Home » සාමාන්‍ය පෙළ විභාගයේ නිල නිවේදනය ළඟදීම

සාමාන්‍ය පෙළ විභාගයේ නිල නිවේදනය ළඟදීම

by Mahesh Lakehouse
February 10, 2024 12:33 am 0 comment

මැයි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ නිල නිවේදනය ළඟදීම නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ විභාගය කල් යාමට ඉඩ ඇති බවට පැතිරි යන ප්‍රවෘත්තිය පිළිබඳව සිළුමිණ කළ විමසීමේදීය.

2022 (2023) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කාර්යයන් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව ද විභාග කොමසාරිස්වරයා පවසයි. ඒ සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රු. 1,450.00 සිට රු. 2,000.00ක් දක්වා වැඩිකර ගෙවන ලද අවම සංහෘත දීමනාව 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

තව ද ඇගැයීම් කාර්යයන් සඳහා සහභාගි වන ප්‍රධාන පාලක පරීක්ෂකවරුන්, සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා සමස්ත කාර්ය වෙනුවෙන් 2022 (2023) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් සඳහා සංශෝධනය කර ගෙවන ලද දීමනාවන් 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් කාර්යයන් සඳහා ගෙවීමට ද අනුමැතිය ලැබී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division