Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර, එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය සඳහා ජනතාව – Greenpeace ඉන්දියානු සාගර නැව් චාරිකාව 2024’ දියත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම උත්සව අවස්ථාව අමතමින් Greenpeace South Asia හී අධ්යක්ෂ මණ්ඩල සාමාජික, පරිසරවේදී ජෙහාන් කනගරත්න මෙසේ සඳහන් කළේය. “දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි අවම බලපෑමක් සිදු කළද, දකුණු ආසියාවේ ජෛව විවිධත්වයෙන් අනූන රටක් ලෙස අප ද යම් අසමාන බලපෑමකට ලක්ව සිටිනවා. එබැවින් අපි ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස සඳහා කැපවූ පදනමක් වන Greenpeace South Asia සහ අනෙකුත් ප්‍රාදේශීය පාරිසරික ව්‍යාපාර සමඟ එකතු වී ඒ වෙනුවෙන් පෙනී සිටීම අත්‍යවශ්‍ය කරුණක්…”