ශ්‍රී ලාංකේය රෙදිපිළි සහ ඇඟලුම් විලාසිතා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යාමේ අරමුණු ඇතිව, සී/ස විජය සමූ ව්‍යාපාරට අනුබද්ධීත CIB ෂොපින් සෙන්ටර් ජාලය විසින් පෙබරවාරි 14 වැනිදාට යෙදුණු ආදරවන්තයින්ගේ දිනයේ දී කොළඹ Independence squire arcade පරිශ්‍රයේදි අති දැවැන්ත විලාසිතා දැක්මක් (Fashion show) ඉදිරිපත් කළේය.
මෙම Fashion Show වැඩසටහන තුළ විලාසිතා ඉදිරිපත් කිරිමට Ruki model academy හි ප්‍රධානි රුක්මාල් ප්රමුඛ නිරූපණ නිරුපීකාවන් කටයුතු කළ අතර, ශ්‍රී ලාංකීය රෙදිපිළි විලාසිතා ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට හැකි ඉසව් ඉස්මතු කරමින් මෙම විලාසිතා දැක්ම ඉදිරිපත් කිරීමට මේ සෑම පාර්ශ්වයක්ම ඉමහත් දායකත්වයක් දැක්වීය.
CIB ශාඛා ජාලය Premium clothing සන්නාමය යටතේ සිය පාරිභෝගිකයා වෙනුවෙන් ඉදිරියේ දී මෙම විලාසිතා ඉදිරිපත් කිරීමට සූදානම් අතර, එහි පළමු පියවර වූයේ මෙම විලාසිතා දැක්මයි.