440
හෝමාගම NSBM හරිත සරසවිය පෙබරවාරි 17 සහ 18 යන දෙදින පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා “හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබේ. මෙම දින දෙක පුරාවට NSBM පරිශ්‍රය වෙත පැමිණ එහි පහසුකම් දැක බලා ගනිමින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ විවිධ උපාධි පාඨමාලාවන් පිළිබඳ විස්තර දැන ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ප්‍රදර්ශනයන්ට සමගාමීව ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන ප්‍රදර්ශන, ක්‍රීඩා තරඟ සහ විනෝදාත්මක අංග රැසක් සංවිධානය කර ඇත.