යූනියන් ඇෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ රක්ෂණ සහ තක්සේරු අධ්‍යයන අංශය, 2024 ජනවාරි 22 වන දින අවබෝධතා ගිවිසුමකට (MOU) අස්සන් තැබීය.
මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ, ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රායෝගික අත්දැකීමක් සහ පළපුරුද්දක් ලබා දෙමින් උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් සාර්ථක වේදිකාවක් නිර්මාණය කිරීම ය.
මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී ඉම්තියාස් අනිෆ් සඳහන් කළේ,
“මේ සහයෝගීතාව, ක්ෂේත්රයේ ඊළඟ පරම්පරාවේ නායකයින් පෝෂණය කිරීමටත්, ඔවුන්ට සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුසලතා සහ අත්දැකීම් ලබා දීමටත් අප තුළ ඇති කැපවීම තවත් ශක්තිමත් කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්…”යනුවෙනි.