Home » තිරසාර සංවර්ධනයකට “පියුරිටාස් සත් දියවර”

තිරසාර සංවර්ධනයකට “පියුරිටාස් සත් දියවර”

by gayan
February 17, 2024 12:30 am 0 comment

හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ හේකාබ් ආයතනය, ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය, අධ්‍යාපනික සහ සමාජීය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් “පියුරිටාස් සත් දියවර” වැඩසටහන දියත් කළේය.

උතුරුමැද සහ ඌව ප්‍රදේශවල ජනතාවට මුහුණ දී තිබෙන දරුණු වකුගඩු රෝගයට බලපා ඇති ප්‍රධාන හේතුව වන පිරිසුදු පානීය ජලය හිඟකමට පිළියමක් ලෙස, හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් අද වන විට ගම්මාන 23 ක 43,800 ක් පමණ ජනතාවක් වෙත පිරිසුදු පානීය ජලය සපයනු ලබන අතර, මෛත්‍රීපුර – පදවිය, මහියංගනය – ගින්නෝරුව, විරාණගම සහ ආනන්තපුරම් යන

ප්‍රදේශවල ජල පිරිපහදු ඒකක පිහිටුවීම සඳහා හේකාබ් ආයතනය පූර්ණ අනුග්‍රහය දක්වන ලදි.

2023 වන විට, “පියුරිටාස් සත් දියවර ඉදිරියට” වැඩසටහන මඟින් හේලීස් ආයතනය පාසල් 23 කට ඉගැන්වීම සහ ඉගෙන ගැනීම තුළින් විශිෂ්ටත්වය කරා යාමට කැප වූ ඉගනුම් ආධාරක පහසුකම් සලසනු ලැබීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division