Home » ශ්‍රී ලංකා ප්‍රථම එක්දින ද්විත්ව ශතකය පැතුම්ගෙන්

ශ්‍රී ලංකා ප්‍රථම එක්දින ද්විත්ව ශතකය පැතුම්ගෙන්

by Mahesh Lakehouse
February 10, 2024 12:34 am 0 comment

එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ පැතුම් නිශ්ශංක, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම තරගයකදී ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳහෙලීය. සංචාරක ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා පැවැති පළමු එක්දින තරගයේදී පැතුම් නිශ්ශංක මෙම ඉතිහාසගත දක්ෂතාව ප්‍රදර්ශනය කළේය. වසර 2000 දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමින් පැතුම් පන්දු 139කදී හයේ පහර 8ක් හා හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගත්තේය.

(සේයාරුව – සුදත් නිශාන්ත)

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division