Home » ශ්‍රී ලාංකේය ඇඟලුම් ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දුන් CIB විලාසිතා දැක්ම

ශ්‍රී ලාංකේය ඇඟලුම් ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දුන් CIB විලාසිතා දැක්ම

by gayan
February 17, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය රෙදිපිළි සහ ඇඟලුම් විලාසිතා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යාමේ අරමුණු ඇතිව, සී/ස විජය සමූ ව්‍යාපාරට අනුබද්ධීත CIB ෂොපින් සෙන්ටර් ජාලය විසින් පෙබරවාරි 14 වැනිදාට යෙදුණු ආදරවන්තයින්ගේ දිනයේ දී කොළඹ Independence squire arcade පරිශ්‍රයේදි අති දැවැන්ත විලාසිතා දැක්මක් (Fashion show) ඉදිරිපත් කළේය.

මෙම Fashion Show වැඩසටහන තුළ විලාසිතා ඉදිරිපත් කිරිමට Ruki model academy හි ප්‍රධානි රුක්මාල් ප්‍රමුඛ නිරූපණ නිරුපීකාවන් කටයුතු කළ අතර, ශ්‍රී ලාංකීය රෙදිපිළි විලාසිතා ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට හැකි ඉසව් ඉස්මතු කරමින් මෙම විලාසිතා දැක්ම ඉදිරිපත් කිරීමට මේ සෑම පාර්ශ්වයක්ම ඉමහත් දායකත්වයක් දැක්වීය.

CIB ශාඛා ජාලය Premium clothing සන්නාමය යටතේ සිය පාරිභෝගිකයා වෙනුවෙන් ඉදිරියේ දී මෙම විලාසිතා ඉදිරිපත් කිරීමට සූදානම් අතර, එහි පළමු පියවර වූයේ මෙම විලාසිතා දැක්මයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division