– පොල් ගස් මිදුලට සුබයි තැඹිලි අසුබයි
– අරලිය වතු සුද්ද මිදුලට එපා
– බෙලි, කිරිපළු, පලොල් ගස්වලට දේව බැල්ම
සොබාදහමේ අසිරිමත් දායාදයක් ලෙස ගස් සහ වැල් හැඳින්විය හැකිය. වන රෝපණය පිළිබඳව බුදු පියාණන් වහන්සේද අනුදැන වදාළ සේක. වේළුවනාරාමයේ උණ ගස් පිරී තිබිණි. දිනක් එක් උණ ගසක් කපා දමා දින කීපයක් ගත විය. උණ ගසේ ලීයට ගුල්ලන් ගසන ලදී. ගස කැපුවේ පුර පෝයටය. ලීය මෙලෙක් වීම නිසා ගුල්ලන් ගසන ලදී. බුදුන් වහන්සේ එම භික්ෂුවට මේ පුර සඳුගේ සහ අව සඳුගේ බලය ගැන ඇතුළත සිද්ධිය වදාළ සේක. එදා සිට භික්ෂුන් වහන්සේට ගස් කැපීම විනය නීතියෙන් තහනම් කළ සේක.
ගස්වලින් වස්දොස් දුරු කරගැනීමටත් සෙසු භාග්‍ය උදාකර ගැනීමටත් නිවැරදි රුක් රෝපණය ගැන තෘණ විද්‍යාඥයින් උපදෙස් දී තිබේ. මිනිසාට හිතකර වායුව ගස්වලින් පිට කරයි. අහිතකර වායුව ගස් උරා ගනියි. ගෙවත්තේ සහ මිදුලේ සිටවිය යුතු ශාක වර්ග තිබේ. උල් සහිත ක්‍රෝටන්, පතොක් වැනි ශාක අහිතකරය. හිරු එළිය ලෙඩ රෝග නසයි. එය හොඳම වෛද්‍යවරයාය. පොල් ගස් මිදුලට සුබය. තැඹිලි අසුබය. අරලිය ශාකය ඉතාම අසුබය. වතු සුද්ද ශාකයද අහිතකරය. කුන්දිරා පොල් සහ රන් තැඹිලි ගස් මිදුලේ ඊසාන, උතුර සහ නැඟෙනහිර දිසාවන්ට සුබයි. කිතුල්, මැන්ගුස් ශාක අයහපත්ය. යක්ෂ භූත බැල්ම වැටේ. කිඩාරම් ශාකය ඉතාම අසුබයි. කනේරු ද අසුබයි. සුරියකාන්ත ගස් නැඟෙනහිර දිසාවේ මිදුලේ වැවීම නිසා සෞභාග්‍යය උදා වේ. නුග, දිවුල්, බෙලි, කිරිපළු, පලොල් වෘක්ෂවලට දේව බැල්ම වැටෙන නිසා සුබ යැයි සැලකේ. රතු පැහැති මල් සහිත ගස් අසුබ වේ. මල් සුවඳට දෙවියන් ප්‍රිය වේ. ජ්‍යොතිෂයේ සඳහන් පරිදි රවිට දුඹුල් ගසද, සඳුට දිවුල් ද කුජට කොලොන් ද බුධට කොහොඹ, ගුරුට බෝ ගසද, සිකුරුට කරඳ, ශනිට නුග, රාහුට වැටකේ, කේතුට කෙසෙල් ගස හිමි වන්නේය.
නිවාස ඉදිරිපිට කෙසෙල් වැවීම සෞභාග්‍යවත්ය. හින්දු සංස්කෘතියේ ඉහළම තලය කෙසෙල් ගසට සහ කෙසෙල් කැනට ලැබේ. කළුවර, ඇත්දෙමට, වීර, පළු ගස් ද විශේෂයෙන්ම පතොක් ඉතාම අසුබ වේ.
මෙවන් රුක් රෝපණය පැරණි කාලයේ සිදු කළේ ඉඩම් ප්‍රමාණය වැඩියෙන් තිබුණ නිසාය. වර්තමානයේ පර්චස් 5ක 3ක වැනි කුඩා පරිමාවක රුක් රෝපණය කිරීමට ද අපහසුය. සියලු වස් දෝෂ භංග වන්නේ විෂ්ණුක්‍රාන්ති ශාකය වැවීම නිසා බැව්ද දැක්වේ. අරලිය ගස් ඉතාම අසුබ වේ. ඉඩමේ දිසාවන්ද බලපෑම් කෙරේ. කෙසේ වෙතත් ඔබේ ගෙවත්ත ඉතාම කුඩා වුවද විෂ්ණුක්‍රාන්ති පැළෑටිය පෝච්චියක ද රෝපණය කළ යුත්තේ මිදුලේ ඊසාන දිසාවේය. සේපාලිකා සහ සමන්පිච්චද ඉතාම සුබදායක වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල