Home » තේ ගොවීන් නැංවීමට ඩයලොග් ‘ගොවි මිතුරු’ සහ තේ පර්යේෂණායතනය එක් වේ

තේ ගොවීන් නැංවීමට ඩයලොග් ‘ගොවි මිතුරු’ සහ තේ පර්යේෂණායතනය එක් වේ

by gayan
February 17, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි උපදේශන මොබයිල් සේවාවක් වන ‘ගොවිමිතුරු’සේවාව, මෙරට කෘෂි ක්ෂේත්‍රයේ නිරත වන පිරිසට අත්වැලක් ලෙසින් හඳුන්වා දෙනු ලැබූවකි. එමගින්, තේ වගාකරුවන්ට හොඳම විසඳුම් පිරිනමමින් ‘ගොවිමිතුරු’ හරහා සමස්ත තේ ක්ෂේත්‍රය නගා සිටුවීම පිණිස ශ්‍රී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක හා අනුගතව, නවීනතම ඩිජිටල් කෘෂි විසඳුම් පිරිනමමින්, සමස්ත තේ ක්ෂේත්‍රයේ නවීකරණයන් සිදුකිරීම සඳහා වන මුලපිරීමක් ලෙසින්ද, ‘ගොවිමිතුරු’හැඳින්විය හැකිය.

මේ වන විටත්, මෙරට තේ ගොවීන් 35,000 කට අධික පිරිසක්, ‘ගොවි මිතුරු හා සම්බන්ධ වී සිටිති.

තමන් වගා කරන බෝග සම්බන්ධයෙන් නිසි කලට නිසි තොරතුරු දැනගැනීම සඳහා වන මූලාශ්‍රයන්හි හිඟකම, මෙරට තේ ගොවීන් මෙන්ම අනෙකුත් ගොවීන්ද මුහුණපාන බරපතළ ගැටලුවට විසඳුමක් වශයෙන්, තේ ද ඇතුළුව බෝග 32ක් සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ගෙන ඒම, ‘ගොවිමිතුරු’ සේවාව මගින් සිදු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division