649
මධ්‍යම පළාත් සාම විනිසුරු නිදහස් සංසදයේ සභාපති මහිලාල් සිල්වා මහතා වෙත දේශාභිමානී, ලංකාපුත්‍ර, ශාසන හිතකාමී ගරු නාම සම්මුතිය පිරිනමා තිබේ. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා උන්නතිය උදෙසා සිදු කළ මෙහෙය අගයනු වස් මහනුවර, හන්තාන සිරි ධම්මරතන ත්‍රිපිටක ධම්මායතනය විසින් මෙම ගරු නාම සම්මුතිය පිරිනමා ඇත. අමරපුර මහා සංඝ සභාවේ සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අනුනායක දොඩම්වල ධම්මරතන හිමිපාණන් වහන්සේ අතින් මහිලාල් සිල්වා මහතා නාම සම්මුතිය ලබාගත් අයුරුයි මේ.