Home » NDB bank Remit Saver හඳුන්වා දෙයි

NDB bank Remit Saver හඳුන්වා දෙයි

by gayan
February 17, 2024 12:30 am 0 comment

මූල්‍ය අන්තර්කරණය ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමගාමීව “NDB Remit Saver” ගිණුම් පහසුකම එළිදැක්වීම සිදු විය. විදේශ රටවල රැකියා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්, මේ වන විටත් විදේශ රැකියාවල නියුතු පුද්ගලයින්, විදේශ රටවල ස්ථිර පදිංචිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් ඔවුන් බලගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

NDB Remit Saver ගිණුමේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස එහි තරඟකාරී පොළී අනුපාතය හැඳින්විය හැක. රුපියල් 1,000ට වැඩි තැන්පතු සඳහා ලබා දෙන සාමාන්‍ය ඉතිරිකිරීම් පොළී අනුපාතයට වඩා 1%ක පොළී අනුපාතයක් (දැනට 3.50%) මෙම ගිණුම සඳහා ලැබේ.

මූල්‍යකරණය නව මානයකට රැගෙන යන මෙම ගිණුමට සුවිශේෂී රක්ෂණාවරණයක් ද ඇතුළත් කර තිබේ. Remit Saver ගිණුම ආරම්භ කරන විදේශ ශ්‍රමිකයා ගේ පවුලේ සාමාජිකයන් (බිරිඳ හෝ සැමියා සහ වයස අවුරුදු 18 අඩු දරුවන්) එමඟින් ආවරණය වේ. ගිණුම් හිමියා අවිවාහක නම් ඔහුගේ හෝ ඇයගේ මවුපියන්ට අදාළ රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැක.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division