ඩයලොග් ආසිආටා පී.එල්.සී හි, සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක විසින් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මී වෙත අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව. ඩයලොග් ආසිආටා පී.එල්.සී හි ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී මොහොමඩ් ගසාලි (වම්පසින්), ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ භාණ්ඩාගාරික, පද්මිණී හොරණගේ (දකුණුපසින්) සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ කමිටු සාමාජිකා චම්පා ගුණවර්ධන යන අය ද ඡායාරූපයෙහි වෙති.
ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පෝෂණය කරමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්රය සවිබල ගැන්වීම උදෙසා නිරතුරුවම කැපවන ඩයලොග් ආසිආටා පී.එල්.සී මෙවර පැවැත්වෙන ඩයලොග් ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ තෙවැනි අදියර සඳහා සාඩම්බර අනුග්‍රාහකත්වය පිරිනමනු ලබයි.
ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය පෙබරවාරි 17 සහ 18 දෙදින කොළඹ ඩී.එස්. සේනානායක පිටියේදී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් පූර්ව සහ අවසන් මහා තරග 18 වැනිදාට යෙදී තිබේ. මෙම ඩයලොග් ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතා 2023 තරගාවලිය, දිවයින පුරා සිටින වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩිකාවන් ඉලක්ක කරගනිමින්, ඔවුනගේ දක්ෂතා හඳුනාගෙන ක්‍රීඩාවේ මීළඟ තලයට රැගෙන යෑම පිණිස පුහුණුව ලබාදීමට අවකාශ සැලසෙන සේ වාර්ෂිකව පවත්වන්නකි.
ජාතික නෙට්බෝල් තරගාවලිය බලගැන්වීම පිණිස වූ සිය කැපවීමේ තවත් කොටසක් ලෙසින් ඩයලොග් විසින් මෙහි අවසන් පූර්ව සහ අවසන් මහා තරග 18 වැනි ඉරිදා පස්වරු 12 සිට thepapare.com ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර, එයට අමතරව අදාළ අවසන් මහා තරගය එදින පස්වරු 4.30 සිට Dialog Television චැනල් අංක 63 ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උලෙළ බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේ ද ප්රමුඛ අනුග්රාහකයකු වේ.