ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස සිය කටයුතු ආරම්භ කර තිබේ.
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූලව විභේදනය කිරීමත් සමඟ නිල වශයෙන් නව පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇත. මෙම සුවිශේෂී ගමනාරම්භය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (Insurance Regulatory Commission Of Sri Lanka) විසින් සකස් කරන ලද නියාමන රාමුවට අනුකූලව 2024 පෙබරවාරි 1 සිට බලාත්මක වේ. රජය සතු රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ උන්නතිය සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙන අතර, රක්ෂණ ක්ෂේත්රයේ දියුණුවට හේතු වූ පුරෝගාමියකු ලෙසද හැඳින්විය හැක.
මෙහිදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් යන ආයතන දෙකෙහි පිහිටුවීම සංකේතවත් කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම වෙත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයන් පිළිගැන්වීය.