂයෙන් සහ යක්ෂ වේෂයෙන් පෙනී සිටී. උන්වහන්සේගේ පිහිට ලැබිය හැකි අති ඉපැරණි සත්‍ය ක්‍රමවේද රාශියකි. උන්වහන්සේගේ ආගමනය පිළිබඳව පුරාවෘත්ත රාශියකි. එවැනි කතන්දරයකට වඩා උන්වහන්සේගෙන් නිතැතින් පිහිටාධාරය ලැබිය හැකි අත්දුටු ක්‍රමවේද මොනවාද යන්න මෙම ලිපිය තුළින් සාකච්ඡා කැරේ.
මම පෙර සඳහන් කළ පරිදි උන්වහන්සේ දේව සහ යක්ෂ යන ස්වරූප දෙකෙන්ම පෙනී සිටින අතර පුර පක්ෂයේදී දේව වේෂයෙන්ද අව පක්ෂයේදී යක්ෂ වේෂයෙන්ද පෙනී සිටින දෙවි කෙනෙකි. පුර පක්ෂයේදී උන්වහන්සේගේ පරිවාර බලය ජීවිත ආරෝපණය සඳහා යොමු කරගන්නේ කෙසේද යන්න අත්දැකීම් මත විග්‍රහ කිරීමට මම කැමැත්තෙමි. සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපි ලෞකික සමාජයේ ජීවත්වීමේදී පැන නඟින ගැටලු, ප්‍රශ්න බොහෝය. එසේ අපට පැන නඟින සමහර ප්‍රශ්න විසඳාගත හැකි වුවත් සමහර ප්‍රශ්න විසඳා ගැනීමට අපට පෙනෙන ලෝකය තුළ නොහැකි වන නිසා එදාමෙදා තුර අපි පුරුදුව සිටින්නේ එවැනි ගැටලු, ප්‍රශ්න දෙවියන් හමුවේ කියා දෙවියන්ගෙන් පිහිටාධාරයක් ප්‍රාර්ථනා කිරීමයි.
විවිධ අයට, විවිධ ප්‍රශ්න පැන නඟින බව ඇත්තය. එහෙත් මෙවර මම පෙන්වා දීමට අපේක්ෂා කරන්නේ සූනියම් දේව බලයෙන් ජන ආකර්ෂණය ලබා තම ව්‍යාපාර, වෙළෙඳසැල, රැකී රක්ෂා සහ මිල මුදල්, ආර්ථික දියුණුව සඳහාම විශේෂිත වූ සූනියම් දේව ආකර්ෂණයක් පිළිබඳවයි. මෙම ක්‍රමවේදය භාවිතයෙන් ඔබට ආකර්ෂණය වන්නේ පිරිස් බලයයි. ජනී ජනයා වසඟ කරගැනීමට මේ තරම් තවත් සත්‍ය වූ ක්‍රමවේදයක් හෝ බලයක් මෙම පෘථිවිය තුළ නැති තරම්ය.
ඔබටද මේ මහඟු ක්‍රමය අත්හදා බැලීමට හැකි නම් ඔබ මෙතෙක් නොදුටු සූනියම් දෙවියන්ගේ බලය ඔබට නිසැකවම ලබා ගැනීමට හැකි වනු ඇත. මේ සඳහා ඔබගේ ගෙවත්තේ ඔබ උසට වැඩුණු කොහොඹ පැළයක් තිබීම අනිවාර්යයි. එය නොමැති නම් කොහොඹ පැළයක් සිටුවා හෝ මෙය සිදු කිරීම ඔබට වාසිදායක වනු ඇත. මෙය ඒ තරම්ම බලසම්පන්න වූ විශේෂිත ම ක්‍රමයකි. මෙය මීට පෙර පොතපතින් හෝ පුවත්පත්වලින් හෝ ඔබ අතට පත් නොවුණා විය හැකිය.
ඔබ ගෙවත්තේ ඇති කොහොඹ පැළය අසලට උදේ පාන්දරම ගොස් පහත සඳහන් ක්‍රමවේදය අනුව දිනපතා මෙම වතාවත් මාසයේ පුර පක්ෂයේ දිනවලදී පමණක් සිදු කරන්න. මෙය ‘තෙවලම් සිද්ධිය’ යනුවෙන්ද පැරණි පුස්කොළ පොත්වල සටහන් වී ඇත. එක්දහස් හාරසිය ගණන්වල ලියැවුණ ඉතාම ඉපැරණි පුස්කොළ පොතකද මෙය සඳහන් වී ඇත. එයින්ම අපට වටහාගත හැකි වැදගත්ම කාරණාව වන්නේ එකල විසූ අපේ මුතුන්මිත්තන් පවා සූනියම් දෙවියන් කෙරෙහි අප්‍රමාණ වූ භක්තියකින් යුතුව කටයුතු සිදුකර ඇති බවය. උන්වහන්සේගේ විස්මිත බලය ඇස්පනාපිට ලැබූ අත්දැකීම් මා සතුව ද ඇත. පෙර සඳහන් කළ පරිදි කොහොඹ ශාකය ළඟට අලුයම ගොස් තම දෙඅත් තමා දෙසට හරවා අත්වලට පහත මන්ත්‍රය 21වර කියා කොහොඹ වෘක්ෂය පිරිමැද පසුව තම මුහුණ, හිස අත්වලින් පිරිමදින්න.
මෙය පුර පක්ෂයේ සෑම දිනකම සිදු කරන්න. නැවත නැවත කරන්න. ඔබට ඔබ නොසිතූ ප්‍රතිඵල ඒකාන්ත වශයෙන්ම ලැබෙනු ඇත. දිනපතාම උන්වහන්සේට පින් දෙන්න. බුදුන් වැඳ ශීලයෙහි පිහිටා පිරිසිදු සිතින් සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල නෙළා ගැනීමට ඔබට හැකි වනු ඇත.
මන්ත්‍රය
ඕං වෛක වෛක කෝසම්බ සාකං
කර්මන් ඉප්පා සිද්ධියා ශරිර කාය
මහිද්ධියා බාලං තෙවලම් සුනියම්
දේව ආකර්ෂණම් සිද්ධියා නමඃ
ඔබ බලා සිටියදී ඔබේ මුහුණ කට එළිය වැටී ජනී ජනයා ආකර්ෂණය වී සිතූ පැතූ සම්පත් ලැබී දියුණුවෙන් දියුණුව කරා යනු ඇත.
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ