Home » කේන්දරේ හයවැනි භාවය හෙළිකරන රෝගාබාධ

කේන්දරේ හයවැනි භාවය හෙළිකරන රෝගාබාධ

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

මේ ජන්ම පත්‍රයේ හයවැනි භාවය පරීක්ෂා කරද්දී ජන්මියා රෝගාබාධවලට ලක්වන කාලය සහ සුව වන වකවානුව තීරණය කළ හැකියි

මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාවය පරීක්‍ෂා කර ඒ අනුව මේ ජන්මියා රෝගාබාධවලට ගොදුරු වන කාල සීමාවන් සහ ඒවායින් සුවය ලබන කාලසීමාවන් නිගමනය කරන්න.

මෙම ජන්ම පත්‍රයේ හයවැනි භාව ස්ඵුටය ගුරු ග්‍රහයා හිමි ධනු රාශියේ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ශනි ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත.

මෙම ජන්ම පත්‍රයේ ජන්ම අවස්ථාවේ පාලක ග්‍රහයන් වන්නේ; බුධ, සිකුරු, කුජ, සඳු සහ බුධ වෙති.

මෙම ග්‍රහයන් අතරෙන් පොදු ග්‍රහයන්, එනම් ඵලදායී නිවේදක වන්නේ; සිකුරු, කුජ සහ සඳු වෙති.

මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාලසීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියා රෝගාබාධවලින් සුවය ලබයි.

ක්‍රිස්තු වර්ෂ 2013 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින සිට 2029 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාව පවතී.

දැන් පවතින මහ දශාව හිමි ගුරු ග්‍රහයාගේ නිවේදකත්වය බලන්න. ගුරු ග්‍රහයාගේ නිවේදකත්වය 3, 2, 1, 6 සහ 9 දරන භාවවලට යෙදේ. ගුරු ග්‍රහයාගේ මහ දශාව තුළ ජන්මියා ලබන්නේ මෙම භාව ප්‍රභවය වන ප්‍රතිඵල වෙති. මෙහිදී අපගේ ප්‍රශ්නය අනුව ඊට නිවේදකත්වය දෙන භාව මොනවාදැයි තෝරා ගත යුතු වෙයි. අප රෝගාබාධ ගැන විමසීමක් කරන නිසා 1 සහ 6 දරන භාව තෝරා ගමු.

ගුරු ග්‍රහයා සඳු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයාගේ නිවේදකත්වය 12, 3, 5, 10 සහ 1 දරන භාවවලට යෙදේ. ඒ නිසා සඳු ග්‍රහයා නිවේදකත්වය දරන 1 සහ 5 වැනි භාවය අනුව ජන්මියා යහපත් ප්‍රතිඵල වන සුවය ලබයි.

මෙම භාව ප්‍රතිඵලවල සුබ හෝ අසුබ බව, ගුරු ග්‍රහයා තැන්පත්ව සිටින උපස්ථානය අධිපති ග්‍රහයා වන ගුරු ග්‍රහයා නිගමනය කරයි. ගුරු ග්‍රහයාගේ නිවේදකත්වය 3, 2, 1, 6 සහ 9 දරන භාවවලට යෙදේ. මෙහි ගුරු ග්‍රහයා 1 සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයෙකු හෙයින් මෙම කාලය තුළ ජන්මියා රෝගාබාධවලට ගොදුරු වෙයි.

ක්‍රිස්තු වර්ෂ 1995 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින කුජ ග්‍රහයාගේ මහ දශාව ගෙවී ඇත.

ක්‍රිස්තු වර්ෂ 2013 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා රාහු ග්‍රහයාගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2029 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2048 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා ශනි ග්‍රහයාගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2021 ජූලි මාසයේ 21 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 21 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාවේ සිකුරු ග්‍රහයාගේ භුක්තිය පවතියි.

මෙම කාලසීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. දැන් ගුරු ග්‍රහයා මීන රාශියේ 12 12 හි සිටියි. මෙම ස්ථානය ගුරු ශනි සහ කුජ යන ග්‍රහයන් පාලනය කරයි. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 2023 අප්‍රේල් මාසයේ 23 වැනි දින සිට කුජ හිමි, මේෂ රාශියේ ගෝචරය වෙයි. 2023 ජුනි මාසයේ 23 වැනි දින සිට කුජ හිමි, මේෂ රාශියේ සිකුරු හිමි නක්‍ෂත්‍රයට ඇතුළු වී ඉදිරියට ගොස් 2023 සැප්තැම්බර් මාසයේ 5 වැනි දින වක්‍රව ආපසු ගමන් කරයි. මෙම කාලසීමාව යහපත්ය.

2023 ජුනි මාසයේ 23 වැනි දින සිට කුජ හිමි, මේෂ රාශියේ සිකුරු හිමි නක්‍ෂත්‍රයට ඇතුළු වී ඉදිරියට ගොස් 2023 සැප්තැම්බර් මාසයේ 5 වැනි දින වක්‍රව ආපසු ගමන් කරයි. එතැන් සිට වක්‍ර ගමනින් 2023 නොවැම්බර් මාසයේ 21 වැනි දින දක්වා කුජ හිමි, මේෂ රාශියේ සිකුරු හිමි නක්‍ෂත්‍රයේ ගමන් කරයි. මෙම කාලසීමාව යහපත්ය.

මෙම කාලසීමාව තුළ රවිගේ ගෝචර ගමන බලන්න. 2023 ඔක්තෝබර් මාසයේ 17 වැනි දින සිට සිකුරු හිමි තුලා රාශියේ සහ 2023 ඔක්තෝබර් මාසයේ 24 වැනි දින දක්වා කුජ හිමි නක්‍ෂත්‍රයේ ගමන් කරයි. මෙම කාලසීමාව යහපත්ය.

ඊළඟට සඳුගේ ගෝචර ගමන බලා දිනය නිගමනය කරන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division