හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා
කෘතිය- හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා
කර්තෘ – රාජකීය පණ්ඩිත අති පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසිංහ නාහිමි
ප්රකාශනය – පාත්ෆයින්ඩර් පදනම
පිටු – 123
මිල – රු 650
රාජකීය පණ්ඩිත අති පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසිංහ නාහිමිපාණන් විසින් රචිත ස්වයං චරිතාපදානයේ නවතම සංස්කරණයයි. මෙම කෘතිය හේන්පිටගෙදර ඤාණසිංහ නාහිමිපාණන් විසින් අපවත් වීමට පෙර රචනා කර ඇත්තේ මට මතක ඇති පැරණි සිදුවීම් යනුවෙනි. උන් වහන්සේගේ ගිහි ජීවිතය මෙන්ම ශිෂ්‍ය ජීවිතය, අනතුරුව සමාජයේ විවිධ අවස්ථා, රත්නපුර සමාජ හා අධ්‍යාපනික සේවාවන්හි නිරතවී සිටි ආකාරය ඇතුළු රසවත් සිදුවීම්වලින් මෙම කෘතිය නිර්මිත වී ඇත.
මාසික සාහිත්‍ය දේශනය පෙබරවාරි 21 දා
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළට සමගාමීව මාසිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ දේශන මාලාවේ දෙවැන්න මෙම මස 21 වැනිදා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පස්වරු 4ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකේය ඉතිහාස සාහිත්‍යයේ භාව සරාගී ධාරණය මැයෙන් මෙවර දේශනය පවත්වනු ලබන්නේ සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත විසිනි. මාසික සාහිත්‍ය දේශන මාලාව පවත්වනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.
මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ පොත් දෙකක් එළි දැක්වේ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් රචිත නිදහසින් පසු සිංහල භාෂාවේ මඟ සලකුණු, 1948-2023 හා සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය (නවසංස්කරණය) යන ග්රන්ථ හඳුන්වා දීමේ උත්සවය පෙබරවාරි 20 වැනිදා ප.ව. 3ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදි සිදුකෙරේ. සම්මානිත මහාචාර්ය ජේ. බි. දිසානායක මුලසුන හොබවන අතර, කරුණාරත්න පරණවිතාන හා සමුද්‍ර වෙත්තසිංහ මෙහිදි කෙටි දෙසුම් පවත්වති.
අරිසෙන් අහුබුදු පද්‍ය රචනා තරගය
හෙළ බස උදෙසා උදාර මෙහෙවරක් කළ කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන් සමුගෙන වසර 13 ක් සැපිරීම නිමිති කරගෙන අරිසෙන් අහුබුදු පදනම අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පද්‍ය රචනා තරගය පිළිබඳ විස්තර www.ahubudu.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි වන අතර තරගයේ අවසන් දිනය 2024 අප්‍රේල් 30 වැනිදාය.
චන්ද්‍රිකා ගම්ලත්ගේ ‘මම’ කාව්‍ය සංග්‍රහය
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ගුරුවරියක වන චන්ද්‍රිකා ගම්ලත් විසින් රචිත මම කාව්‍ය සංග්‍රහය පසුගිය 12 වැනිදා සඳුදා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශාලාවේදී ජනගත විණි.
දරුවන්ට ඔවදන්, ගුරු අරගලය, දේශාභිමානය, ස්වභාවධර්මය පාදක කරගනිමින් ලියැවුණු මේ කාව්‍ය සංග්‍රහය එළි දුටුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ හා ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදරගේ ප්‍රධානත්වයෙනි.